සුව­හ­සක් කැකුළු මල් පුබුදු කළ කව් ගී | සිළුමිණ

සුව­හ­සක් කැකුළු මල් පුබුදු කළ කව් ගී

කවිය අවි­යක් කර­මින් බාල­යාගේ හද­වත සැක­සීම සඳහා තමාට කළ හැකි දෙයක් වෙතොත් එය කළ යුතු බව නිග­ම­නය කර­මින් මහ­ග­ම­සේ­කර “පුංචි අයට කයි කත­න්දර” (1958) වසරේ ලීවේ ය. ළමා සාහිත්‍ය යනු ළම­යාට පම­ණක් රස විඳිය යුතු එකක් නොවේ යැයි හෙතෙම කිසි­වි­ට­කත් නොසිතූ බවත් වින්ද­නයේ දී ග්‍රහ­ණයේ දී ඒවා වැඩි­හි­ටි­යන්ට ද ඵල­දායී විය­යුතු බව සේක­රගේ අද­හස බව පෙනේ. දරු­වාට රට ගැන හෙට­ටත් මෙහෙ­යක් ඇති බව ඔහුගේ චිත්‍ර­පට වන දෛව­යෝ­ගය, සුල­ලිත සෝබනී චිත්‍ර­පටවල නැළ­විලි ගී වලින් දැක්විය හැකිය. දරු­වන් සුරං­ගනා ලෝක­ව­ලින් මුද්‍රා යථාර්ථ ලෝකයේ පරි­ස­රයේ තැබූ සේක­රගේ ජන ගී, ජන කතා, සයුරේ ගිල්වූයේ, පින­වූයේ ආචා­ර­ධර්ම, සංස්කෘ­තිය පම­ණක් නොව රට දැය පිළි­බඳ ආලය වඩ­ව­මින් බව කිව යුතු ම ය.

“වැස්ස වගේ ආකා­සෙන්ව
හින්න මම ආසයි
වතුර වගේ වැව් විල් වල

පිරෙන්න මම ආසයි” සේකර හා සමාජ යථා­ර්ථය (පිටු 49)

මහ­ග­ම­සේ­ක­ර­යන් කුඩා දරු­වකු ව ගත කළ පිරි­පුන් ළමා වියේ සොබා­ද­හම සපුරා ආස්වා­දය කර­මින් ලත් අපූරු අත්දැ­කිම් ය. ඒ අකා­ර­යෙන් පසු කලෙක සුව­හ­සක් කැකුළු මල් පුබුදු කළ කව් ගී ලෙසින් ප්‍රති­නි­ර්මා­ණය වීය. එසේම ඔහු වස්තු කොට ගෙන ඇත්තේ ළම­යකු ලෙස කුඩා කල චම­ත්කා­ර­යක් දැනවු යම් යම් අත්දැ­කීම් ය. කුතූ­හ­ලා­ත්මක සිද්ධීන් ය. එවන් අව­ස්ථා­වක සමී­ප­තම මව සොයා දුවන දරුවා එය රස­වත්ව පව­සන ආකා­රය ප්‍රති­නි­ර්මා­ණය කරන්නේ ළමා ලෝකය තුළ සුරං­ගනා කතා තුළින් ඇති කරන විස්ම­යට වඩා වැඩි විස්ම­යක් දන­ව­මිනි.

“අම්මේ මම ඉස්කෝ­ලෙට - යන­කොට අද දැක්කා

අහි­කු­ණ්ඨි­ක­යින් තව­ලම - බදු වත්තට ආවා....

සේකර හා සමාජ යථා­ර්ථය (පිටු 49)

ඔවුන් දැකී­මෙන් ඔහු තුළ වු ප්‍රබෝ­ධය ඒ අයු­රින්ම අන් දරු­වන් තුළ ද ඇති කරන්නේ මන­හර චිත්ත රූප සම­ඟිනි. අම­ත­රව ජන­වා­ර්ගික සුහ­ද­තාව පිළි­බඳ අති­ශය ස්වාභා­වික වු ඉගෙ­නුම් අව­ස්ථා­වක් ද සම්පා­ද­නය කරයි. සේක­ර­යන්ගේ මුල්ම නිර්මාණ ග්‍රන්ථය වන පුංචි අයට කයි­ක­ත­න්දර කෘතියේ ඇත්තේ ද මේ අති රම­ණිය චම­ත්කාර ළමා අත්දැ­කිම්ය. ළමා කල ඇසු දුටු අනේක විධ කයි­ක­ත­න්දර ය.

ජන­කවි ජන­කතා අභා­සය ද ඔහුගේ ළමා ගීි, කවි බෙහෙ­වින් සාර්ථක කිරී­මට පාදක වි ඇත. ආනන්ද රාජ­ක­රුණා, එස්. මහින්ද හිමි, මුනි­දාස කුමා­ර­තුංග, චන්ද්‍ර­රත්න මාන­ව­සිංහ වැන්නෝද තම ළමා සාහිත්‍ය ප්‍රති­නි­ර්මා­ණ­යේදී ජන­සා­හිත්‍ය ආභා­සය ලැබුහ.

