ශ්‍රී ලංකා ටෙලිකොම් Voice App සේවාව හඳුන්වා දෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා ටෙලිකොම් Voice App සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම්(SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා (Voice connection) සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් SLT Voice App හඳුන්වාදීමට සැදී පැහැදී සිටියි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ද පළමු වරට දියත්වන මෙම SLT Voice App නම් මෙම නවෝත්පාදනය ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වාදීමට ලැබීම ශ්‍රී ලංකා ටෙලිකොම් ලද ගෞවරයකි.

ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රියාකාරී වෘත්තිකයන්, විධායකවරුන්, යෞවනයන්, තරුණ වැඩිහිටියන් හා ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල පරිශීලකයන් සියල්ලම පාහේ, වේගයෙන් පෙරට ඇදෙන ලෝකය සමගින් ස්මාර්ට් දුරකථන, ස්මාර්ට් ටැබ්ලට් පරිගණක හා ස්මාර්ට් උපාංග බහුලව භාවිතා කරයි. විශේෂයෙන්ම යොවුන් පරපුර විවිධාකාරයේ යෙදුම් හරහා අන්තර්ජාල ඇමතුම් ලබාගැනීමට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි. වර්තමානයේදී පාරිභෝගිකයන් දියුණු තාක්ෂණික යෙදුම් App සමඟ සමීපවීමත් සමගින්, ස්ථාවර දුරකථයට පවා ඩිජිටල් නාමාවලියක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. එබැවින් දුරකථනයේම ඇතුළත් නාමාවලිය හා ප්‍රායෝගික ජංගමතාව වැනි විශේෂාංග ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන පාරිභෝගිකයන්ගේ තෘප්තිමත්භාවය තවත් ඉහළට ඔසවා තබනු නොඅනුමානය. සැබැවින්ම SLT Voice App යනු මෙම අංශයට වඩාත් උචිත නවොත්පාදනයයි.

Comments