නොමිලේ අක්ෂි කාච ලක්ෂයක් | සිළුමිණ

නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්

රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනානායක මහතාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ නොමිලේ අක්ෂි කාච ලබාදීමේ උත්සවය කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පසුගිය දා පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ගෙන් සියයට 95ක්ම නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළට කැමැත්ත පළකර ඇති බවත් වෛද්‍යවරුන්ගෙන් සියයට 5ක් පමණ අකමැත්ත පළකර ඇති බවයි.

එසේම 2019 වර්ෂය අවසන් වනවිට අක්ෂිකාච නොමිලේ ලබාදීමේ සීමාව දෙලක්ෂය දක්වා වැඩිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

Comments