ලේඛ­ක­යාගේ පරිකල්පන නිදහස හා නීතිය | සිළුමිණ

ලේඛ­ක­යාගේ පරිකල්පන නිදහස හා නීතිය

ශක්තික සත්කු­මාර නම් ලේඛ­කයා විසින් ‘අර්ධ’ නමින් මුහුණු පොතෙහි පළ කරන ලද කෙටිකතා­ව­කින් බුද්ධ ධර්ම­යට අප­හාස කළා යැයි ශාස­නා­ර­ක්ෂක බල මණ්ඩ­ලය හා ‘බුදු දහම රැක­ගැ­නීමේ යොවුන් පෙර­මුණ’ විසින් කරන ලද පැමි­ණි­ල්ලක් අනුව පොල්ග­හ­වෙල පොලි­සිය විසින් ‘බී’ වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ශක්තික අප්‍රේල් 9 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධ­නා­ගාරගත කිරී­මට පිය­වර ගෙන තිබේ. මහ­ජ­න­තා­වගේ සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම සඳහා සැකසූ අන්තර්ජාතික සම්මු­තිය පිළි­බඳ පනත (අයි.සී.සී.ආර්. පනත) යටතේ සත්කු­මා­රට එරෙ­හිව චෝදනා ගොනු කිරී­මට මෙහිදී පොලි­සිය පිය­වර ගෙන තිබිණි. අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා ගොනු කළ විට මහේ­ස්ත්‍රා­ත්ව­ර­ය­කුට ඇප ලබා දීමට බල­යක් නොමැති ය. ඒ පිළි­බඳ ව තුල­නා­ත්මක අද­හස් විම­සී­මක් සිදු කිරීම යෝග්‍යයැයි අපි කල්පනා කළෙමු.

ජන­ප්‍රි­ය­ත්වය සඳහා බුදු සිරිත අත්භූත සේ ඉස්මතු කිරීම උම­තු­වක්  මහා­චාර්ය අග­ල­කඩ සිරි සුමන ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ නිර්මා­ණ­ක­රු­වන් හැම­වි­ටෙ­කම තමන් ජීවත් වන සංස්කෘ­තිය ගැන අව­බෝ­ධ­ය­කින් යුතුව නිර්මාණ කළ යුතු වෙනවා. සංස්කෘ­තිය ප්‍රශ්න කරන්න නිර්මා­ණ­ක­රු­වන්ට බාධා­වක් නැහැ. ඒත් ඒක විකෘති මන­ස­කින් නොව ප්‍රබුද්ධ මන­ස­කින් කළ යුතු වෙනවා. ශක්තික මෑත කාලේ අපට බිහි වූ අමුතු කතා කලා­ව­කින් නිර්මා­ණ­යෙහි යෙදෙන කලා­ක­රු­වෙක්. මම අප­මණ ඔහුගේ නිර්මාණ රස­වි­ඳින ඒ ගැන අද­හස් පළ කරන කෙනෙක්. ඒත් මේ කෙටි කතාව බහු බූත කතා­වක්. මෙවැනි නිර්මා­ණ­යක් ඔහු අතින් බිහි වීම ගැන මා පුදුම වෙනවා. මේක විකෘ­ති­යක්. මෙතන ඔහුට කියන්න ඕන වුණේ මොකද්ද යන්න පැහැ­දි­ලිත් නැති තරම් අවුල්. කෙසේ වෙතත් සිදු­හත් චරි­තය මූලා­ශ්‍රය කොට ලොව බොහෝ නිර්මාණ කර ඇතත් මෙවැනි විකෘති අද­හස් ඉස්මතු කර නැහැ. මේක ශ්‍රේෂ්ඨ සම්බුදු සිරි­තට කළ බර­ප­තළ අප­හා­ස­යක්. මෑත කාලයේ ජන­ප්‍රි­ය­ත්වය සඳහා බුදු සිරිත තෝරා ගෙන අත්භූත සේ ඉස්මතු කිරීමේ උම­තු­වක් ඇති වී තිබෙ­නවා. ශක්තික මේ උගුලේ වැටීම ගැන මා බර­ප­තළ ලෙස කණ­ගාටු වෙනවා.

