ගංජා බෙදා හැරී තිදෙනා අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

ගංජා බෙදා හැරී තිදෙනා අත්අඩංගුවට

එස්.ජී.උබේපාල කැබිතිගොල්ලෑව සමූහ

කහටගස්දිගිලිය , කෝන්වැව ප්‍රදේශයේ කළ වැටලීමකදී ගංජා ග්‍රෑම් 18 ක් සමග දීර්ඝ කාලීන අවට ගම්මාන සඳහා ගංජා බෙදා හැරීම් සිදු කල ප්‍රධාන සැක කාර තරුණයෙකු සහ තවත් තරුණයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා (06) කහටගස්දිගිලිය පොලිසියට ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම පොලීසිය සිදු කර ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් තිදෙනාම කහටගස්දිගිලිය , මුකිරියාව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික තරුණයින් බවත්, මූලික විමර්ශන වලින් මෙම සැක කරුවන් දීර්ඝ  කාලීනව ගංජා රැගෙන විත් කහටගස්දිගිලිය , කෝන්වැව සහ මුකිරියාව යන ප්‍රදේශ වලට බෙදා හැරීම සිදු කර ඇති බවත් හෙලි වූ බව පොලිසිය කියයි.

මෙම වැටලීම කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංජුල ප්‍රදීප් මහතා ඇතුලු අපරාධ අංශ භාර ස්ථානාධිපති කේ. ඩබ්ලිව්.ජී.එස්.කේ. සමරසිංහ, පො.කො 61518 රංවල, පො.සැ 3147 මනතුංග යන අය සිදු කර ඇත.

Comments