සිංගර් මෙරට ජනප්‍රියතම වෙළෙඳනාමය ලෙස ජනතා සම්මානයට | සිළුමිණ

සිංගර් මෙරට ජනප්‍රියතම වෙළෙඳනාමය ලෙස ජනතා සම්මානයට

ශ්‍රී ලාංකිකයන්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දොළොස් වස පුරා වැජඹුණු 'සිංගර්' සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති SLIM-NIELSEN සම්මාන උළෙලේදී අඛණ්ඩව 13 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය” ට හිමි සම්මානයෙන් යළිත් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන NIELSEN ආයතනය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙල පසුගියදා වෝටර්ස් එජ්හි පැවැත්විණි. දහතුන් වසරක් පාරිභෝගික හදවත් දිනා ගනිමින් සාර්ථකව ඉදිරියට ඇදෙන සිංගර් ශ්‍රී ලංකා සමාගම ජනප්‍රියතම වෙළඳ නාමයට අමතරව “වසරේ හොඳම පාරිභෝගික වෙළඳ නාමය” (Consumer Durable Brand) සඳහා වන සම්මානයද අඛණ්ඩව 13 වන වරටත් හිමිකර ගැනීමට සමත්විය.

මෙම සම්මානය වඩාත්ම වැදගත් වන්නේ දිවයින පුරා විසිරී සිටින සියලුම වයස් කාණ්ඩවලට අයත් දහස් සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ සහභාගීත්වයෙන් කරනු ලබන සමීක්ෂණයක් තුළින් ජයග්‍රාහකයින් තෝරාගැනීමයි. විවිධ විෂයන් කෙරෙහි ජනතා අදහස් විමසමින් දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය කෙරෙමින් චිත්‍රපට, ටෙලිනාට්‍ය, ජනමාධ්‍ය, වෙ‍ෙළඳ නාම, විවිධ මාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන්, වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රයන්හි ජනප්‍රියතම නාමයට වාර්ෂිකව සම්මාන පිරිනැමෙන එකම අවස්ථාව වන්නේ මෙම SLIM-NIELSEN සම්මාන උළෙලයි.මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් පළකල සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ මහතා මෙය අර්ථ ගැන්වූයේ විශිෂ්ටයන් අතරින් අතිවිශිෂ්ටයා තෝරා ගැනීමේ අවස්ථාවක් ලෙසය.ඔහු මෙසේද කියයි.

“විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි වෙළෙඳ­‍ෙපාළ දැවැන්තයන් අතර ශ්‍රී ලාංකික ජනතාවගේ ජනප්‍රියතම වෙළෙඳ නාමය බවට සිංගර් පත්වන්නේ ඔවුන් අප වෙත තබා ඇති අතිවිශිෂ්ට විශ්වාසය නිසයි. මෙය කිසිවකුට තනිව කරන්න බැහැ. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අපි එක කණ්ඩායමක් ලෙස පාරිභෝගිකයන් හට සේවය සලසන ගමන් අනෙක් පසින් අපි අපේ වගකීමත් නොපිරිහෙලා ඉටු කරනවා. වසර 143ක ඉතිහාසයක් උරුම සිංගර් ශ්‍රී ලංකා සමාගම දේශීය නිෂ්පාදනයන්ට අමතරව ජාත්‍යන්තර වෙ‍ෙළද­‍ෙපාළ ජයගත් වෙ‍ෙළඳ නාම රැසක් අපේ පාරිභෝගිකයන් හට ඉදිරිපත් කර තිබෙනවා. සිංගර් සහ සිසිල් නාමයන්ට අමතරව SONY, SAMSUNG, SHARP, HITACHI, HUAWEI, TCL, BEKO, DELL ආදී 50කට අධික වෙ‍ෙළඳ නාම ගණනාවකට අයත් භාණ්ඩ 1500කට අධික ප්‍රමාණයක් දිවයින පුරා විසිරුණු 450ක් පමණ වන ප්‍රදර්ශනාගාර තුළින් මිලදී ගැනීමේ අවස්ථාව උදාකරදී තිබෙනවා.“

අදහස්