ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල 

මේෂ

දියුණුවක් ලබයි

ලග්නාධිපති කුජ තුන්වැන්නේ ද, 3 අධිපති බුධ ලග්නයේ රවි, සිකුරු සමඟ සිටී. එම ග්‍රහ පිහිටීම තුළ ගමන්බිමන් අධිකයි. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී සන්නිවේදන ක්ෂේත්‍ර, පරිගණක ක්ෂේත්‍ර, ලියකියවලි සම්බන්ධයෙන් කටයුතුවල යෙදී සිටින අයට කිසියම් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභදයකයි. දයුණුවක් ලබයි. ගෙදරදොර කටයුතු, යුගදවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. ලේ දූෂ්‍යාබාධ, වෛරස් රෝග, විෂබීජ ශරීරයට ඇතුළුවීම යනාදියෙන් ප්‍රවෙසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

වෘෂභ

බාධා සහිතයි

ලග්නාධිපති සිකුරු රවි, බුධ 12 සිටී. ලග්නයෙන් අටේ ශනි, කේතු සිටී. ගුරු 7 වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය හා රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් උද්ගත කරයි. එම නිසා තරමක් කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම් ශුභදායක නොවේ. ආදයම් ලැබුණ ද වියදම් අධික වනු ඇත. ගෙදරදොර කටයුතු කරගෙන යෑමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උද කරයි. උෂ්ණාධික රෝගයන්, බෝවන රෝග, ලේ දූෂ්‍යාබාධ, ස්නායු දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය-0 නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිථුන

සමපලයි

ලග්නාධිපති බුධ, සිකුරු, රවි සමග අයස්ථානයේය. නි, කේතු 7 ද, ගුරු 6 ද ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී තමාගේ කටයුතු කරගත යුත්තේ බාධා අවහිරතා මධ්‍යයේය. වෘත්තීය හා රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී යම් ප්‍රම­ාදතා මධ්‍යයේ තමාගේ කටයුතු සාර්ථක කරගැනීමට සිදු වේ. ආදායම ලැබීම අතින් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් පසු වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අවහිරතා ඉස්මතු වුවත් උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ස්නායු, නහර දුර්වලතා, ශරීරයට විෂබීජ ඇතුළුවීම යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

වියදම් වැඩියි

යෝගකාරක කුජ, රාහු 12 ද, රවි, බුධ, සිකුරු 10 ද ශනි, කේතු හයවැන්නේ ද ගුරු 5 ද ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම් තුළ ගමන්බිමන්වල දී තරමක් ප්‍රවේසම් විය යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වන නිසා කල්පනාකාරී වන්න. ආදයම් ලැබීම යහපත් වුව ද මුදල් ඉතිරි කර ගැනීම අසීරුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානයෙන් සිටීම අවශ්‍යයි. උෂ්ණාධික රෝගයන්, ලේ දූෂ්‍යාබාධ, නීතිමය ප්‍රශ්න යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

ක්‍රමයෙන් දියුණුව

ලග්නාධිපති රවි, බුධ, සිකුරු භාග්‍යස්ථානයේය. කුජ අයස්ථානයේය. රාහු සමඟයි. ශනි, කේතු පස්වැන්නේය. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා වනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමඟියට සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උදරාශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

බාධා සහිතයි

ලග්නාධිපති බුධ සිකුරු, රවි අටේය. ශනි, කේතු 4 ද, කුජ, රාහු 10 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථක සහ මූල්‍යමය වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරගත හැකිය. ගෙදරදොර කටයුතු කටයුතු මෙන්ම යුගදිවිය යහපත්ය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උද කරනු ඇත. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

ආර්ථික වාසි

කුජ, රාහු 9 ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම් සලකා බැලීමේ දී එම කාල සීමාව තුළ එතරම්ම යහපත් නොවේ. තමා බලාපොරොත්තු වන තරමට කටයුතු සාර්ථක නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. යම් බාධාකාරී ගති ඉස්මතු විය හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත්ය. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරගත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

වෘශ්චික

බුද්ධිමත් වන්න

ලග්නාධිපති කුජ අටවැන්නේය. ගුරු වක්‍රව ලග්නයේය. ශනි, කේතු 2 සිටී. එම ග්‍රහ ගෝචරය තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් පෙන්නුව ද විටෙක බාධාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් ශුභදයක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද ඉතා උනන්දුවෙන් ද ඉවසිලිවන්තව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වැටීම්, තැළීම්, තුවාල, අනතුරු පීඩා, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දනය- බ්‍රහස්පතින්දා

ධනු

සමපලයි

 

ලග්නාධිපති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, කුජ, රාහු 7 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය අනුව ශුභා’ශුභ උදා කරයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු ඉටු කරගැනීමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් අයහපත් නැත. ආදයම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද තදබල පීඩා ඇති නොවේ. සමඟියට සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපවත්වයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

මකර

යහපත් සතියක්

ලග්නාධිපති ශනි, කේතු 12 ද, ගුරු 11 ද රාහු, කුජ 5 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. වාසිදායක තත්ත්වයක් උදා වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු යහපත්ය. මල මුදල් ලැබීම තුළින් ශුභයි. විවිධ අංශයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු කෙරෙහි අවදානයෙන් ක්‍රියා කරන්න. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. රුධිර පීඩනය, නහරගත හා ස්නායු දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 6, දිනය- සෙනසුරාදා

කුම්භ

මිශ්‍රපල

ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේය. කුජ, රාහු 5 ද සිටි. ගුරු 10 ය. එම කාල සීමාව තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් අවහිරතා ඉස්මතු වේ. එම නිසා තරමක් කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් වෙහෙස මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා සෑහෙන ලෙස වෙහෙස මහන්සි වීමට සිදු වේ. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මීන

ඉතිරිය අපහසුයි

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, කුජ, රාහු 4 ද සිටී. එම ග්‍රහ පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා මතු කළත් ක්‍රමයෙන් යහපත් වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. ගෙදරදෙර සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉතාම ප්‍රවේසම් විය යුතුයි. තද ලෙස කේන්ති යයි. දරුවන්ගේ කටයුතුවල දී කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. උත්සාහය සහ කැපවීම තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, ස්නායු, නහර දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

අදහස්