ජවිපෙ ජනපති අපේක්ෂක ලබන මාසේ එළියට | සිළුමිණ

ජවිපෙ ජනපති අපේක්ෂක ලබන මාසේ එළියට

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුද යන්න ලබන මස හෙළි කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිළුමිණට කීය. ඒ අපේක්ෂකයා තෝරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කරන ප්‍රගතිශීලි හා රටට හිතැති සියලු කණ්ඩායම් එක්ව බවද ඒ මහතා පැවසීය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තම පක්ෂයේ අභිප්‍රාය බවත්, එය ඉටු නොවුණ හොත් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් කී ලාල්කාන්ත මහතා ලබන මාසය වන විට 20වන සංශෝධනය පිළිබඳ තීරණයක් ගැනීමට හැකි වනු ඇති බවද කීය. මැයි මාසයේ සිට ජනාධිපතිවරණය දක්වා වූ කාලසීමාව තම අපේක්ෂකයාට ජනවරම ලබාගැනීම සඳහා ප්‍රමාණවත් බවද ඔහු කීවේය.

 

Comments