එදා වක්කඩේ වතුර බිව් ගැමි­යන්ට මෙදා පිරි­සිදු ජලය | සිළුමිණ

එදා වක්කඩේ වතුර බිව් ගැමි­යන්ට මෙදා පිරි­සිදු ජලය

* අනු­ග්‍ර­හය කාර්ය සාධක බළ­කා­යෙන් 
* වතුර ලීට­ර­යක් රුපි­යල් දෙකයි තුනයි
* තුන් හතර දෙනෙක් ඉන්න ගෙද­රට වතුර ලීටර් 100 ඕනෑ

මේ කොට්ඨා­සය හරිම දුෂ්ක­රයි. නිය­ඟය තදයි. ළිංවල ජල­යත් කිවු­ලයි. ජලය පානය කිරී­මට නම් පිරි­සිදු කළ යුතු­මයි. සෞඛ්‍ය අංශයේ වකු­ගඩු රෝග සාය­න­ව­ලින් මේ කොට්ඨා­සය තමයි වැඩි­පු­රම වකු­ගඩු රෝගීන් හඳු­නා­ගෙන තිබෙන්නෙ. ඒ නිසා ආරො­ප්ලාන්ට් වැඩි ප්‍රමා­ණ­යක් අපිට ලැබුණා. තව තවත් ඉල්ලීම් තිබෙ­නවා. එම ඉල්ලීම් ද සලකා බලා ජනතා අව­ශ්‍යතා ඉටු­කර ජන­තාව වකු­ගඩු රෝග­ව­ලින් මුදවා ගන්න හැකි­වෙයි. ඒ අනුව ජනා­ධි­ප­ති­තු­මාගේ වගේම අපේත් සිහි­නය නිරෝගී ජන­තා­වක්.

මිනිස්සු ජීවත් වීම සඳහා අප­මණ දුක් විදිති. අහ­සින් වැටෙන ජලය තෙරක් නැති මුහු­දට ගලා යද්දි ජල බිඳක් නොමැ­තිව අස­රණ වූවෝ බොහෝය. ඇතැම් විට ගම්බිම් පසු­කර ගොස් රැගෙන එන ජලය ද අපි­රි­සි­දුය. අපි­රි­සිදු ජලය පානය කිරීම නිසා අද ජන­තාව දරුණු ලෙඩ වකු­ගඩු ආබා­ධ­යට ලක් වී ඇත. ඈත ගම්බිම් වල බීඹට පිරි­සිදු ජල පොදක් නැතිව දුක් විදින ජන­තා­වගේ පානිය ජල ප්‍රශ්න­යට විස­ඳු­මක් ලෙස ජනා­ධි­පති කාර්ය සාධක බළ­කාය මගින් ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති බිහි­කි­රීම ආරම්භ විය. ඒ අනුව හඳු­නා­ගත් අව­ධා­නම් කලා­ප­වල ජන­තා­වට නොමිලේ පිරි­සිදු පානිය ජලය ලබා­දීමේ ව්‍යාපෘ­තිය පසු­ගිය දින­වල ආරම්භ කරන ලදි.

මේ වන විට ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති 599 ක් ඉදි­කර ඇති අතර 600 වන ජල පද්ධ­තිය මාර්තු මස 20 දින අනු­රා­ධ­පුර ඉසු­රු­මුණි විහා­රය ආශ්‍රි­තව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් ජනතා අයි­ති­යට පත් කරනු ඇත.

මෙම ව්‍යාපෘ­තිය සඳහා ශ්‍රම­දා­ය­ක­ත්වය ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් ලබා­දෙයි. එක් ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධ­ති­යක් වෙනු­වෙන් වැය කරන මුදල රුපි­යල් මිලි­යන 1.5කි. ගෙවුණු කාලයේ ජල හිඟ­යෙන් පීඩා­වට පත්ව සිටි මවක තමන් ලැබූ කටුක අත්දැ­කීම් පිළි­බඳ පැවැ­සුවේ මෙසේය. ඇය අත­ර­ගල්ල බී. එම්. ඥාන­ව­තීය. බීමට ජලය ගෙන ඒම සඳහා ඇය දින­කට කිලෝ මීටර ගණ­නා­වක් දුර යන්නීය.

