ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටී පුද්ගලයෙකු මරුට | Page 2 | සිළුමිණ

ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

සිගිරිය විශේෂ

 කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී 08 දින රාත්‍රියේ ත්‍රීරෝද රථයක් සහ වැලි ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල පිබිදුණුගම මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. චාමර මධුසංඛ කුමාර (25) හැවිරිදි අවිවාහකයෙකි. තුවාල ලබා ඇත්තේ සම වයසේම පසුවන මියගිය අයගේ ඥාතී වූ අයකු බව පොලිසිය කියයි. වැලි පැටවූ ටිපර් රථය ගලේවෙල දෙසින් කුරුණෑගල දෙසට ධාවනය වී තිබෙන බවත් ත්‍රිරෝද රථය කුරුණෑගල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වී තිබෙන බව ද පොලිසිය කියයි.

සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ ටිපර් රථයේ රියදුරු දෙදෙනාම ඉතා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය යෙදවීම අනතුරට හේතු වූ බව ගලේවෙල රථවාහන පොලිසිය කියයි .

මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගලේවෙල රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක එච් .එම් .ටි .බි . කොස්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තුවාල ලැබූ අය ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්වයේ පසු වීම හේතුවෙන් මහනුවර මහ රෝහලට මාරු කර යැවු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මියගිය පුද්ගලයා සහ බරපතළ තුවාල ලබා සිටින අය ගලේවෙල නගරයේ සිට කිලෝමීටර් විස්සක් පමණ දුරකින් පදිංචිකරුවෝ වන අතර ඔවුන් රාත්‍රියේ කුමන හේතුවක් සඳහා නගරයට පැමිණියේ ද යන්න අනාවරණය වී නැති බව ද පොලිසිය කියයි .

Comments