PayMaster වෙතින් මොබයිල් රීලෝඩ් සහ ගෙවීම් කටයුතු පෙරළියක් | සිළුමිණ

PayMaster වෙතින් මොබයිල් රීලෝඩ් සහ ගෙවීම් කටයුතු පෙරළියක්

PayMaster Solutions (Pvt) Ltd විසින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකතන යෙදවුම PayMaster App හඳුන්වාදීම පසුගියදා පැවත්විණි. ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන්නන් වෙනුවෙන් දියත් කෙරුණු පෙරළිකාර හඳුන්වාදීමක් වන PayMaster App එක හරහා ජංගම දුරකතන බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීමේ පහසුව පාරිභෝගිකයන් හට හිමි වේ.

මුදල් රහිත ගනුදෙනු (Cashless Society) සිදුකරන සමාජයක් කරා ගමන් කිරීමේදී PayMaster වැනි ජංගම දුරකතන යෙදවුම් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරන අතර මේ හරහා දැනට පවතින මූල්‍ය ක්‍රමය සම්බන්ධ ගැටලු වළක්වා ගනිමින් වඩාත් කාර්යක්‍ෂම ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට හැකි වේ. එමෙන්ම, මෙම PayMaster App එක ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක නිසා ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ එදිනෙදා ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙන අතර එහි කාර්යක්ෂම බව නිසා කාලයත් මුදලුත් ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට සහභාගී වූ PayMaster අධ්‍යක්‍ෂ සහ සම-නිර්මාතෘ, රන්සික ද සිල්වා මහතා කියා සිටියේ මේ ජංගම දුරකතන යෙදවුම ප්‍රධාන වශයෙන්ම පාරිභෝගික පහසුව ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙන අතර, භාවිතයට ඉතා පහසු, ආරක්‍ෂාකාරී යෙදවුමක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන් බවයි. සාම්ප්‍රදායික බිල්පත් ගෙවීම් ක්‍රමයෙන් ඔබ්බට ගිය, මේ PayMaster App එකේ ඇති ආකර්ෂණීය මේ වගේම පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභයන් ද නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීමට යොමු වීමේ ප්‍රවණතාවක් ද දැකගත හැකියි. PayMaster Solutions (Pvt) Ltd යනු සිංගප්පූරුවේ FirstPay Pte Ltd සමාගමේ අනුබද්ධිත සමාගමකි.

Comments