මෙය අනා­ග­තයේ සමස්ත කලා­ක­රු­වන්ට බල­පාන නීති­යක් වේවි
- ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා

“මෙය ඉතා සංවේදි ප්‍රශ්න­යක්. ඒ නිසා ජාතිය , ආගම වැනි තේමා නිර්මාණ කාර්ය­යන් සඳහා භාවිත කරන විට අප ඉතා සැලකිලිමත් විය යුතුයි. ශක්ති­කගෙ ‘අර්ධ’ කියන කෙටි­ක­තාවෙ බොදු ජන­තා­වගෙ සිත් රිද­වන ආකා­රයේ සිද්ධි නිරූ­ප­ණය වන බවයි මගේ පෞද්ග­ලික අද­හස. ඒ පිළි­බඳ ව ඔහු බොදු බැති­ම­තුන් වෙතින් සමාව ඇයද සිටිය යුතුය කියාත් මා යෝජනා කර­නවා.ඒ වගේම ශක්ති­කට එරෙ­හිව මේ වන විට ගෙන ඇති නීති ක්‍රියා­මාර්ග රටේ සාමාන්‍ය නීතිය ඉක්මවා තිබී­මත් මා අනු­මත කරන්නෙ නැහැ. අන්ත­ර්ජා­තික ගිවි­සු­මක් වන සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් පිළි­බඳ අන්තර්ජාකිත සම්මු­තියේ 3වන වග­න්තිය අනු­වයි ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තිබෙන්නෙ. ඔහුට ඒ සම්මු­තිය යටතේ නඩු පවරා දඬු­වම් කළොත් එය අනා­ග­තයේ සමස්ත කලා­ක­රු­ව­න්ටම බල­පාන නීති­යක් බවට පත් වෙනවා.අන­තුර තියෙන්නෙ එත­නයි. මෙහිදී අපෙ රටේ සියලු ම කලා­ක­රු­වන් හා විද්ව­තුන් එක්වී මේ අන­තුර වැළැ­ක්වී­මට කට­යුතු කිරීම තමා වහාම කළ යුතු කාර්යය හැටි­යට මා දකින්නෙ.”

අද­හස් ප්‍රකාශ කිරීමේ නිද­හස වඩා සුර­ක්ෂිත කිරී­මට පිය­වර ගන්න
- නිද­හස් මාධ්‍ය ව්‍යාපා­රය

“ශක්තික පොල්ග­හ­වෙල පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අප්‍රි­යෙල් 09 දින දක්වා රක්ෂිත බන්ධා­නා­ගා­ර­ගත කොට ඇත්තේ අන්ත­ර්ජා­තික සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් ප්‍රඥ­ප්තිය යටතේ ය. ශ්‍රීලං­කාව විසින් අන්ත­ර්ජා­තික සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් ප්‍රඥ­ප්ති­යට අත්සන් කිරී­මෙන් ජගත් ප්‍රජා­වට මෙන්ම ශ්‍රී ලාංකික මහ­ජ­න­තා­වට පොරොන්දු වී ඇත්තේ අද­හස් ප්‍රකාශ කිරීමේ නිද­හස වඩාත් සුර­ක්ෂිත කොට පෝෂ­ණය කිරී­මට මේ ප්‍රඥා­ප්තිය මඟින් ඉඩ­කඩ සලසා දෙන බවයි. නමුත් මේ සිදු­විම් මගින් පැහැ­දිලි වන්නේ ඒ ප්‍රඥ­ප්තිය අද­හස් ප්‍රකාශ කිරීමේ අයි­ති­යට අභි­යෝ­ග­යක් එල්ල වන ආකා­ර­යක්. යම් කලා කෘති­යක අන්ත­ර්ග­තය සම්බ­න්ධ­යෙන් ගැට­ලු­කාරි තත්ත්ව­යක් තිබේ නම් ඒ පිළි­බඳ විනි­ශ්චය කිරීම එක් දෘෂ්ටි­කෝ­ණ­ය­කින් පම­ණක් කළ නොහැකි සංකීර්ණ කට­යු­ත්තක්. එහෙත් රජය මෙහිදි ක්‍රියා­කර ඇත්තේ ඒ පිළි­බඳ නොත­ක­මින් බව පැහැ­දිලි ව පෙනේ.