මහ­ග­ම­සේ­ක­රද ළමා කල තමා තුළ ආන­න්ද­යක් පහළ කළ බොහෝ සිදු­විම් වස්තු කොට ගෙන දරු­වන් අම­න්දා­න­න්ද­යට පත්කි­රී­මට සමත් කවි ගි බිහි කළේ ජන­සා­හිත්‍ය ඇසු­රෙනි. පුංචි අයට කයි­ක­තා­න්දර ලියු හෙතෙම කිඹුල් කඳුළු, දීකිරි, විදා­නේට පිස්සු, ඉබි නුවණ, කැත්තට බේත්, රයි­ග­ම්පල වැනි කවි කතා කදිම නිද­සුන් ය.

නිර්මා­ණය කරන ලද කතා ද එහි ඇතත් වැඩි­ම­නත් ඇත්තේ ඉහත කී නිර්මාණ සේම ජන සාහි­ත්‍යයේ ජන­ප්‍රිය කතා ය. “කණාට කිරි සුදු කිවා වාගේ” යන ප්‍රස්ථාව පිරුළු වලට මුල් වු ජන­ක­තා­වද දරුවා සිනා සයුරේ ගිල්ව­මින් මවන සේකර

කිරි­හ­රි­යට කොකා වගේ

ඕනැ­නම් කා බල­පන් ...

(මහ­ගම සේක­රගේ ගීත)

වෙළෙ­න්දිය කොකාගේ හැටි පෙන්වන්නේ අත­ව­කුටු කර­ගෙ­නය. ඒ අත අතගා බලන කණා

දර අත්තක් වගේ නේද

කැවොත් උගුරේ හිර වෙයි

මැරිලා යනවා සැක නෑග..... (මහ­ගම සේක­රගේ ගීත)

කිය­මින් කිරි ප්‍රති­ක්ෂේප කරයි.යමක් හරි හැටි නොතේ­රෙන ඒ දෙදෙ­නාට වඩා වීර­යෙකු වන ළමයා උඩ පැන පැන හිනා­වෙන ආකා­රය ළම­යින් සමඟ ඒ කවි රස­වි­දින කාට වුවත් විඳ ගත හැකිය. පුංචි අයට කයි­ක­ත­න්ද­ර­යක් වන “කළ ගුණ” දරුවා ප්‍රගුණ කරන්නේ කළ­ගුණ සැල­කී­මට ය. එ පම­ණක් නොව කෙන­කුට කර­ද­ර­යක් හිරි­හැ­ර­යක් සිදු­වන විට එයට වහා පිහිට විය ­යුතු බව ද කියැ­විණි. මෙහි සිටු­ව­රයා උදව් කරන්නේ අස­රණ කරත්තකරු­ව­කු­ටයි. උදව් කිරි­මට පොදු මිනිස් වර්ග­යාට පොදු වු ධර්ම­තා­ව­කි. එය අල්ල­ස­කට ත්‍යාග­ය­කට මාරු කළ හැක්කක් නොවේ. කර­ත්ත­ක­රුවා සිටු­ව­ර­යා­ගෙන් කෙසේ කළ­ගුණ සල­ක­න්න­දැයි අසන විට සිටු­ව­රයා උත්තර දෙන්නේ

“ පිහි­ටක් උව­මනා කරන - අන්කි­සි­වකු දුටු තැනේදි

එත­නින් මඟ හැර නොගො­හින් -

හැකි තර­මින් පිහිට වෙයන්

එත­කොට එය මට කළ­ගුණ - සැල­කි­මක් වෙනවා ”

යනු­වෙනි.

ඉතා සරල බසින් කියන මේ කතාව අස­න්නට, කිය­න්නට, හුරු වු දරුවා තම පවුල වෙත යුතු­කම් ඉෂ්ට කිරි­මට සැදී පැහැදී සිටි. එහි එන “ අස්වැන්න ” අපුරු ය.

ගමේ හැදෙන දරු­වාගේ සුරං­ගනා ලෝකය ගොයම් කපා පගා ගන්නා කාලයේ ගමේ වෙල් යාය ලොකු මිනි­සුන් කරන සියලු දේවල් දකින දරුවෝ තමා ද හවුල් විය­යුතු බව සිතති.

“කපමු කපමු ගොයම් කපමු - ගී කියලා සතු­ටු­වෙමු

කමතේ වට­මළු හදන්න - කොල මඩවා වි අර­ගෙන....”

(පුංචි අයට කයි කත­න්දර)

එම කාල­ව­ක­වා­නුව තුළ ඔවුන් හට ඇති අප්‍ර­මාණ සන්තෝෂ­යත් ළමා සිතක නැගෙන මිහිරි සිත­වි­ලිත් පර­පු­රෙන් ලද උරු­ම­යක් ලෙසින් සැල­කිය හැකි උදාර සංක­ල්පනා සේකර පව­සන්නේ ළමා සිත් තු­ළට අවේශ වූවා සේය.