“අපි ඉස්සර කුඹුරු වැඩට ගිහින් ලියැද්දෙ වක්ක­ඩෙන් තමයි වතුර ටික බිව්වේ. ඒ කාලේ අපට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නෑ. ඒත් අද මේ පොඩි දරු­වන්ට පවා වකු­ගඩු ආබාධ. ඒ තර­මට පරි­ස­රය දූෂ­ණය වෙලා. සම­හර කාල­ව­ලට හොඳ වතුර තියා නරක වතුර ටික­ක්වත් මේ ප්‍රදේ­ශ‍වල හොයා­ගන්ඩ නෑ. ඒ තර­මට නිය­ඟය. ඉතින් එහෙව් එකේ කොහො­මද අපි බොන්ඩ හොඳ වතුර ටිකක් හොයා­ගන්නෙ. දැන් ඉතින් අපට නොමි­ලේම බොන්ඩ හොඳ වතුර ටික ලැබුණා. මේ වතු­ර­ටික දෙන්ඩ උදව් කරපු හැමෝ­ටම පින් සිද්ද වෙනවා.

ගම්මුන් තමන්ට සැල­සුන සහ­නය ගැන කතා කරන්නේ ප්‍රශං­සා­ත්ම­ක­වය.

හේරත් බී. එරි­යාව මහතා තම හඬ අව­දි­කළේ මෙලෙ­සිනි.

“ඉස්සර අපේ ළිංවල බොන්ඩ හොඳ වතුර තිබුණා. දැන් හැම ළිඳ­කම වතුර කිවු­ලයි. දැඩි නියං කාල­යට ළිංවල වතුර බිංදු­ව­ක්වත් නැති තර­මට ළිං හිදෙ­නවා. ඒනිසා හැමෝ­ටම වතුර සල්ලි­ව­ලට තමයි අර­ගන්න සිදු­වෙලා තියෙන්නෙ. වතුර ලීට­ර­යක් රුපි­යල් දෙකයි, තුනයි. දව­ස­කට තුන් හතර දෙනෙක් ඉන්න ගෙද­ර­කට රුපි­යල් සිය­යක විතර වතුර ඕනෑ. මාස­ය­කට බොන වතුර ටිකට විත­රක් රුපි­යල් තුන් දහ­සක් වැඩිය වැය වෙනවා. ආදා­ය­මක් නැතුව වතු­රට ඒ තරම් මුද­ලක් විය­දම් කරන්නෙ කොහො­මද? ඉතින් එහෙම වෙලා­වක මේ වතුර ෆිල්ට­රය සවි­කර නොමිලේ වතුර ටික ලබා­දීම උතුම්ම කාර්ය­යක්. මේ උතුම් පිංක­මට දායක වූ හැමෝ­ටම බොහෝම පිං.“

කලක් ජලය නිසා දුක් විඳි ගැමියෝ දැන් සතුටු වන්නාහ. ගම්මුන් විඳි දුක හොඳින්ම දන්නේ ගමේ පන්ස‍ලේ හාමු­දු­රු­වෝය.

නාකො­ල­ගනේ පුරාණ රජ­මහ විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති නියෝජ්‍ය විදු­හ­ල්පති පුජ්‍ය වල­ත්තෑවේ රාහුල හිමි­පා­ණන් වහන්සේ ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති මගින් ලැබෙන පිටු­ව­හල මෙසේ අගය කළේය.

