සෙලාන් බැංකුව අවුරුදු සමයට දීමනා රැසක් | සිළුමිණ

සෙලාන් බැංකුව අවුරුදු සමයට දීමනා රැසක්

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම, සෞභාග්‍යමත් කාලසීමාවක උදාවීමක් යැයි ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසයයි. එබැවින් එම කාලය උත්සවශ්‍රීයෙන් ගතකිරීමට ඔවුහු කටයුතු කරති. සූර්යයාගේ රාසි මාරුව සමග උදාවන අලුත් අවුරුදු උත්සව සමයේදී සිය ගනුදෙනුකරුවන්ගේ සතුට තවත් ඉහළ නැංවීමට සෙලාන් බැංකුව පෙරට විත් තිබේ. ඒ අනුව මේ අලුත් අවුරුදු සමයේ සෙලාන් කාඩ්හිමියන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා සුවිශේෂී වට්ටම් හා දීමනා හිමිකරගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙම විශේෂිත ප්‍රවර්ධන වැඩසටහන ‘සෙලාන් offers රාසිය’ යනුවෙන් නම්කර තිබෙන අතර, ඒ සමග අලෙවි සැල්, හෝටල් හා තවත් බොහෝ ව්‍යාපාරික ආයතන 200 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධවී සිටීම ඉතාම වැදගත්ය.

අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකිකයින් තම සියලු කටයුතු නැවුම් ලෙසින් චාරිත්‍රානුකූලව ආරම්භ කර එහි සතුට තම නෑදෑ හිතමිතුරන් අතරද, බෙදා හදා ගනිමින් කටයුතු කරන කාලයකි. නව ඇඳුම් පැළඳුම්වලින් සැරසී නෑදෑ හිත මිතුරන් බැලීමට යාම අපගේ ප්‍රධානතම චාරිත්‍රයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට අයත් ඇඳුම් පැළඳුම් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමට ‘සෙලාන් offers රාසිය’ අවස්ථාව නිර්මාණය කරදී ඇත. ඒ අනුව මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් වෙළෙඳසැල්වලදී සෙලාන් කාඩ්හිමියන්ට 30 දක්වා වටිනා වට්ටම් හිමිකරගැනීමේ අවස්ථාව ලැබී තිබේ. අලුත් අවුරුදු උත්සව සමය බොහෝ දෙනා ගමන් බිමන් හා සංචාරයන්හි නිරතවීමට අපේක්ෂා කරන කාලයකි. එම සංචාර අතර තුර නවාතැන් පහසුකම් හා ආහාර ඇතුළු සංචාරක සේවා අපේක්ෂා කරන සෙලාන් කාඩ්පත් හිමියන්ට 60 දක්වා වටිනා වට්ටම් ලබාගැනීමේ අගනා අවස්ථාවක් සෙලාන් offers රාසිය’ ලබා දෙයි.

වසර දහස් ගණනක සිට ආභරණ නිර්මාණය හා පැළඳීම පිළිබඳ සාඩම්බර උරුමකරුවන් බවට ශ්‍රී ලාංකිකයින් පත්ව සිටිති. ‘සෙලාන් offers රාසිය’ ප්‍රවර්ධන වැඩසටහන නිසා මෙවර අලුත් අවුරුදු සමයේ ආභරණ මිලදී ගන්නා සෙලාන් කාඩ්හිමියන්ට වටිනා වට්ටම් සමග විශාල මුදල් ඉතිරියක් සඳහා හිමිකම් කීමට අවස්ථාව ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට අයත් රන් භාණ්ඩ වෙළෙඳ ආයතනවලින් මිලදී ගන්නා ආභරණ සඳහා 60 දක්වා වටිනා සුවිශේෂී වට්ටම් සහ දීමනා ලබා දීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබේ.

අදහස්