මාවනැල්ලෙන් සංහිඳියාව හොඳ ආදර්ශයක් | Page 3 | සිළුමිණ

මාවනැල්ලෙන් සංහිඳියාව හොඳ ආදර්ශයක්

මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

සංහිඳියාවට හොඳ ආදර්ශයක් සපයමින් මාවනැල්ලේ බෞද්ධ,හින්දු, ඉස්ලාම් පුජක නායකවරුන් පසුගියදා පාස්කු දින ප්‍රහාරයෙන් ශෝකයට පත් වි ඇති මාවනැල්ල කතෝලික පල්ලියේ පුජකතුමන් රැදි සිටින කතෝලික පල්ලියට ගොස් රජ්‍ය නිලධාරින්ගේ සහයෝගයද ඇතිව සියලු ජාතින් එක්ව මාවනැල්ලේ “ මාවනැල්ල ජාතික ආගමික ඒකාබද්ධතා සංසඳය” නමින්  සංවිධානයක්ද පසුගිය දා (06) පිහිටුවා ගෙන තිබෙි. 

ඉදිරියේදි මාවනැල්ල ප්‍රදේශයේ සියලු ජාතින්ගේ සාමය, සමගිය ඇති විම වෙනුවෙන් මෙම සංසඳය පිහිටුවිම සිදු වු බව මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය පැවසීය. එතුමිය මෙම සංසඳයේ ආදර්ශ  පාඨය ලෙස “ සුරකිමු සමගිය සමගිය වෙනුවෙන් ” යනුවෙන් නම් කර තිබු අතර මෙම සංසඳය පිහිටුවිමෙන් පසු එහි මුලික රැස්විම එදින උතුවන්කන්ද කතෝලික දේවස්ථානයේදි සිදු විය. රැස්විමෙන් අනතුරුව කතෝලික දේවස්ථානය නැරඹිමට සියලුම ජාතින් එක්ව එහි ගොස් දේවස්ථානයේ සමුහ ජායාරූපයක්ද ලබා ගත් අතර පසුව සියලු දෙනා එක්ව ඒකා මෙන් සිංහ ධජය මැදි අංලකාරව සකස් කර තිබු පහන් විශාල ප්‍රමාණයක් දල්වමින් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ශෝකය පල කර සිටියහ.

මෙම අවස්ථාවේ උතුවන්කන්ද කතෝලික පල්ලියේ පාලක පියතුමා වන පියල් ප්‍රනාන්දු මහතාගේ ඇස් වල කදුළු පිරි තිබු අතර එම අවස්ථාව සංවේදී  විය. සියලු දෙනා නිහඩව පහන් සිළු දල්වා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දක්වමින් මෙවන් විපත් දෙවියන්ගේ නාමයෙන් මේ පුංචි ලක් දෙරණේ ඇති නොවෙන ලෙසට ප්‍රාර්ථනා  කර  ඇත.

ආගමික නායකයින් ඇතුලු මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය, මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුලු විශාල පිරිසක් මෙ සඳහා එක් විය. 

Comments