පරි­ස­ර­යම ලස්සන කරන අපේ අවු­රුද්ද | සිළුමිණ

පරි­ස­ර­යම ලස්සන කරන අපේ අවු­රුද්ද

අලුත් අවු­රුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශි­යට ගමන් කිරී­මයි. සිංහල හින්දු අලුත් අවු­රුද්ද ජාතික උත්ස­ව­යකි. අලුත් අවු­රුද්ද ළඟා වන විට පරි­ස­රය වෙනස් වේ. කොහාගේ නාද­යත් සමඟ එර­බදු ගස්වල මල් පිපී පරි­ස­ර­යම රතු පාටින් වර්ණ­වත් වේ. ගස් ඵල­බර වේ.

සිංහල මෙන් ම දෙමළ ජනයා ද ඔවුන්ට අනන්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර­මින් මේ ‍උත්සවය සැම­රූහ‍. සිංහල සිරිත් විරිත් අතර නව සඳ බැලීම, පරණ අවු­රුද්ද සඳහා ස්නානය, අලුත් අවු­රුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම, ආහාර අනු­භ­වය, බුලත් දී වැදීම, හිස­තෙල් ගෑම හා රැකී රක්ෂා සඳහා පිට වී යෑම ප්‍රධාන තැනක් ගත්තේ ය.

එමෙන් ම අලුත් අවු­රුද්දේ මුල් තැන ලැබුණේ ළිප ගිනි මෙළ­වීම, වැඩ ඇල්ලීම හා ආහාර අනු­භව කිරී­මට ය. එමෙන් ම අවු­රුදු කාල­යට යාළු මිත්‍ර­යන්, නෑදෑ­යන්, අසල් වැසි­යන් එක්ව සහ­යෝ­ග­යෙන් ජන ක්‍රීඩා, අවු­රුදු උත්සව පව­ත්වයි. ඒ නම් කැට ගැසීම, පන්දු ගැසීම, එල්ලේ ගැසීම, පොර පොල් ගැසීම, කඹ ඇදීම, ලිස්සන ගස් නැගීම, වළ­කජු ගැසීම, පංච දැමීම, ඔළිඳ කෙළිය, ඔංචිලි පැදීම යනා­දි­යයි. එමෙන් ම ළමයි විනෝ­දය සඳහා රතිඤ්ඤා, නිලා කූරු, මල් වෙඩි, බඹර චක්කර පත්තු කරති.

අම්මලා, අත්ත­ම්මලා එකතු වී විවිධ කෑම වර්ග සාදති. කොකිස්, කැවුම්, අති­රස, අලුවා, අග්ගලා, නාරං කැවුම්, කේක්, පැණි වළලු වැනි රස කැවිලි ය. මේ නිසා සිංහල හින්දු අලුත් අවු­රුද්ද යනු සහ­යෝ­ගී­තාවේ ප්‍රධාන පුරු­කක් ලෙස හැඳි­න්විය හැකිය.

ලක්දිනි සංචනා
8 ශ්‍රේණිය,
දේශාස්ත්‍ර බාලිකා විද්‍යා­ලය,
කළු­තර.

 

Comments