ඉදිරි දිනවල සවසට වැසි | සිළුමිණ

ඉදිරි දිනවල සවසට වැසි

ඉදිරි දිනවලදී සුළු මට්ටමේ අන්තර් මෝසම් වැසි රටේ විවිධ ප්‍රදේශවල සවස් වරුවේ ඇති වීමේ ප්‍රවණතාවක් ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

කෙසේ වුවත් මේ දිනවල දහවල් පවතින ඉහළ උෂ්ණත්වය අප්‍රේල් 25 පමණ වන තෙක් දිගටම පවතිනු ඇතැයි ද ඒ මහතා පවසයි. පසුගිය දිනවල වැඩිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් ඒ ප්‍රමාණය සෙන්ට්‍රිග්‍රේඩ් 38ක් වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු මැද උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල උෂ්ණත්වය මේ දිනවල ඉහළ යන බවත් 15 වැනිදා තෙක් ලංකාවට හිරු මුදුන්වීම නිසා තවත් උෂ්ණත්වය ඉහළ යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්ත‍ෙම්න්තුව පවසයි.

Comments