කඩු පිහි ළඟ තබාගන්නා නීති සංශෝධනය විය යුතුයි | සිළුමිණ

කඩු පිහි ළඟ තබාගන්නා නීති සංශෝධනය විය යුතුයි

කඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රටේ පවත්නා නීති වහා සංශෝධනය කළ යුතු බවත්, මද්‍රසා පාසල් නියාමන කටයුතු මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතු බවත් කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඇමැතිවරයා ඒ අදහස් දැක්වූයේ පසුගියදා පාර්ලිමේන්තුවේදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ ලංකාවේ සාමාන්‍ය නිවෙස් වලට කඩු කිනිස් ළඟ තබා ගැනිමට කිසිසේත් අවශ්‍යතාවයක් නොමැති බවත්, තමන් දන්නා පරිදි එසේ තබා ගන්නේ අරාබි නිවෙස්වල පමණක් බවත්, කඩු කිනිසි වැනි නිති විරෝධි අවි ආයුධ ළඟ තබා ගෙන හසු වු විට උසාවියෙන් නියම වන්නේ රුපියල් 50 ක දඩයක් වන බවත්, දෙවැනි වරට එම වරදම කර හසුවුවහොත් එයට නියම වන්නේ රුපියල් 100 ක දඩයක් බවත් මෙසේ හෙයින් මෙවැනි යල්පැන ගිය නීති වහා සංශෝධනය විය යුතු බවත්ය.

මද්‍රසා පාසල් අධ්‍යාපන කෙටුම්පතක් නියාමනය සඳහා ඉදිරිපත් වූයේ පාස්කු ප්‍රහාරයට පෙර බවත්, එසේ නියාමනය විම හොඳ දෙයක් වුවත් ඒ නියාමන කටයුතු මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය යටතටම පැවැරිම ප්‍රශ්නයක් බවත් හෙතෙම පැවැසීය. සාමාන්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය පවා අධීක්ෂණය වන්නේ අධ්‍යාපන අමාතයාංශය යටතේ හෙයින් එය වහා සංශෝධනයට ලක් කළ යුතු බවත් හර්ෂ ද සිල්වා ඇමැතිවරයා රජයෙන් ඉල්ලීමක් කළේය.

 

Comments