වාහන කොටස් කර විකුණන ජාවාරමක් | සිළුමිණ

වාහන කොටස් කර විකුණන ජාවාරමක්

කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත බලපිටිය වලගෙදර උත්තම ඥාන මාවතේ නිවසකක තිබී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්සො යා ගැනීමට හැකිවිය. මෝටර් රථය සොයා ගත් අවස්ථාවේදී එහි වාහනයේ කොටස් බොහොමයක් ගලවා තිබුණි.

මෙම මෝටර් රථය ගම්පහ ප්‍රදේශ්යේ පුද්ගලයකුට අයත් වන අතර එම පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ කුලී රථ වූ ව්‍යාපාරයකට මෙම වාහනය ලබා දී ඇත. මෙම වාහනය කුලියට ලබාගත් ආයතනයේ අයිතිකරු විසින් වාහනයේ අයිතිකරුට පවසා ඇත්තේ කුලී ගමනකදී මෙම මෝටර් රථය සොරාගෙන ඇති බවය.

මේ පිළිබඳව මෝටර් රථයේ අයිතිකරු මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර එහිදී සැක්පිට කුලී වාහන ආයතනයේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩන්ගුවට ගත් පුද්ගලයා ගෙන් මේ පිළිබඳව පොලිස් නිලධාරින් විමර්ශනය කළ විට ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් වී විසින් පුද්ගලික අයගෙන් වාහන ගෙන තම කුලී රථ සේවයට එක්කර ඇති බවය.

ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධව සැක සිතූ පොලිස් නිලධාරීන් වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී මෙම සැකකරු විසින් වාහන නැති වූ බව පවසා එම වාහන කොටස් ගලවා අමතර කොටස් ලෙස විකුනන ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබූ බවය.

ඔවුන්ගෙන් ලත් තොරතුරු අනුව අම්බලන්ගොඩ වලගෙදර උත්තම ඥාන මාවතේ නිවසක තිබී වැගන් ආර් වර්ගයේ මෝටර් රථය සොයා ගැනීම්ට හැකිවිය. ඒ වන විටත් එම මෝටර් රථයේ බොහොමයක් කොටස් ගලවා තිබුණි. මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 35 ක් පමණ වටින බව පොලීසිය පවසයි.

අත්අඩන්ගුවට ගත් සැකකරු මෙලෙස තම කුලී රථ සේවය සඳහා ලබාදුන් වාහන නැති වූ බව  පවසමින් මෙසේ වාහන අමතර කොටස් ජාවාරම් කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශන කටයුතු වලදී හෙළි කරගෙන ඇත. අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක පණ්ඩුල පොලිස් සැරයන් සුජිත් හා පොලිස් කොස්තාපල් ප්‍රේමතිලක යන නිලධාරීන් මෙම වැටලීම්ට සහභාගි විය .

Comments