2019 වසරේ ඡන්දහිමි නාමලේඛනයේ ආකෘති පත්‍ර බෙදාහැරීම අද සිට | සිළුමිණ

2019 වසරේ ඡන්දහිමි නාමලේඛනයේ ආකෘති පත්‍ර බෙදාහැරීම අද සිට

2019 වසර සඳහා වන ඡන්ද නාමලේඛන බී.සී. ආකෘති පත්‍ර බෙදාහැරීමේ කටයුතු අද දින(15) සිට ආරම්භ වේ. බී.සී ආකෘති පත්‍රය සමග තවත් ලේඛනයක් සම්පූර්ණ කිරීම සඳහා ජනතාවට ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.වයස අවුරුදු 16ත් 18ත් අතර පසුවන්නන් සම්බන්ධයෙන් එම ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.එමෙන්ම අදාළ ලේඛනයේ ආබාධිත පුද්ගලයින් පිළිබඳව සඳහන් කළ යුතුය.ආබාධිත පුද්ගලයන් සඳහා වන නිසි දත්ත පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් මෙය සිදුකරන අතර එ මගින් මැතිවරණ අවස්ථාවල දී ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සලසා දිය හැකිවන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.බී.සී ආකෘති පත්‍ර එකතුකිරීම ලබන මස පළමුවනදා සිට සිදු කිරීමට නියමිතයි.

Comments