බන්ධනාගාර රැඳිවියන් බලන්න දවස් 5ක් | සිළුමිණ

බන්ධනාගාර රැඳිවියන් බලන්න දවස් 5ක්

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා දින 5ක කාලයක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.මෙතෙක් කල් ඒ සඳහා ලබා දී තිබුනේ අවුරුදු දිනය සහ තවත් එක් දිනක් පමණයි.එහෙත් එම දිනයන්හි පවතින ප‍්‍රවාහන දුෂ්කරතාද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පැවසුවේ.ඒ අනුව අපේ‍්‍රල් මස 13 වනදා සිට 17 වනදා දක්වා බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමිවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

Comments