දිවයිනේ දිස්ත්‍රික්ක 7කට ජල පහසුකම් සලසන්න ව්‍යාපෘතියක් | Page 2 | සිළුමිණ

දිවයිනේ දිස්ත්‍රික්ක 7කට ජල පහසුකම් සලසන්න ව්‍යාපෘතියක්

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් ආවරණය වණ පරිදි රුපියල් මිලියන 26500ක් වැය කරමින් රජය මගින් ජල සහ සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කර ඇති අතර ඊට අමතරවප්‍රජාවගේද දායකත්වය ලබාගනී.සබරගමුව පළාතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් පසුගියදා (08) රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.2015 වසරේදී ඇරඹි මෙම ව්‍යාපෘතිය කෑගල්ල, රත්නපුර, මොණරාගල, බදුල්ල, නුවරෑළිය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක හතම ආවරණ්ය කරමින් ක්‍රියාත්මක වේ.2020 අවසන් වනවිට නාගරික සහ ගෙරාමීය ප්‍රජා ජල ව්‍යාපෘති, නාගරික සහ ග්‍රාමීය වැසකිළි ව්‍යාපෘති, මළ අපද්‍රව්‍ය පවිත්‍ර කිරීමේ ව්‍යාපෘති සහ මහජන පහසුකම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සිදු කරයි.සබරගමුව පළාතේ බලංගොඩ සහ පඹහින්න සබරගමුව විශ්වවිද්‍යාල ආශ්‍රිතව සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රදේශය ආශ්‍රිතව නාගරික ජල ව්‍යාපෘති දෙකක් මේ යටතේ ක්‍රියාත්මකයි.මෙම ව්‍යාපෘතිය යටතේ ම ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව වැසිකිලි පද්ධති ඉදිකිරීම සඳහා එක් ගෘහ ඒකකයකට රුපියල් පනස් දහස බැගින් පිරිනැමේ.මල අපද්‍රව්‍ය, ජල මූලාශ්‍ර වෙත මුදා හරිනු ලබන මෙම දිස්ත්‍රික්ක නමයේ පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගනිමින් මල අපද්‍රව්‍ය, පවිත්‍රකර පරිසරයට මුදාහරින පද්ධති සකස් කිරීම ද මේ යටතේ සිදු කරයි.එමෙන්ම නවීන පහසුකම්වලින් සමන්විත මහජන පහසුකම් මධ්‍යස්ථාන මේ යටතේ ඉදිකෙරෙන අතර එම මධ්‍යස්ථාන වැසිකිලි පද්ධති, විවේකාගාර, ආපනශාලා වලින් සමන්විත වේ.මෙම ව්‍යාපෘතිය යටතේ රජයේ පාසල් හා පූජනීය ස්ථාන සඳහා ජලය සහ වැසිකිළි පහසුකම් සම්පාදනය කෙරේ.නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මෙය ක්‍රියාත්මක වේ.පසුගිය දා (07) සබරගමුව පළාතේ ප්‍රජා ජල සංවිධාන සමග පළාත් ආණ්ඩුකාරවරයා සාකච්ඡාවකට ද එක් විය.මෙම සාකච්ඡාව, තුංකම සුවදිවි ප්‍රජා ජල මධ්‍යස්ථානයේ දී පැවති අතර එය ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, ආණ්ඩුකාර පුද්ගලික ලේකම් අරුණ කුමාර, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ශ්‍රියානි පද්මලතා, පළාත් පාලන සහකාර කොමසාරිස් නිශාන්ත සමන් කුමාර, මෙම ව්‍යාපෘතියේ ගණකාධිකාරී පී.ආර්.අමරසිංහ, ජේෂ්ඨ ඉඩම් නිලධාරී ආර්.පී.ප්‍රියන්ත කුමාර, රත්නපුර දිස්ත්‍රික් කළමනාකරු සමන් ගමගේ සහ ඉංජිනේරු ආර්.සී.කරංගොඩ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Comments