“සතර පේරුවේ දායක දායි­කා­වන්ට ආහාර සපයා ගැනීම වගේම අසිරු කාර්ය­යක් තමයි පාන­යට සුදුසු ජලය සපයා ගැනීම. අපි­රි­සිදු ජලය නිසා මේ ප්‍රදේ­ශ­වල වයස් භේද­ය­කින් තොරව කාන්තා පිරිමි හැමෝම වකු­ගඩු රෝග­ව­ලට ගොදු­රු­වෙලා මිය­යන්ට පටන් ගත්තා. මේ නිසා සම­හර දරු පවුල් අස­රණ වුණා. මේ සඳහා මුලින්ම යෙදිය යුත්තේ පිරි­සිදු වතුර ටිකක් දෙන එකයි. සම­හර ස්ථාන­වල මුද­ලට ෆිල්ටර් කළ ජලය තිබු­ණට ඒවායේ ගුණා­ත්ම­ක­භා­වය පිළි­බඳ ජන­තා­වට විශ්වා­ස­යක් නෑ. හැබැයි ජනා­ධි­පති කාර්ය සාධක බළ­කාය නාවික හමු­දාව හරහා මේ ලබා දෙන ජලය පාන­යට ඉතාම සුදු­සුයි කියන විශ්වා­සය අපට තිබෙ­නවා. දැන්වන් අපේ දාය­ක­යින්ට හිතට එක­ඟව විශ්වා­ස­යෙන් වතුර උගු­රක් බොන්ඩ පුළු­ව­න්කම ලැබුන එක ගැන හරිම සතු­ටුයි. “

කුරු­ණෑ­ගල දිස්ක්‍රි­ක්කයේ වැඩිම ප්‍රති ආශැති කරණ ජල පද්ධති වැ‍ඩිම සංඛ්‍යා­වක් ස්ථාපිත කර තිබෙන්නේ ඇහැ­ටු­වැව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යෙයි. එහි ප්‍රාදේ­ශීය ලේකම් ඩබ්.ආර්.ඩබ්.ආර්. වැලි­පි­ටිය මහතා අද­හස් දැක්වූවේ මෙලෙ­සිනි.

“මේ කොට්ඨා­සය හරිම දුෂ්ක­රයි. නිය­ඟය තදයි. ළිංවල ජල­යත් කිවු­ලයි. ජලය පානය කිරී­මට නම් පිරි­සිදු කළ යුතු­මයි. සෞඛ්‍ය අංශයේ වකු­ගඩු රෝග සාය­න­ව­ලින් මේ කොට්ඨා­සය තමයි වැඩි­පු­රම වකු­ගඩු රෝගීන් හඳු­නා­ගෙන තිබෙන්නෙ. ඒ නිසා ආරො­ප්ලාන්ට් වැඩි ප්‍රමා­ණ­යක් අපිට ලැබුණා. තව තවත් ඉල්ලීම් තිබෙ­නවා. එම ඉල්ලීම් ද සලකා බලා ජනතා අව­ශ්‍යතා ඉටු­කර ජන­තාව වකු­ගඩු රෝග­ව­ලින් මුදවා ගන්න හැකි­වෙයි. ඒ අනුව ජනා­ධි­ප­ති­තු­මාගේ වගේම අපේත් සිහි­නය නිරෝගී ජන­තා­වක්. එය සැබෑ කර­ගන්න මේ තුළින් හැකි­යාව ලැබෙයි.”

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ වකු­ගඩු රෝග නිවා­රණ ව්‍යාපෘති සම්බ­න්ධී­කා­රක ජගත් නය­න­ප්‍රිය මහතා සතුටු සිතින් යුත්තව මෙසේ පැහැ­දු­වේය.

“ජනා­ධි­ප­ති­තු­මාගේ සංක­ල්ප­යක් තමයි අපි මේ කැප­කි­රී­මෙන් ක්‍රියා­වට නගන්නෙ. අද මේ සඳහා රුපි­යල් මිලි­යන 400 කට වැඩි මුද­ලක් යොදා­ගත හැකිව තිබෙ­නවා. නිරෝගී ජන­තා­වක් රට­පුරා බිහි­කි­රීමේ අර­මු­ණින් වකු­ගඩු රෝගය උග්‍ර කොට්ඨා­ස­වල මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කර­නවා. ජනතා ඉල්ලී­ම්ව­ලට අනුව ජල පද්ධති ගම් නිය­ම්ගම් පු‍රා ඉදි­කර ජනා­ධි­ප­ති­තු­මාගේ අපේ­ක්ෂාව මල්ඵල ගන්ව­නවා.”

ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්ද­වෙල මහතා පැව­සුවේ මෙවැ­න්නකි.

“ජනා­ධි­ප­ති­තුමා සෞඛ්‍ය ඇමති විදි­හට කට­යුතු කළ කාලයේ වකු­ගඩු රෝග නිවා­රණ පිළි­බඳ පැවති අද­හ­සක් තමයි අද මෙලෙස ක්‍රියා­ත්මක කරන්නේ. ජනා­ධි­පති කාර්ය සාධක බළ­කායේ සෘජු අධි­ක්ෂ­ණය ය‍ටතේ ජාතික වකු­ගඩු අර­මු­දල පිහි­ටෙව්වා. එතු­මාගේ මැති­ව­රණ ව්‍යාපා­ර­යට පෝස්ටර් මුද්‍ර­ණ­යට ලබා දුන් රුපි­යල් ලක්ෂ දෙකක මුද­ලින් තමයි ආරම්භ කළේ . අද වන විට ජාතික වකු­ගඩු අර­මු­ද­ලට ශත 50, රුපි­යල්, රුපි­යල් දහය, සියය, දහස, දස දහස, ලක්ෂය වගේ මුද­ලුත් ලැබෙ­නවා. නිරෝගා ලොත­රැ­යිය මාස්පතා මුල්‍ය ප්‍රති­පා­දන ලබා­දෙ­නවා. අද වන විට රුපි­යල් මිලි­යන 400 කට වැඩි අර­මු­ද­ලක් මේ ජල පද්ධ­ති­වල විදුලි බිල පවා ගෙවන්නේ මේ අර­මු­ද­ලෙන්. එහෙම කරලා ජන­තා­වට පිරි­සිදු පානීය ජලය ලබා දීම තමයි අපේ එකම අර­මුණ.”

අද වන විට වකු­ගඩු රෝගය අව­දා­නම් කලාප ලෙස කුරු­ණෑ­ගල, අනු­රා­ධ­පු­රය, පොළො­න්න­රුව, මාතලේ, බදුල්ල, මොන­රා­ගල, ත්‍රිකු­ණා­ම­ලය, මුල­තිව්, වව්නි­යාව සහ

හම්බ­න්තොට දිස්ත්‍රික්ක හඳු­නා­ගෙන ඇත. පසු­කා­ලී­නව මෙයට පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යද ඇතු­ළත් විනි. අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ප්‍රති ආශ්‍රැති කරන ජල පද්ධති 184 ක් ඉදි­කර ඇති අතර පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ 35කි. මාතලේ දිස්ත්‍රි­ක්කයේ 34ක් බදුල්ල දිස්ත්‍රි­ක්කයේ 40, මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ 47 ක් ත්‍රීකු­ණා­ම­ලයේ 31ක් අම්පාර දෙකකි. (02) මුල­තිව් හයක් (06), වව්නි­යාව 42ක්, හම්බ­න්තොට අටක් (08) යාප­නය දෙකක් (02) පුත්ත­ලම 16 ක් මන්නා­රම තුනක් (03) සහ මඩ­ක­ල­පුව ප්‍රති ආශ්‍රැති කරණ ජල පද්ධති දෙකක් (02) ලෙස මෙම ජල පද්ධති ඉදි­කර ඇත.

මෙම ව්‍යාපෘති ඉදි­රි­යේදි තව තවත් ව්‍යාප්ත වෙනු ඇත. කොහොම වුණත් ජල පොදක් නැතිව දහ­දුක් විදි මෙන්ම නිර­න්ත­ර­යෙන්ම තමන් ද වකු­ගඩු රෝග­යට ගොදුරු වේයැයි බියෙන් දිවි ගෙවු ජන­තාව දැන් පිරි­සිදු ජලය ලැබී­මෙන් සැන­සුම් සුසු­මක් හෙළ­න්නාහ.

අනිල් ගාමිණී විජේරත්න
ජායාරූප - අඹන්පොළ සමූහ

Comments