එසේම රට පිළි­බඳ ව කුඩා කල සිට දරුවා පිළි­බඳ යම්යම් අභි­මා­නා­ත්මක සිතු­විලි ධාරා ජනති කළ යුතු බවට ඔහු ඇදහු බව පෙනේ.

තරු ගැන, මල් ගැන, හඳ ගැන, වළා­කළු ගැන කිය­මින් සොබා­ද­හම අග­ය­නන්ට ඉගැන්වු සේම කුඹුර ගැන කිය­මින් කෙතේ අරුම පහ­ද­න්නට හැදුවා සේම මව්රට ගැනත් දරුවා තුළ ඇල්මක් උන­න්දු­වක් ජනිත කිරී­ම­ටයි ඔහුගේ කවි ගි ලියවී ඇත්තේ

මේ සිංහල අපගේ රටයි

අප ඉප­දෙන මැරෙන රටයි

අප හද පණ ගැහෙන රටයි

මුළු ලොව ඒ රටට යටයි (සරු පොළො­වක් අපට ඇතේ)

ගීතය මෙන්ම තවත් බෙහෝ ගී ඔහු රචනා කර ඇත්තේ තම රට පිළි­බඳ දරුවා තුළ අභි­මා­නය ඇති­වන අයු­රිනි.

සීගිරි ලෙන් දොර සුරං­ග­නා­වන් දෝත දැරු මල් සුවඳ ගෙන එන බව, කැල­ණිය වැන්දොත් පවු ගෙවෙන බව, “ සරු පොළො­වක් අපට ඇත්තේ ළමා ගී පොතෙන් දරු­වන්ට කියන්නේ වැඩි­හිටි පර­පුර අතර රැදි රැකී ආ ආකල්ප දරු­ව­න්ටත් දානය කළ යුතු බව වැඩි­ම­හ­ල්ල­න්ටත් කිය­න්නට මෙනි.

“හෙට මෙහි උප­දින පැර­කුම් මහ රජ

පුතු වෙයි සිරි රාහුල විදු

සක්විති කිවි­සුරු පුතු වෙයි”

සරු පොලො­වක් අපට ඇතේ යනු­වෙන් අනා­ගත දරු­වන් පිළ­බඳ ඔහු දැරු අනල්ප අපේ­ක්ෂා­වන් කරා දැයේ පුතුන් මෙහෙ­ය­වීම ද තම කවි­ත්වය සතු කාර්යක් වග­කී­මක් ලෙස හෙතෙම සලකා ඇත. ඒ සඳහා ඔහු කැප­වුණු ප්‍රමා­ණය හා එහි සාර්ථ­ක­ත්වය පිළි­සිඳ දකි­න්නට ළමා සාහි­ත්‍යය පිළි­බ­ඳව මුනි­දාස කුමා­ර­තුංග කවි රසය නම් ග්‍රන්ථයේ කල නිර්ව­ච­නය හි වෙනත් විය­තුන්ගේ මත සමඟ සැස­දීම වටි.

“දරු­වන් හට මහත් - තැතක් නැති වැ මැ වැට­හෙන්

උන්ගේ සිත් පුබුදු වන - ඇඟ පත නිකම්ම නට­වන....”

(සිංහල ළමා සාහි­ත්‍යය - ස්වර්ණා චන්ද්‍ර­සේ­කර (3 පිටුව)

දරු­වාට නිතැ­තින්ම අව­බෝ­ධ­කොට ගත හැකි වැඩි­හි­ටි­යන්ට පවා රාසා­ස්වා­ද­යක් ලබා ගත හැකි, කෘති ළමා සාහිත්‍ය ලෙස හෙතෙම හැඳින්වු ආකා­ර­යයි ඒ.

දේ.පීටර් සිල්වා පවසා ඇත්තේ “ ළමා සාහිත්‍ය අනි­වාර්ය ලක්ෂ­ණය වි ඇත්තේ ළමා නුව­ණට සරි­ලන සැටි­යෙන් ලිවි­මයි යනු­වෙනි.”

එච්.ආරි­ය­දාස පව­සන්නේ “ සර­ල­ත්වය, මිත්‍ර­ත්වය, විචි­ත්‍ර­ත්වය, අව්‍ය­ජ්‍ය­ත්වය, නාට්‍ය­මය ස්වරූප සංවාද ළමා සාහිත්‍ය සාමාන්‍ය ලක්ෂණ විය යුතු බවය”

මේ සියලු අංග වැඩි අඩු වශ­යෙන් ඇති මහ­ගම සේක­ර­යන්ගේ ළමා සාහි­ත්‍ය­යට අයත් කවි ගි ඒ සියල්ලේ අනු­ලං­ස්තිය සුසං­යෝ­ග­යක් ම ය.

එම්. එම්. එස්. ආර්. කේ. විජේ­රත්න

අදහස්