යාල එලිෆන්ට් රීච් 13 වසර සමරයි | සිළුමිණ

යාල එලිෆන්ට් රීච් 13 වසර සමරයි

සංචාරකයන්ට සුවපහසුව සමඟ අමතක නොවන අත්දැකීම් ලබා දෙමින් සාර්ථකත්වයට පත් වූ යාල එලිෆන්ට් රීච් හෝටලය ස්වකීය 13 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත් අයුරින් සැමරීය. අලුතින් ඉදි කළ හා නවීකරණය කළ ඩිලුක්ස් හා ෂැලේ වර්ගයේ සුඛෝපභෝගී කාමරවලින් සමන්විත පරිසර මිතුරු නවාතැනක් වන යාල එලිෆන්ට් රීච් හෝටලය යාල ජාතික වනෝද්‍යානයට ආසන්නව පිහිටි නිසා සැබෑ වන ජීවී අත්දැකීමක් සපයන්නට සමත් වෙයි.

අලි, කොටි, වලස් ආදී සිවුපා සතුන් සමීපව නැරඹීමේ අවස්ථාවද සංචාරකයන්ට මෙහිදී හිමි වෙයි. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා හරිත වන ගහනය අතර වෛවර්ණ කොකුන්, කිඹුලන්, අලංකාර මොනරුන් හා දැවැන්ත හස්තීන්ද, යාල වනෝද්‍යානයේ සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ගත් කොටින්ද පමණක් නොව වලසුන්ද දැක බලා ගැනීමට අප්‍රේල් මැයි සමයේදී යාල වනයේ සංචාරයක නිරත විය යුතුය.

ත්‍රාසජනක අත්දැකීම් පිරි දවසක සංචාරයකින් පසු ගත සිත වෙහෙස නිවා ගන්නට යාල එලිෆන්ට් රීච් හෝටලයේ පිහිනුම් තටාකයත්, උද්‍යානයත් කදිමය. ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිසර මිතුරු හෝටලයක ආගන්තුක සත්කාර, ස්වභාවික සුන්දරත්වය, වන ජීවීන් හා දිව පිනවන ආහාර පාන සමඟ විනෝදයේ පතුලටම කිමිදෙන්නට මේ නිවාඩු සමයේ එලිෆන්ට් රීච් යාල වෙත පැමිණෙන්න යැයි කළමනාකාරිත්වය ආරාධනා කරයි.

Comments