මුව සුව වෙනුවෙන් නිති සැම වෙහෙසෙමු | Page 2 | සිළුමිණ

මුව සුව වෙනුවෙන් නිති සැම වෙහෙසෙමු

චන්දිමා එදිරිමාන්න

අනුරාධපුර ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක දන්ත වෛද්‍ය සංගමය හා යුනිලිවර් සමාගම එක්ව මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය ‘මුව සුව වෙනුවෙන් - නිති සැම වෙහෙසෙමු’ තේමාව යටතේ පසුගියදා අනුරාධපුරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා දන්ත වෛද්‍යවරු, දන්ත චිකිත්සකවරු, දන්ත වෛද්‍ය ශිෂ්‍යයෝ, රජයේ නිලධාරීන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරු හා මව්පියෝ විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.

ප්‍රකාශිත දත්ත අනුව ලෝක ජනගහනයෙන් 90%ක ප්‍රමාණයක් මුඛ රෝග වලින් පීඩා විඳින අතර, සෑම ළමයින් දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් දත් කුහර වලින් පීඩා විඳී. ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරුමේ ප්‍රධානතම අරමුණ වූයේ මුඛ සෞඛ්‍යය පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාවගේ දැනුම පුළුල් කිරීමත්, ඒ සඳහා අවධානය යොමු කර ගැනීමත්ය.

දකුණත් උතුරත් යා කරමින් ගමන් කරනා සිනා බෝ වේවා දුම්රිය, ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරුමට සමඟාමීව අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූ අතර, එහිදී දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාවට නොමිලේ දන්ත පරීක්‍ෂාවන්, යහපත් මුඛ සෞඛය පුරුදු සම්බන්ධයෙන් දැනුවත්වීමේ සහ අත්දැකීමේ අවස්ථා මෙන්ම ශ්‍රී ලාංකීය කලාවන් වන ගොක්කොල, ලාක්‍ෂා, වෙස් මුහුණු, පිත්තල හා ලී කැටයම්, කෝලම් රටාවන් සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රදර්ශනය ආදී අවස්ථා රැසක් ලැබිණි.

ශ්‍රී ලංකාවේ අංක 01 දන්තාරක්‍ෂකයා වන යුනිලිවර් සමාගමේ සිග්නල් සන්නාමය, තම 60 වසරක් සමරණ මොහොතේ “අපේ සිනහවත් කලාවක්“ යන තේමාව ඔස්සේ සිනා බෝ වේවා වැඩසටහන දියත් කළ අතර, ඉහත දුම්රිය මඟින් ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව නොමිලේ දත් පරීක්‍ෂාවන් 15,000කට අධික ප්‍රමාණයක් සිදු කිරීමට බලාපොරොත්තු වේ. මෙයද සමාගමේ දත් කුහර වලින් ශ්‍රී ලංකාවේ සිනහව රැක ගැනීමට තබන්නාවු තවත් එක් යෝධ පියවරක් වන අතර, මේ වන විටත් පැවැත්වූ දන්ත සායන හරහා මිලියන 2කට අධික ශ්‍රී ලාංකිකයන් හට නොමිලේ දත් පරීක්‍ෂාවන් සිදු කර ඇත. එසේම ‘කාටත් කියන්න - රෑටත් මදින්න’ ව්‍යාපෘතිය හරහාද හොඳ මුඛ සෞඛ්‍ය පුරුදු ශ්‍රී ලාංකිකයන්ට හුරු කිරීමට යුනිලිවර් සමාගමට හැකි විය. ඉදිරියටද ශ්‍රී ලාංකික සිනහවේ කලාව රැකගැනීමට යුනිලිවර් සමාගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව කටයුතු කරනු ඇත.

Comments