ඇමරිකාවෙන් ඩොලර් මිලියන 70ක ණය මුදලක් | සිළුමිණ

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 70ක ණය මුදලක්

මේ ණය මුදල පිරිනැමුණු ව්‍යාපෘතියෙහි සංවර්ධන ඉලක්කය වනුයේ වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහාa ප්‍රාදේශීය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සේවා වැඩිදියුණු කිරීම හා ආර්ථික යටිතල පහසුකම් හා ආයතනික සංවර්ධනය තුළින් අදාළ පළාත් තුළ ආර්ථික සංවර්ධනයට සහාය වීම තුළින් පළාත් පාලන ආයතන සවිබල ගන්වමින් පළාත්වල ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීමයි.

ඉහත ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් වන අතර එයින් cමරිකානු ඩොලර් මිලියන 70ක මුදල අන්තර්ජාතික සංවර්ධන සමායතනය වෙතින්ද රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් හා ඉතිරිය යුරෝපා සංගමය වෙතින් ප්‍රධානයක් ලෙසද ලබා ගනු ලැබේ.

මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සමස්ථ වගකීම පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවරෙන අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද හා ඌව යන පළාත්වල පළාත් පාලන ආයතන 134 ක් ආවරණය වන පරිදි, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය (IDA) විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන‍ 70 ක ණය පහසුකමක් ලබා දීමට එකඟතාවය පළකර ඇත.

මේ ණය ගිවිසුම අත්සන් කිරීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ Idah z-Pswarayi-Riddihaugh,මිය විසින් සිදු කරන ලදී.

අදහස්