කලාකරුවන් හා කලා නිර්මාණ සුරක්ෂිත කරන සම්පත් බැංකුව | Page 2 | සිළුමිණ

කලාකරුවන් හා කලා නිර්මාණ සුරක්ෂිත කරන සම්පත් බැංකුව

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ සම්මානනීය කලාකරුවන් අතරට තවත් සම්මානනීය කලාකරුවන්, කලාකාරිණියන් රැසක් දායාද කරමින් 15 වන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ පසුගියදා ඉතා සාර්ථකව නිමාව දැකීය. මෙරට කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ කලාකරුවන්, කලාකාරිණියන් සහ ටෙලි නාට්‍ය කලාව හා සම්බන්ධ අනෙකුත් ශිල්පීන්ගේ හැකියා හා දක්ෂතා අගයනු වස් රයිගම් සමූහ ව්‍යාපාරය විසින් 15 වන වරට සංවිධානය කරන ලද රයිගම් ටෙලීස් හි සහයෝගීතා හවුල්කරු ලෙස කටයුතු කරනු ලැබුවේ සම්පත් බැංකුවයි. සම්පත් බැංකුව අඛණ්ඩව වසර 9ක් තිස්සේ එහි සහයෝගීතා හවුල්කරු ලෙස කටයුතු කරනු ලබයි. මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍යකරණ බැංකු සේවාවන්හි ප්‍රමුඛයා ලෙස සැළකෙන සම්පත් බැංකුව නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබා දෙන අතරම, බැංකු කටයුතු වලින් ඔබ්බට යමින් විවිධාකාරයේ සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරනු ලබයි. රයිගම් ටෙලීස්හි සහයෝගීතා හවුල්කරු ලෙස සම්පත් බැංකුව වසර 9ක් තිස්සේ ඉටු කරනු ලැබුවේද එකී ආයතනික සමාජ සත්කාරකත්වයේ සුවිශේෂී දායකත්වයයි.

විශේෂයෙන් මෙරට කලාව හා කලාකරුවන් වෙනුවෙන් ජාතික බැංකුවක් ලෙස සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් වරින් වර සම්පත් බැංකුව විවිධ වැඩපිළිවෙල දියත් කළ අතර එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස රයිගම් ටෙලීස් හඳුන්වා දිය හැකිය.

Comments