මට සිංහල බෞද්ධ­යෙක් හැටි­යට මේ ගැන හිනා යනවා
- ප්‍රවිණ ලේඛක මාලින්ද සෙනෙ­වි­රත්න

මේ කෙටි­ක­තාව මම කිය­වල නැති නිසා එහි අන්ත­ර්ග­තය පිළි­බ­ඳව මට කිසිම දෙයක් කියන්න බැහැ. අද­හස් ප්‍රකාශ කිරීමේ අයි­තිය පිළි­බ­ඳව නීති ප්‍රති­පා­දන තියෙ­නවා. අනෙක් පැත්තෙන් ඒවා කිරලා මැනලා ගන්න ඕන අදාළ දේශ­පා­ලන සංස්කෘ­තික වට­පි­ටාව සම­ඟයි.

නමුත් පොදුවේ නිර්මා­ණ­ක­රු­වාට තියෙන ඒ නිද­හස වෙනු­වෙන් සිංහල බෞද්ධ­යෙක් විදි­යට මම පෙනී සිටි­නවා. මීට අදා­ළව සිදු වු නීති­මය කාරණා පැත්තේන් කිසි­වක් කිසි­වක් මා දන්නේ නැහැ.

එසේ වුවත් ඊනියා ලිබ­රල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සළු­පො­ර­වා­ගෙන ඉන්න බෞද්ධ විරෝ­ධීන් පිරි­ස­කුත් මේ යට ක්‍රියා­ත්මක වන බව මට හිතෙ­නවා. එය පැහැ­දි­ලියි. ඇත්තට ම මට ඒ අය ගැන හිනා යනවා.

මේ තරුණ ලේඛ­කයා වෙනු­වෙන් පෙනී සිටින බොහෝ අය අතර බෞද්ධ විරෝ­ධීන් වගේම අන්ත­වාදී ආග­ම්වා­දී­නුත් සිටි­නවා.

ඒ අය අන්‍ය­ආ­ග­මික කලා පොලී­සිය නිර්මා­ණ­ව­ලට වැට බඳිද්දි වච­න­යක් කිව්වේ නැහැ. උදා­හ­ර­ණ­ය­කට ඩාවින්සි කෝර්ඩ් ලංකා­වට ආපු වෙලාවේ කතෝ­ලික සභාව ඊට විරුද්ද වුණාම ඔය ඊනියා ලිබ­ර­ල්වා­දීන් මොන­වද කළේ. කවුද ඒ නිර්මා­ණය වෙනු­වෙන් පෙනී හිටියේ. අඩුම තරමේ මේ රටේ සින­මාව ගැන කතා කරන සංවි­ධා­න­ය­ක්වත් ඒ ගැන කතා කළේ නැහැ.

අපි නික­මට හිතමු හාමු­දු­රුවො කෙනෙක් ජේසු­තු­මාට හරි මහ­ම­ද්තු­මාට හරි විරු­ද්ධව කිසි­යම් අප­හ­ස­යක් හෝ උපා­හ­ස­යක් මතු­වන නව කතා­වක් හරි කෙටි කතා­වක් හරි ලිව්වා කියලා; එහෙම වුණා නම් මොකක් වෙයිද? මේ ඊනියා ලිබ­ර­ල්වා­දීන් ඒක අල්ලන් ඩෙඟා නටයි.

අද­හස් ප්‍රකාශ කිරීමේ අයි­තිය වෙනු­වෙන් අපි පෙනී සිටින්න ඕන. ඒ අයි­තිය වග­කී­මෙන් පාවිච්චි කිරීමේ දී ස්වයං­වා­ර­ණ­යක් පනවා ගැනීම ලේඛ­කයා සතු වග­කී­මක්. එහෙම නැතුව එක ජාති­ය­කට රිද්දල තවත් ජාති­යක් ඔසවා තැබීම අනු­මත කරන්න බැහැ. ඒක ඔය කියන සංහි­ඳි­යා­ව­ටත් පට­හැ­නියි.

බෞද්ධ­යන් හැටි­යට අපට කරන අව­ලාද අප­හස නින්දා සියල්ල ම උපේ­ක්ෂා­වෙන් විඳ­ගන්න කියල තමයි ඔවුන් අපට කියන්නේ.

මේ බෞද්ධ විරෝ­ධීන් සහ නිර්ආ­ග­මි­ක­යන් බුද්ධා­ග­මට අනුව ඔහොම හිට­පල්ල කියන අතර ඒකම වාසි­යට ගෙන විවිධ විවේ­චන ගේනවා.

