ඔව්, මං ඉන්නෙත් මේ රටේ ධන­ව­තුන්ගේ ලැයි­ස්තුවේ | සිළුමිණ

ඔව්, මං ඉන්නෙත් මේ රටේ ධන­ව­තුන්ගේ ලැයි­ස්තුවේ

* මගේ ළඟ පොසි­ටිව් තින්කින් නැහැ. මං හිතන්නෙම නෙග­ටිව් විදි­යට  
* මේ ගෙවෙන අද දවස තමයි මගේ හොඳ ම දවස 
* මොන­ත­රම් කෑම තිබු­ණත් කන්න පුළු­වන් බඩට අල්ලන ප්‍රමාණෙ විත­රනේ 

ඔහු මෙරට දැන්වීම් කලාවේ ප්‍රාමා­ණි­ක­යෙකි. පුව­ත්පත් කලාවේ විවිධ ඉසව් කරා විහි­දුණු දැනුම ඇත්තෙකි. ඡායා­රූප කලා­වේත්, සිනමා පුව­ත්පත්හි මුල්ක­වර නිර්මා­ණය කිරී­මේත් ජ්‍යෙෂ්ඨ­යකු වන ඔහු, මෙරට කැලැ­න්ඩර් කලාවේ නව මාන­යක් ඇති කළේය. මුද්‍රිත සන්නි­වේ­දන ක්ෂේත්‍ර­යට බොහෝ දෑ පළ­මු­ව­රට එක් කළ අතුල මහ­ව­ලගේ, අද අලෙ­වි­ක­ර­ණය පිළි­බඳ බාහිර කථි­කා­චා­ර්ය­ව­ර­යකු සහ දේශ­ක­ව­ර­යකු ද ලෙස කට­යුතු කරන අතර, ජාත්‍ය­න්ත­ර­යේද හඳු­නන නමක් බවට පත්ව සිටී.

මේ, අඩ ­සිය වස­කට ආසන්න, ඔහුගේ කලාව මුසුවූ ව්‍යාපා­රික ජීවි­ත­යයි.

නිර්මා­ණ­ක­රු­වෙක්... ව්‍යාපා­රි­ක­යෙක්... මේ කොයි හැඳි­න්වී­මද ඔබට ගැළ­පෙන්නේ...

මං යමක් නිර්මා­ණය කරන්නෙ, මාකට් කරන්න. ඒ නිසා ඔය හැඳි­න්වීම් දෙකට ම මං අයි­තියි. හැබැයි අංක එක, ඉන් මා ලබන තෘප්තිය. මා තෘප්ති­මත් නම් පම­ණයි එය අලෙ­වි­යට සුදුසු වන්නේ. මට සතු­ටක් නැති කිසිම නිර්මා­ණ­යක්, මගෙන් අලෙවි වන්නේ නැහැ. ඒ වගේම, ඕනෑම නිර්මා­ණ­ක­රු­වෙක් තමන්ගෙ දේ අලෙවි කර­නවා. එසේ ‍අලෙවි නොකෙ­රු­වොත් නිර්මා­ණ­යට පැවැ­ත්මක් නැහැ. නිර්මා­ණ­ක­රු­වාට පැවැ­ත්ම­කුත් නැහැ. ඒ නිසා, සෑම නිර්මා­ණ­ක­රු­වකු තුළම ව්‍යාපා­රි­ක­යෙ­කුත් සිටිය යුතුයි කියන තැනයි, මම ඉන්නේ.

හැම­දේම ඩිජි­ට­ල්ක­ර­ණය වෙලා. තාක්ෂ­ණික නිර්මාණ මිස, සැබෑ කලා කෘතින් බිහි වන්නේම නැති තරම් නේද...

