පුරවැසි බව ඉවත් කරගැනීමට ගෝඨාභය කල් මරයි | සිළුමිණ

පුරවැසි බව ඉවත් කරගැනීමට ගෝඨාභය කල් මරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් තවමත් දෙගිඩියාවෙන් පසු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට හෝ ඇමෙරිකාවේ කොන්සල් ජනරාල් කාර්යාලයකට පැමිණ එකී ඉල්ලීම කළ හැකි වුවද ඔහු ඒ සඳහා තවදුරටත් කාලයක් ගැනීමට තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පොදුජන පෙරමුණේ ඊළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශ නොකිරීමේ තත්ත්වය ඔහු තම ඇමෙරිකානු පුරවැසි භාවය අත්හැරීමට ඉක්මන් නොවීමට බලපා ඇති බව සඳහන් වන අතර, මේ වන විට ඇමෙරිකාවේ ගොනු වී ඇති හිටපු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ සිවිල් නඩුව විභාගයට ගැනීමට සමාන්තරව මෙරට ඒ සම්බන්ධයෙන් මතු විය හැකි තත්ත්වයන්ද ඔහුගේ කල් ගැනීමට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ වන විට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ උතුරේ ජීවත් වූ පුද්ගලයකුට යුද හමුදාවෙන් සිදු කෙරුණු වද-හිංසා සම්බන්ධයෙන් මෙලෙස ඔහුට විරුද්ධව ඇමෙරිකානු අධිකරණයේ නඩු දෙකක් පැවරී තිබේ.

 

Comments