පහු­ගිය දව­ස්වල උච්ඡා­ස­යන මහා­ස­යන කතා­වත් ඒ වගේ. ඒ කතා කරන කිසි­වෙක් කිතුනු පල්ලියේ හෝ මුස්ලිම් පල්ලියේ ඒ දේ හරි­යට සිද්ධවෙ­න­වද? කියල තැකී­මත් කරන්නේ නැහැ. අනෙක් අතට බෞද්ධ­යන්ට බෞද්ධ භාවි­ත­යක් නැත්තම් මේ අයට මොකද? මේ අයට ඒ ගැන වේද­නා­වක් ඇති වෙන්නේ ඇයි?.

කතෝ­ලික පල්ලියේ හෝ ඉස්ලාම් පල්ලියේ බයි­බ­ල­යට හෝ කුරා­ණ­යට අනුව කට­යුතු කර­න­වද නියලා අපි කිරල මැනල බලන්න යන­වද? නෑ නේ. ඒගොල්ලෝ මෙච්චර බුද්ධා­ගම ගැන වද­වෙ­නව නම් අනික් අය හද හද ඉන්නෙ නැතිව අට­ලෝ­ද­හම අනුව යමින් අනිත්‍ය මෙනෙහි කරල භාවනා කරල රහ­ත්වෙන එකනෙ තියෙන්නේ.

බෞද්ධයන්ට තියරි උගන්වන්න එන්නේ ඇයි?. ඒක මහා විකා­ර­යක්. බෞද්ධ ප්‍රවාද උපුටා දක්ව­මින් කරන මේ කතා මේ සමස්ත දේශ­පා­ලන අර්බු­දයේ ප්‍රකා­ශ­න­යක් විදි­ය­ටයි මම නම් දකින්නේ මට සිංහල බෞද්ධ­යෙක් හැටි­යට ඒ ගැන හිනා යනවා.

අන්ත­වාදී අද­හ­ස්ව­ලට ඉඩ ලැබු­ණොත් ඒ සාහි­ත්‍යයයේ මළ­ග­මයි
- ප්‍රවීණ ලේඛක ටෙනි­සන් පෙරේරා

“ශක්ති­කගෙ කෙටි­ක­තාව මා කියවා තිබෙ­නවා. එක ඉතාම අසා­ර්ථක ප්‍රචා­ර­ක­වාදී කතා­වක්. ශාස්තෘ­ව­රුන් පිළි­බ­ඳව නොයෙක් ආකා­රයේ රචනා ලෝකය පුරා ලියැවී තිබෙ­නවා. ඒවා ඉතාම උසස් සාහි­ත්‍ය­මය නිර්මාණ වශ­යෙන් සැල­කිය හැකියි. නමුත් ශක්ති­කගේ මේ කතා­වෙන් කිසි­යම් ශාස්තෘ­ව­ර­යකු සම්බ­න්ධ­යෙන් වැරදි අර්ථ­ක­ථ­යක් ප්‍රචා­ර­ක­වා­දීව ලබාදී තිබෙ­නවා. කෙනෙ­කුගේ පරි­ක­ල්ප­නය දිළිඳු නම් එය සාහිත්‍ය රච­නා­වක් නොවෙයි, හුදු ලෞකික වාර්තා­වක් පම­ණයි. එහෙම වුණාම ඕන අය­කුට පුළු­වන් රටේ පව­තින නීතිය අනුව ක්‍රියා කරන්න. ලෝක සාහි­ත්‍යයේ ප්‍රභා­වත් ලේඛ­ක­යකු වන ඩී.එච් ලෝරන්ස් ගේ ‘චැටර්ලි ආර්යා­වගේ පෙම්වතා’ කෘතිය තහ­නම් කළාම එය අධි­ක­ර­ණ­යට රැගෙ­නැ­විත් තීන්දු­වක් ලබා ගත්තා. නමුත් එත­නදි කලා කෘති­යක් සම්බ­න්ධ­යෙන් තමයි දෙපැ­ත්තෙම තර්ක විතර්ක ගොනු වුණේ.

