Uber Eats බෙදාහරින්නන් රක්‍ෂණයට | සිළුමිණ

Uber Eats බෙදාහරින්නන් රක්‍ෂණයට

අන්තර්ජාලය ඔස්සේ ආහාර බෙදාහැරීමේ දැවැන්ත සමාගමක් වන ඇමෙරිකාවේ Uber Eats සමාගම ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා රක්‍ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රක්‍ෂණ ක්ෂ්ත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Allianz Insurance Lanka Ltd සමඟ එක්වී දියත් කෙරිණි. Uber Eats ආයතනයේ මඟපෙන්වීමට අනුව ඇනවුම් බාරදීමේ ක්‍රියාවලියේ යෙදෙමින් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින බෙදාහැරීමේ ජාලයට ආරක්‍ෂක දැලක් සැපයීම මෙම රක්‍ෂණ වැඩසටහනෙ අරමුණ විය.

Uber Eats App ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධවී මහා මාර්ගවල ගමන්කරමින් ඇනවුම් සැපයීමේ නිරතවන Uber Eats හවුල්කරුවන් සඳහා මෙම සුවිශේෂී රක්‍ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එහිදී හදිසි මරණයකදී, අර්ධ හෝ පූර්ණකාලීනව ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5 ක් දක්වා සහ හදිසි අනතුරකින් රෝහල් ගතවීමකදී මෙන්ම බාහිර ප්‍රතිකාර ලබාගැනීමේදී රුපියල් ලක්‍ෂ 2 ක් දක්වා මුදල් මෙම රක්‍ෂණ වැඩසටහනෙන් ගෙවනු ලැබේ.

Uber Eats App හරහා සිදුකරන පළමු ඇනවුමේ සිට බෙදාහැරීමේ හවුල්කරුවන් මෙම රක්‍ෂණ වැඩසටහනින් ආවරණය කෙරේ. මෙම සුවිශේෂ රක්‍ෂණ ආවරණ ක්‍රමය සඳහා බෙදාහැරීමේ හවුල්කරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. එමගින් ඔවුන්ට යහපත් මනසක් සහ නිදහසේ ආශ්වාදය අත්විඳිමින් Uber Eats ඇනවුම් හවුල්කරුවකු වශයෙන් මුදල් ඉපැයීමේ අවස්ථාව උදාකර දී තිබේ.

අදහස්