Homelux ව්‍යාපාර සගයන්ට Butterfly ඉන්දියානු කර්මාන්ත ශාලාව නැරඹීමට අවස්ථාවක් | සිළුමිණ

Homelux ව්‍යාපාර සගයන්ට Butterfly ඉන්දියානු කර්මාන්ත ශාලාව නැරඹීමට අවස්ථාවක්

Avarna සමූහය යටතේ ක්‍රියාත්මක Homelux (Pvt) Ltd ආයතනය මගින් ඔවුන්ගේ ව්‍යාපාර සඟයන් 25 දෙනෙක් සඳහා ඉන්දියාවේ පිහිටි ඔවුන්ට අයත් ඊමඑඑැරකෙහ ෂබාස් කර්මාන්ත ශාලාවේ සංචාරය කිරීමේ අවස්ථාව හිමි කර දෙන ලදී. Homelux (Pvt) Ltd ආයතනය 2014 වසරේ පටන් ශ්‍රී ලංකාවේ ගෘහණියන් සඳහා අවශ්‍ය ලෝක ප්‍රකට මුළුතැන්ගේ උපකරණ සදහා විශේෂඥ සැපයුම්කරුවෙක් සහ බෙදාහරින්නෙක් ලෙසින් කටයුතු කරමින් සිටින අතර ලෝකයේ ඇති අනර්ඝතම නිෂ්පාදන හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකිකයන් වෙත ඔවුන්ගේ අවශ්‍යතාවට ගැළපෙන හොඳම තේරීම සිදුකිරීමේ අවකාශය ලබාදීමේ ගෞරවය Homelux වෙත හිමිකරගෙන සිටියි.

ඉන්දියාවේ මුළුතැන්ගෙයි උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුඛතම නාමයක් ලෙසින් වසර 40කට වැඩි ඉතිහාසයක් Butterfly India කම්හල සතුයි. එහිදී ගෑස් ළිප්, ප්‍රෙෂ්ර් කුකර්, මික්සර් ග්‍රයින්ඩර්, වෙට් ග්‍රයින්ඩර්, ෆ්ලාස්කු, ඉවුම් පිහුම් උපකරණ සහ වෙනත් මුළුතැන්ගේ උපාංග ඇතුළු මාදිලි කිහිපයක් ඔවුන්ගේ නාමය යටතේ නිෂ්පාදනය කෙරෙනවා. ඉන්දියාවට පළමුවරට මළ නොබැඳෙන ප්‍රෙෂර් කුකර්, ගෑස් කුකර් සහ වැකුම් ෆ්ලාස්කු හඳුන්වාදීමේ ගෞරවය Butterfly India ආයතනය සතුයි. එමෙන්ම ගෑස් කුකර් සහ මේසය මත තබන වෙට් ග්‍රයින්ඩර්ස් නිෂ්පාදනය සඳහා වන ISO – 9001 සහතිකය පළමුවරට දිනාගත් ආයතනය වන්නේද එයයි.

වර්තමානය වන විට 2 600කට අධික කාර්ය මණ්ඩලයක් එහි සේවයේ නිරත අතර, ශ්‍රී ලංකාවට අමතරව අමෙරිකා එක්සත් ජනපදය, මොරීෂස්, ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කෙරෙනවා.

අදහස්