ඒ කතා­වට මං එකඟ නැහැ. මිනි­ර­න්ව­ලින් පැන්සල් හදන එකත් තාක්ෂ­ණය. කෙඳි­ව­ලින් පින්සල හදන එකත් තාක්ෂ­ණය. පෝස්ටර් කලර්... කැන්වස් රෙදි මේ හැම මෙව­ල­මක් ම තාක්ෂ­ණය. අද ඩිජි­ටල් තාක්ෂ­ණ­යෙන් ‍ෆොටෝ ගත්තට එදා ගත්තෙ, ෆිල්ම් රෝල් තාක්ෂ­ණ­යෙන්. හැබැයි මේවා පාවිච්චි කළේ හිතන්න පුළු­වන් මිනිස්සු. මේවා­යින් යමක් කරන්න පෙරයි, තමන්ගෙ ඒ නිර්මා­ණය මනසේ මැවෙන්නේ. ඒ මැවෙන දේයි, තාක්ෂ­ණය ඇසු­රින් ඔහු නිම­වන්නේ. එහෙම නොසිතා, තාක්ෂ­ණය ඇසු­රින් යමක් කර­න­වාද, ඔවුන් ‘ඔප­රේ­ට­ර්වරු’ පම­ණයි. හැබැයි සැබෑ නිර්මා­ණ­ක­රු­ව­කුට තාක්ෂ­ණය යනු, වැඩ පහසු කර­ගත හැකි මෙව­ල­මක් පම­ණයි.

ඒත් කලා­වට තාක්ෂ­ණය ආ පසු රැකියා හිඟ­යක් ඇති­වෙලා නැද්ද...

නැහැ. තාක්ෂ­ණය හැම­දාම තිබුණා. සිද්ධ වුණේ එය වෙනස් වීම පම­ණයි. අද පත්ත­ර­යක් ගත්තොත් මොන තරම් ඇබෑර්තු තියෙ­න­වද. මහ­න්සි­වෙලා පුද්ග­ලික අංශයේ වැඩි වැටු­ප­කට යන්න බොහෝ අය මැලියි. ඔවුන්ට ඕනෙ, අඩු පඩි­ය­කට වුණත්, රජයේ රැකි­යා­වක් කරන්න. ඔවුන්ට ඕනේ නිවාඩු. පුළු­වන් තරම් ගෙව­ල්වල ඉන්නයි ඔවුන් කැමැති. ඒක කලා­වට විත­රක් නෙවෙයි, රටේ හැම අංශ­ය­කට ම බලපා තිබෙන පොදු ගැටලු­වක්.

මොන­වද ඔබට තිබෙන ව්‍යාපාර...

මං ඇඩ්ව­ර්ට­යි­සින් කර­නවා වගේ පෙනු­ණට, ඒක මං කරන දේව­ලින් පොඩි කොට­සක් විත­රයි. ඒ.එම්. ක්‍රියේ­ෂන්ස් හැරු­ණු­කොට, ඒ.එම්.කේ. මීඩියා, ෆිල්ම් ඒජ් මීඩියා, ටොබීස් කොෆි ෂොප්, ලංකා ප්‍රිමි­යම්, බෝතල් වතුර, එළි ඇන්ඩ් ඩ්‍රී... කියන ව්‍යාපාර. මේවා, ෆිල්ම් සහ වීඩියෝ ප්‍රඩ­ක්ෂන්, ඉන්ටී­රි­යර් සොලි­යු­ෂන්ස් ඇතුළු විවිධ වර්ගයේ ව්‍යාපාර. වැද­ගත් ම දේ, මේ හැම ව්‍යාපා­ර­යක් ම මං අරඹා තිබෙන්නේ, හවු­ල්ක­රු­වන් එක්ක. ඒ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් එක්ක.

දැන්වීම් නිර්මා­ණ­ක­රු­වෙක්; කලා­ක­රු­වෙක්. කෝපි සහ වතුර විකු­ණන්න හිතුවෙ ඇයි...

මං කෝපි ලෝලි­යෙක්. අවු­රුදු විස්ස­කට විතර උඩදි ස්විට්ස­ර්ල­න්ත­යේදි බීපු කැප­චිනෝ එකක් එක්ක ආපු හැඟීම නිසා මං ‘කොෆි ලවර්’ කෙනෙක් වුණා. ‘කොෆි ෂොප්’ සංක­ල්පය ලොව පුරා ක්‍රියා­ත්මක වෙන්නේ කෝපි කෝප්ප­යක් විඳි­මින් කෙරෙන මිතුරු හමු­වීම් වෙනු­වෙන්. ව්‍යාපා­රික සාකච්ඡා වෙනු­වෙන්. නැතුව කෝපි එකක් බොන්නම නෙවෙයි. මට තිබෙන කෝපි කෝප්පයේ හැඟීම එක්ක, මගේ මිත්‍ර වෛද්‍ය­ව­ර­යාගේ සංක­ල්ප­ය­ක­ටයි, ‘Toby’s Estate’ ජාත්‍ය­න්තර සන්නා­මයේ කොෆි ෂොප් එක පටන් ගත්තේ.

