එෂාන් පීරිස් ෆෝමියුලා 03 තරගයක් ජය ගත් පළමු ලාංකිකයා | සිළුමිණ

එෂාන් පීරිස් ෆෝමියුලා 03 තරගයක් ජය ගත් පළමු ලාංකිකයා

ආසියානු ෆෝමියුලා 03 වින්ටර් තරගාවලියේ දී අවසන් තරගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දිමට මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් පසුගිය දා සමත් විය.

මැලේසියාවේ සෙපැන්ග් අන්තර්ජාතික ධාවන පථයේදි පසුගියදා අවසන් වු ආසියානු ෆෝමියුලා 3 වින්ටර් තරගාවලියේ දී මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කිරිමට එෂාන් පීරිස් සමත් විය. ඇබ්සොලුට් රේසිං කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක් වු ශ්‍රී ලංකා ක්‍රීඩක එෂාන් පළමු තරගයේදිම මෙම සාර්ථක ආරම්භය ලබා ගැනිම නිසා දෙවන වටයට සුදුසු කම් ලැබුවේය. ඒ ආරම්භය එලෙසින් පවත්වා ගනිමින් දෙවන සුදුසුකම් ලැබීමේ වාරයේ දී හොඳම හතරවන වේගය වාර්තා කිරීමට එෂාන් සමත්ව ඇත.

සුදුසුකම් පූර්ණ කිරිමේ දී පළමු තරගයේ දී හයවන ස්ථානයේ ධාවනය කරමින් සිටිය දී ප්‍රතිවාදියකුගේ වේගවත් පසුකිරිමක දී අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් විමට එෂාන්ට සිදු වුවත් එදින අවසානයේ පැවැති 8 වැනි තරගයෙදී හයවන ස්ථානයෙන් ආරම්භ කළ එෂාන් ඉතා හොඳ ආරම්භයක් ලබාගනිමින් සියලු බාධක අභිබවා යමින් සාර්ථක ලෙස ඉදිරියට ඒමට සමත්ව ඇති අතර තරගය අවසන් වන තුරුම පෙරමුණේ පසුවිමට සමත්ව ඇත. එෂාන් එම තරගය නිමා කර ඇත්තේ ආසියානු ක්‍රිඩකයකු තරගය අවසන් කළ හොඳම කාළය වාර්තා කරමින්ය.

සමස්ත තරගාවලියේ පස්වන ස්ථානයෙන් තරගය ආරම්භ කළ එෂාන් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් දෙවන ස්ථානය කරා ලගාවීමිට සමත්ව ඇති අතර දෙවන වටයේ දී තම කණ්ඩායමේම සගයකු වු යී යිෆී විසින් එෂාන්ගේ ස්ථානය ආක්‍රමණය කර ඇත. තම කණ්ඩායම් සගයා වු යී යිෆී හා ඕස්ට්‍රේලියාවේ ජැක් ඩූහන් අතර ඇතිවූ අති තියුණු තරගය සටනකට පරිවර්තනය වි ඇති අතර මෝටර් රථ දෙකම එමගින් අනතුරට පවත්ව ඇත. එම නිසා 11 වන වටයේ දී යී යිෆීට තරගයෙන් ඉවත් විමට සිඳුවිය.ප්‍රතිවාදින් ඉතා සූක්ෂමව උපක්‍රමශීලිව ලුහුබදිමින් තරගයේ නියැලුණු එෂාන් අත්දැකීම් ලත් ධාවකයෙකුගේ ප්‍රවිණත්වය විහිදුවා ලමින් සාර්ථක ලෙස ස්ථානය ගත වෙමින් තරගය අවසන් වන තෙක්ම තම ස්ථානය රැකගනිමින් පළමු ෆෝමියුලා 03 ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්ව ඇත.

ලෝක මෝටර් රථ ධාවන පරිපාලන ආයතනය වන FIA විසින් සහතික කර ඇති ආසියානු ෆෝමියුලා 03 ශූරතාවලියේ නව තරග වාරය එළඹෙන අප්‍රේල් 06 -07 දෙදින මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේ දී පැවැත්විමට නියමිත අතර තරග වට 05කින් සමන් විත ශූරතා තරගාවලියේ අනෙකුත් තරග වාරයන් තායිලන්තය, ජපානය හා චිනයේ දී පැවැත් විමට නියමිතය.

 

 

අදහස්