මල සහ ළමයා | සිළුමිණ

මල සහ ළමයා

ළමයා:-

තුටු සිනා කැන් පිරුණු මලකි මන­රම් එදා
ඔය මුවට කොඳු­රනා බිඟුන් කොහෙදෝ මෙදා
ලස්ස­නට පිපී හිනැ­හෙන්න ඇයි බැරි සදා
සුවඳ සුමි­හිරි සුපෙ­ම්බර ලෙසින් විඳ විඳා

මල:-

පිපි මලක සුව කෙදින හෝ නැසී යන්නේය
පර මලක් වී පොළොව සිප ගන්න දෙන්නේය
සුවඳ ලස්සන මලේ මතක බොඳ වෙන්නේය
බිඟුන් ඔච්ච­මට මෙන් වෙන මල් සොය­න්නේය

ළමයා:-

සතුට සුන් වී ගොසින් තිබු­ණාද ඇයි මෙසේ
දොම්න­සක් නෙතු අගට නොම පැමි­ණෙනා ලෙසේ
අඩ සිනා පෙන්ව­මින් තුටු මුව’ග මට දිසේ
ළය පත්ල රිදුම් දෙන විට මෙසේ ඉනු කෙසේ

මල:-

උපන් සැම කෙදින හෝ මියෙන බව මම දනී
රිදුණු හද ගැහෙන රාවය කිසිත් නො ඇසුණී
මුළු ලොවම අනි­ය­තයි කියන දහම ද පෙනී
වැටෙන හැම කඳුළු කැට සතුටු කඳු­ළක් වුණී

කේ.ආර්. සඳ­ලිකා නිකේ­ෂලා
11 ශ්‍රේණිය,
විතා­ර­න්දෙ­ණිය මහ විදු­හල,
විතා­ර­න්දෙ­ණිය.

Comments