දව­ස­කට කෝපි කෝප්ප කීයක් බොන­වද...

ඉස්සර නම් හයක්. දැන් තුන­කට බැහැලා. කෝපි­ව­ලත් විවිධ රස තිබෙ­නවා. රස­වි­න්ද­නය අලුත් වෙන තර­මට මං කැමැ­තියි. ජපා­නෙට ගිහින් අපේ රටේ බතුයි මාළුයි හොයන කෙනෙක් නෙවෙයි මම. යන ඕනෙම රට­කදි ඒ රටේ ආහාර විඳින එකයි මගේ සිරිත.

එත­කොට වතුර බිස්නස් එක...

ඒක කරන්නෙ මගේ වයිෆ් රේණුකා. ඒක එයාගෙ සංක­ල්ප­යක්. මං සම්බන්ධ වුණේ පස්සෙ. එයා තමයි, ඒ බිස්නස් එකේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රිය.

ව්‍යාපා­ර­ව­ලින් ලබපු ලොකු ම පාඩුව මත­කද...

මතක තියෙන්න මම කව­දා­වත් පාඩු ලබලා නැහැ. හේතුව තමයි, මං ‘පොසි­ටිව් තින්කර්’ කෙනෙක් නෙවෙයි. මං හැම වෙලා­වෙම හිතන්නෙ ‘නෙග­ටිව්’ විදි­යට. මං පටන් ගන්නෙ ම අසු­බ­වාදි තැනින්. ඕනෙම ප්‍රොජෙක්ට් එකක් පටන් ගනිද්දි මං ඉස්ස­ර­වෙ­ලාම හිතන්නෙ වර­දින තැන්. වැටෙන්න පුළු­වන් තැන්. නර­කම තැනට ලෑස්ති වුණාම, මාව වැටෙන්න තැනක් නැහැ. ඕනෑම වැරැ­ද්දක් වෙන තැන­කදි මං සූදා­නම්. මට හොඳම ප්‍රති­ඵ­ල­යත් ලැබිලා.

ඔබ ඉන්නෙත් මේ රටේ ධන­ව­තුන්ගෙ ලැයි­ස්තුවේ... එහෙ­මද...

බොරැල්ලෙ පාර අයිනෙ මේ වගේ සුවි­සල් ගොඩ­නැ­ඟි­ල්ලක් මට ම තියෙන කොට, කෝට්ටෙ ලස්සන ගෙයක් දොරක් තියෙ­න‍කොට, සේව­ක­යන්ට යාන වාහන දෙන­කොට මොන් බ්ලොන්ක් බ්‍රෑන්ඩ් එක අඳින පල­ඳි­න­කොට, සම­හරු එහෙම කිය­නවා. මං මේ රටේ ධන­ව­තුන්ගෙ ලැයි­ස්තුවෙ කෙනෙක්, කිය­න­වට මං අකැ­මැ­තිත් නැහැ.

ධන­ව­තෙක් වෙන්න හඹා ගිය ගම­නක වෙහෙස, තව­මත් ඉවර නැද්ද...

මං කිසිම දෙයක් හඹා ගිහින් නැහැ. මං මගේ විදි­යට වැඩ කළා. මිනිස්සු මාව හොයා­ගෙන ආවා. මමත් සතු­ටක් ලබන ඉස්ත­රම්ම දේ දුන්නම ඔවුන් ඒක වෙනස් දෙයක් කියලා පිළි­ගත්තා. අවු­රුදු හත­ළි­හ­කට වැඩි කාල­යක් මං වැඩ කළේ ඒ විදි­යට. සල්ලි හම්බ­ක­රන්න අද­ටත් මං බදා­ගෙන වෙහෙ­සෙන්නෙ නැහැ. එක වර­කට කන්න පුළු­වන් එක බත් පිඟා­නයි. ගෙවල් දොර­වල් මහ හුඟක් තිබු­ණත් එක සැර­ය­කට ඉන්න පුළු­වන් එක ගෙද­ර­කයි. අන්තිමේ සැත­පෙ­න්නෙත් එක වළ­කයි. මිනිස්සු තේරුම් ගන්න ඕනෙ මෙන්න මේ දේ. සල්ලි හොය හොයා වෙහෙ­සෙ­නවා ඇරෙන්න ජීවි­තය විඳින්න වෙලා­වක් නැහැ. හැබැයි මම නම් හොඳට ම ජීවිතේ විඳින කෙනෙක්. මේ ගෙවෙන ‘අද’ දවස තමයි, මගේ හොඳ ම දවස.

