මැංගුස් සටනේ ජය කළුතර විද්‍යාලයට | සිළුමිණ

මැංගුස් සටනේ ජය කළුතර විද්‍යාලයට

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවැති 61 වැනි මහ ක්‍රිකට් තරග‍ෙයන් කළුතර මහා විද්‍යාලය කඩුලු 05ක ජයක් අත්කර ගැනීමට සමත් විය. ‘මැංගුස් සටන’ ලෙස ප්‍රචලිත මේ මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වූයේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීය. මේ අතර දෙවිදුහල් අතර පැවැති එක්දින තරගයේ ජයත් හිමි කර ගත්තේ කළුතර විද්‍යාලයමයි.මෙම ද්විත්ව තරගවලදීම තුන් ඉරියව්වෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කළුතර මහා විද්‍යාලයේ නායක කවිදු ජයවික්‍රම තරගාවලියේ වීරයා බවට පත් විය.

මේ දෙදින මහා තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස කඩුලු 08ක් දවා ගත් කළුතර විද්‍යාල නායක කවිදු ජයවික්‍රම සම්මාන හිමිකර ගත්තේය. හොඳම පිතිකරු ක්‍රිශාන් වීරංග (කළුතර ම.වි.), හොඳම පන්දු රකින්නා ඔෂ්ෙම් නිව්රෝ (තිස්ස ම.ම.වි.) සහ තරගයේ වීරයා මිහිදි පැහැසර (කළුතර ම.වි.) සම්මාන හිමිකර ගත්හ. එක්දින තරගයෙන් කළුතර විද්‍යාලයට කඩුලු 07ක ජයකි. එහිදී තරගයේ වීරයා සහ හොඳම පිතිකරු වූයේ නායක කවිදු ජයවික්‍රමයි. හෙතෙම අර්ධ ශතකයක් රැස් කරමින් කඩුලු 04කුත් දවා ගත්තේය. එහිදී හොඳම පන්දු යවන්නා දිලීප අරුණෝදය (කළුතර ම.වි.), හොඳම පන්දු රකින්නා විශාර සස්විත (කළුතර ම.වි.) සෙසු සම්මානලාභීහු වූහ.

 

 

 

අදහස්