ශක්ති­කගේ මේ ලිය­විල්ලේ තියෙන දුබ­ල­තා­ව නිසා මේ සාක­ච්ඡාව ගොඩ­නැඟී තිබෙන්නේ කලා­කෘ­ති­යක් කියන අර්ථය උඩ නෙවෙයි. මෙය වාර්තා­වක් නිසා මෙම­ඟින් හිතා­ම­තාම බුදුන්ට අප­හස කිරී­මක් කර ඇති බවට යමෙ­කුට තර්ක කරන්න පුළු­ව­න්කම ලැබී තිබෙ­නවා. නමුත් අයි.සී.සී.පී.ආර්. පනත අනු­වයි ඔහු රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කර තිබෙන්නේ. ඒක වැර­දියි. එය සිවිල් හෝ දණ්ඩ නීති සංග්‍රා­හය යටතේ ගොනු කර දෙපා­ර්ශ්ව­යට ම කරුණු දක්වන්න ඉඩ දෙන්න තිබුණා. නමුත් මේ ආකා­ර­යට නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම අභි­යෝ­ගා­ත්ම­කයි. එය අනා­ග­තයේ ලේඛ­නයේ යෙදෙ­න්නන්ට හොඳ සංඥා­වක් නෙමෙයි. මං පිළි­ග­න්නවා; මේ පිළි­බ­ඳව විධි­මත් සංවා­ද­යක් ඇති විය යුතුයි කියලා. නමුත් මෙවැනි ක්‍රියා­මා­ර්ග­ව­ලින් වෙන්නේ වැරදි පූර්වා­ද­ර්ශ­යක් සමාජගත­වීම සහ එය නීත්‍යා­නු­කූල පිළි­ගැ­නී­ම­කට ලක්වී­මයි. මේ රටේ නොයෙක් අන්ත­වාදී කල්ලි කණ්ඩා­යම් ඉන්නවා. මෙම­ඟින් ඔවුන්ට වඩා ශක්ති­මත් වීමට අව­කාශ සැල­සෙ­නවා. එහෙම වුණොත් ඔවුන්ට අනුව හොඳ නැහැ කියල හිතෙන හැම කෘති­යක් ම මේ ආකා­ර­යට තහ­නම් කරාවි. එම­ඟින් නිර්මාණ කරු­වාගේ නිද­හස් පරි­ක­ල්ප­න­යට සීමා පැන­වෙ­නවා. මම ඒකට සහමුලින් ම විරු­ද්ධයි. ඒ වගේම ද්වේෂ සහ­ග­තව ප්‍රචා­ර­ණ­වාදී වාර්තා නොලියා නිර්මා­ණ­ශීලී ව ලේඛ­ණයේ යෙදී­මට ලේඛ­ක­යන්ගේ පැත්තෙ­නුත් යුතු­ක­මක් තියෙ­නවා. එහෙම වුණාම තමයි මෙවැනි අවා­ස­නා­වන්ත තත්ත්ව ඇති වන්නේ. කෙසේ වුවත් මේ ඇති වූ තත්ත්වය සැල­කි­ල්ලට ගෙන කලා­ක­රු­වන්ගේ පැත්තෙන් සාධ­නීය මැදි­හත් වීමක් සිදු කර මෙවැනි ප්‍රචා­ර­ණ­වාදී ලේඛන හා නිර්මා­ණ­ශීලී ලේඛන වෙන් වශ­යෙන් හඳුනා ගැනී­මට අවශ්‍ය කති­කා­වක් නිර්මා­ණය විය යුතුයි. මොකද මේ රටේ ඉන්න අන්ත­වාදී සංවි­ධාන බොහො­ම­යක් පළල් දැක්ම­කින් යුතුව සාහිත්‍ය කෘති­යක් රස­වි­ඳිය හැකි හික්මී­මක් ඇති සංවි­ධාන නොවෙයි. තිර­ස්චීන අද­හස් ඇති අන්ත­වා­දීන් පිරි­සක්. මේ අයට සාහි­ත්‍යයේ හෙට දවස තීර­ණය කරන්න මේ හරහා ඉඩ ලැබු­ණොත්, ඒ මේ රටේ නිර්මාණ සාහි­ත්‍යයේ මළ­ගම බව සඳ­හන් කරන්න කැම­තියි.

සංවාද සටහන - රසික කොටු­දු­රගේ

අදහස්