කලෙක සිනමා පුව­ත්පත් රැසක මුල් කව­රය සැර­සුණේ ඔබ ගත් ඡාය­රූ­ප­ය­කි­න්මයි...

ඔව්. සර­ස­විය, සුර­තුර, සත්සර, කුමරි, අර­ලිය වගේ පත්තර ගණ­නා­ව­කට චිත්‍ර, කාටුන්, ලිපි ඔය කුමන හෝ අංශ­ය­කින් සම්බන්ධ වුණා. විශේ­ෂ­යෙන් සිනමා පත්ත­ර­වල ‘කවර් පේජ් ෆොටෝ ග්‍රැෆර්’ වුණේ මං. ඒවා බො‍හෝ විට ෆැෂන් ෆොටෝ ග්‍රැෆි වුණා. මං ඡායා­රූප කලාවෙ ගුරු­ව­ර­යෙක් විදි­යට සල­කන්නේ ටෝනි රණ­සංහ මහ­ත්ම­යාගේ වැඩි­මල් සොයුරු රැලෙක්ස් රණ­සිං­හ­යන්. රැලෙක්ස්, ටෝනි, සිරිල් බී. පෙරේරා, නලින් වි‍ෙජ්සේ­කර... මේ තමයි මට හමුවූ ඡායා­රූප සහ පත්තර කලාවේ සොඳුරු දැවැ­න්ත­යින්. නලින්, විදේශ සඟරා තිස් ගණ­නක ඉංග්‍රිසි ලේඛ­ක­යෙක්. ඔහු හරහා මට අව­ස්ථාව ලැබෙ­නවා, පිට­රට සඟරා 13ක ලංකාවේ ඡායා­රූප ශිල්පියා විදි­යට වැඩ­ක­රන්න.

මොන­වද ඒ සඟරා...

ඒෂි­යන් බිස්නස්, ඉන් ඒෂියා, ටෙක්ස්ට­යිල් ඒෂියා, ෆ්ලයිට් ඉන්ට­ර්නැ­ෂ­නල්, ඔයිල් ඇන්ඩ් ගෑස් නිවුස්, සී ෆුඩ් ඉන්ට­ර්නැ­ෂ­නල්... ඔය වගේ දහ­තු­නක්. එක­වර මේ සඟ­රා­ව­ලට ඡායා­රූප සප­යන මං, ඒ දව­ස්වල හම්බ කළේ ඩොල­ර්ව­ලින්.

කලෙක මේ රටේ කැලැ­න්ඩර් කලාව තිබු­ණෙත් ඔබේ අයි­ති­යක් වගේ...

ලෙස්ටර් ජේම්ස් සූරින්ගේ චිත්‍ර­ප­ට­යක රඟ­පෑවේ නැත්නම් රංගන ජීවි­ත­යෙන් වැඩක් නැහැ වගේ. අම­ර­දේ­ව­යන් එක්ක යුග ගීයක් ගැයුවෙ නැත්නම් ගායන ජීවි­ත­යෙන් වැඩක් නැහැ... වගේ අතු­ලගේ කැලැ­න්ඩ­ර­යක පෙනී හිටියෙ නැත්නම් වැඩක් නැහැ...., කියලා නළු නිළියො කියපු යුග­ය­කුත් තිබුණා. හැබැයි මං, ඒ ප්‍රසිද්ධ චරි­ත­ව­ලින් ඔබ්බට කැලැ­න්ඩර් කලාව ගෙනාවා. කල්පනා රංගනි වගේ අලුත් මුහුණු රැසක් කලා ලෝකෙට ආවේ මගේ ඒ, සම්ප්‍ර­දාය කැඩූ තීර­ණ­යෙන්. අනික, නිරූ­පි­කා­ව­ක්වත් මනා­ලි­යක් සේ හැඩ වෙලා පිංතූ­ර­ය­කට ඉන්න අකැ­මැති කාලෙක, මේ රටේ, එක් මුස්ලිම් යුව­ති­යක් විත­රයි කැමැති වුණේ. ඒ තමයි කල්ප­නාගේ අක්කා. එදා­යින් පස්සෙ අපේ රටේ ගැහැනු ළමයි, බය නැතිව කැලැ­න්ඩ­ර් මන­මා­ලියෝ විදි­යට ඇන්දා. මොඩ්ලි­න්ව­ලට මනා­ලි­යන් එකතු වුණා.

