දෙයියන්දර සණස බැංකුව කොල්ලකයි | Page 2 | සිළුමිණ

දෙයියන්දර සණස බැංකුව කොල්ලකයි

ඌරුබොක්ක විශේෂ ඒ.පි.දයාචන්ද්‍ර

දෙයියන්දර පොලිස් වසමේ අතපතුකන්ද සණස බැංකුවට පසුගිය 07 දින සවස 2.30 ට පමණ හිස්වැසුම් පැලැදගෙන යතුරු පැදියකින් පැමණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බැංකු ශාඛාවේ කළමණාකරුට ගිනි අවි පෙන්වා රුපියල් හාරලක්ෂ හැටදහසක(460000.00) මුදලක් කොල්ලකා බැංකු ශාඛාවේ සවිකර තිබූ සීසීටිවී කැමරා පද්ධතියේ කොටස් ද ගලවා ගෙන පළාගොස් ඇති බවට දෙයියන්දර පොලීසිය පවසයි.

අතපතුකන්ද සණස බැංකු ශාකාවේ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා දෙයියන්දර පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුදේස් නාලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ පොලිස් පරික්ෂක කේ.ජී.අමරසිරි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ සිදු කරයි.

සණස බැංකුවට කොල්ල කරුවන් පැමිණෙන අවස්ථාවේ කළමනාකරු පමණක් සිට ඇති අතර කොල්ලකරුවන් මුදල් පැහැර ගැනීමෙන් අනතුරුව බැංකු ශාඛාවේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ කොටස්ද ගලාවාගෙන කොල්ල කරුවන් දෙදෙනා පළාගොස් ඇති බවට පොලීසිය පැවැසීය.පළාගිය කොල්ලකරුවන් සොයා දෙයියන්දර පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇත.

Comments