නිවේදක සිහිනය සැබෑ කරගත් රුවන් | සිළුමිණ

නිවේදක සිහිනය සැබෑ කරගත් රුවන්

සංගීත ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු වන ඔහු නමින් රුවන් තොටගමුව. ගාල්ල, රත්ගම, උපන් රුවන් තොටගමුව රත්ගම - දේවපතිරාජ ජාතික පාසලේ ආදි සිසුවෙකු වන අතර ඔහු උසස් අධ්‍යාපන කටයුතු වානිජ අංශයෙන් හදාරා ඇත. පාසල් කාලයේ සිටම නිවේදකයකු වීමේ සිහිනය තිබු ඔහු අද වන විට සංදර්ශන නිවේදකයකු ලෙස කටයුතු කරයි. පාසල් කාලයේ සිටම තිබු දක්ෂතාව නිසා වර්තමානයේ ලංකාවේ සෑම සංගීත කණ්ඩායම් සමග ප්‍රසංගවලදී නිවේදකයකු ලෙස සහභාගී වී ඇති අතර ජනප්‍රිය සංගීත කණ්ඩායම් වන ෆ්ලෑෂ් බැක්, ඕල්රයිට්, සනිධප, සීදුව සකුරා, පර්පල් රේන්ජ්, ඔක්සිජන්, සීරියස්, සීදුව බ්‍රාවෝ, පවර් පැක්, සහරා ෆ්ලෑෂ්, ෆීඩ් බැක්, මාතා, තාල්, සුපර් ෆ්‍රෙන්ඩ් සමග ප්‍රසංග මෙහෙයවා ඇත. ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනිය සංවිධානය කල ‘තුරුණු ශක්ති‘ සෞන්දර්ය චාරිකාවේ දකුණු පළාත් තරගයෙන් 6 වැනි ස්ථානය ලබා ලන්නා ලදි. 2003 වසරේ ‘යෞවන සම්මාන‘ තරගාවලියේ දකුණු පළාතේ හොඳම නිවේදකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රසංග නිවේදක භූමිකාවට අමතරව රුවන් තොටගමුව හඬ කැවීම් ශිල්පියකු ලෙසද කටයුතු කරන අතර රූපවාහිනි, ගුවන් විදුලි වෙළෙඳ දැන්වීම් සඳහා හඬ මුසු කර තිබේ. ගී පද රචනා කිරීමටද දස්කම් දක්වන ඔහුගේ නිර්මාණ නුදුරේදීම අසන්නට ලැබෙනු ඇත. ප්‍රසංග සහ වෙළෙද සැණකෙළි සම්බන්ධීකරණ ශිල්පියකු ලෙසද කටයුතු කරන රුවන් ප්‍රසංග සඳහා ඇරියුම් කළ සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පිරිනමයි.

 

ඔහුගේ ලිපිනය

රුවන් තොටගමුව

රත්ගම - ගාල්ල

Comments