කලාවක සම්ප්‍ර­දාය කඩන එක හොඳ දෙයක් ද...

කලාව ඉදි­රි­යට යන්නෙත් එකතු වන අලුත් දේ එක්ක. උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. ලංකාවේ පත්තර කලාවේ, පත්තරේ නම සහිත, මාස්ටර් හෙඩ් පීස් එක හැම­දාම තිබුණේ උඩම, හරි මැද. ඒ දෙපැත්තෙ කුඩා දැන්වීම් දෙකක් තිබුණා. 1994 මං ඒ සම්ප්‍ර­දාය කැඩුවා. ලංකාවේ ප්‍රධාන පුවත්පතක හෙඩ් පීස් එක අයි­නට තල්ලු කළා. අද වෙන­කොට ලංකාවේ පත්තර බහු­ත­ර­යක් මේ ක්‍රමය අනු­ග­ම­නය කර­නවා. ඇත්තටම ඒක එතෙක් පැවැති සාම්ප්‍ර­දා­යික පත්තර කලාවේ පෙරැ­ළි­යක්.

ලෝකෙ පළ­මු­ව­තා­වට කරපු දේත් මේ අතර තිබෙ­න­වද...

ජපා­නයේ ටෝකියෝ විශ්ව විද්‍යා­ලයේ විද්ව­තුන් එසේ කියා තිබෙ­නවා. ඔවුන්ට අනුව, පත්ත­ර­යක නමක් හැම­දාම ලියැ­වුණේ බොහොම විධි­මත්ව, පිළි­වෙ­ළට ලියූ අකු­රු­ව­ලින්. හැබැයි, අත්ස­නක් විදි­යට මං ලියපු ‘රාවය’ අකුරු ටික පත්තරේ නමට යෙදුණෙ පළමු වතා­වට බව මං දැන­ගත්තෙ ටෝකියෝ විශ්ව­වි­ද්‍යා­ල­යේදි. ‘රාවය’ නම, හිමි­ක­රු­වන්ගේ. ඒ නිද­හස් අකුරු ටික මගේ. ඒ වගේ ම, ජන­ශක්ති ලෝගෝ එකත් එහෙ­මයි කිය­ලයි, ඔවුන් කියන්නේ. සාමා­න්‍ය­යෙන් ලෝගෝ එකක් හදන්නේ අතින් ඇඳපු නිර්මා­ණ­ය­කින්. මේ පහන මං ගත්තු ඡායා­රූ­ප­යක්. ලෝගො එක­කට ඡායා­රූ­ප­යක් යොදපු පළමු අව­ස්ථා­වලු. ඒෂියා නෙට්වර්ක් බියෝන්ඩ් ඩිස­යින්, කියන යුනි­ව­ර්සිටි දාහ­තක මහා­චා­ර්ය­වරු තමයි එසේ කියන්නේ.

ඔබේ ජීවි­ත­යට බල­පෑ­මක් කළ පුද්ග­ල­යින් කවුද...

අම්මා සහ තාත්තා. තාත්තා ගණ­කා­ධි­කා­රි­ව­ර­යෙක්. අම්මා චිත්‍ර ශිල්පි­නි­යක්. ඒ දෙන්නගෙ අපූරු සංක­ල­නය මං. කලාව වගේම කලා­වට මිලක් දෙන්නත් මට පුළු­වන් වුණේ ඒ නිසා. ඒ කියන්නෙ ව්‍යාපා­රික ඥානය මට පිය උරු­ම­යක්.

