නාගවිල්ලුවේ රිය අනතුරින් 4ක් ජීවිතක්ෂයට | සිළුමිණ

නාගවිල්ලුවේ රිය අනතුරින් 4ක් ජීවිතක්ෂයට

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ අද (18) අලුයම 01.45ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 
යාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බව පොලිසිය පැවසීය.
 
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 08 දෙනකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.
 
එහිදී වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනකු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 
මෙම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Comments