මත්ද්‍රව්‍ය ටින් 80ක් සමග සැකකරුවෙක් බගවන්තලාවේදී අත් අඩංගුවට | Page 2 | සිළුමිණ

මත්ද්‍රව්‍ය ටින් 80ක් සමග සැකකරුවෙක් බගවන්තලාවේදී අත් අඩංගුවට

නීති විරෝධි මත් ද්‍රව්‍ය ලග තබාගෙන සිටි පුද්ගලයකු එම මත් ද්‍රව්‍ය ටින් 80ක් සමග 08වන දින අත් අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලදි.බගවන්තලාව බ්‍රේඩ්වෙල් වතුයායේ පුද්ගලයකු මත් ද්‍රව්‍ය අලෙවි කරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත අදාල පුද්ගලයාගේ නිවස හා ගෙවත්ත පරික්ෂා කිරිමේදි එම ගෙවත්තේ වල දමා තිබු මෙම මත් ද්‍රව්‍ය ටින් 80 සොයාගෙන ඇත.මෙම සැකකරු කොළඹ සිට මත් ද්‍රව්‍ය රැගෙන විත් පාසල් සිසුන්ට හා වතු කම්කරුවන්ට විකිනිම සිදු කරන බවටද මුලික පරික්ෂනවලින් හෙලිව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන බවත් මේ පිලිබදව බගවන්තලාව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

Comments