කවුද ඔබේ ගුරු...

මට එහෙම කෙනෙක් නැහැ. හැබැයි ගුරු­ව­රයා සහ මඟ පෙන්වන්නා ලෙස මගේ ජීවි­තයේ හිටි යෝධයා මගේ බාප්පා. ඔහු විපු­ල­සාර හාමු­දු­රුවෝ, ජෝ දඹු­ලු­ගල, සුසිල් ප්‍රේම­රත්න ළඟින් ඇසුරු කළ හේවු­ඩයේ ඔවුන්ගේ සම­කා­ලී­න­යෙක්. හැබැයි ඔහු අවි­වා­හ­කයි. පළ­මු­කොට, සිය අම්මා තාත්තා බලා­ගැ­නීම වෙනු­වෙන් විවාහ නොවූ ඔහු, දෙව­නුව තමන්ගෙ සහෝ­ද­ර­යගේ දරුවො නිසා ඒ හීනය අත්හැ­රියා. මගේ අම්මාගේ අකල් වියෝව නිසා පුංචි අපිව බලා­ගන්න තාත්තට උදව් කළේ බාප්පා. ඔහු තමයි, විනය සහ ආචාර ධර්ම, අපේ ජීවි­ත­ව­ලට එකතු කළ පළමු ගුරු­ව­රයා. හරි­යට ගුරු ගීතයේ දුයි­ෂෙන් ගුරු­තුමා වගේ.

ඔබ පවුලේ කී වැනි­යද...

ලොකු අයියා. මට බාල මල්ලිලා හත­රයි. නංගියි. අම්මා නැති­වෙද්දි මට වයස දහ­තු­නයි. බාලම මල්ලිට මාස තුන­හ­ත­රක් ඇති. අපි හින්දා තාත්තා නැවත විවාහ වුණෙත් නැහැ. බාප්පා විවාහ වුණෙත් නැහැ. ඒ බලා­ගැ­නීම මොන තරම් ශ්‍රේෂ්ඨද කිව්වොත්, දුක සහ තනි­කම කව­දා­වත් අපිට දැනෙන්න ඇරියෙ නැහැ.

එත­කොට ඉගෙන ගත්තෙ...

කැල­ණිය ශාන්ත පාවුළු. කොට­හේන ප්‍රින්ස් කොලේජ්, කැල­ණිය ධර්මා­ලෝක සහ අන්ති­මට, වත්තල ශාන්ත අන්තෝනි විදු­හලේ.

‍මොනවද ඔබට තිබුණු හීන සහ අර­මුණු...

පුංචි කාලෙට ඉඳලා මං ඉගෙන ගන්න දක්ෂ­යෙක්. හැබැයි ආසා කළේ චිත්‍ර අඳින්න. ‘අම්මත් නැති පවුලෙ ලොකු ළමයා චිත්‍ර ඇඳලා හරි­ය­න­වද... කලා­කා­රයො හිඟන්නෝ...’ මගේ නෑදෑයො නිතර කියන්න ගත්තා. උසස් පෙළට ජීව විද්‍යාව කර­මින් හිටි මං තීර­ණ­යක් ගත්තා. ‘නැහැ, මොන දේ වුණත් මං කලාව අත්හ­රින්නෙ නැහැ. මං ඉස්ස­ර­හට යන්නෙ කලා­වෙ­න්මයි’ ඒ ලෙවල් පන්ති­යේදි මං මගේ පළ­වෙනි ඇඩ්ව­ර්ට­යි­සින් කැම්පේන් එක පට­න්ග­ත්තා. ඒ, එච්.ඩී. ප්‍රේම­රත්න මහ­ත්ත­යාගේ සිකු­රු­ලියා චිත්‍ර­ප­ටයේ පුව­ත්පත්... කැම්පේන් එක. ඔහු මගේ අස­ල්වැ­සි­යෙක්. ඒ වෙන‍කොට මං පත්ත­ර­ව­ලින් හදා­ගත් නමට, ඔහු මාව විශ්වා­ස­ක­රලා ඒ වැඩේ බාර දුන්නා හිතු­වට වඩා දක්ෂ විදි­යට මං ඒ දේ කළා.

මොකක්ද ඔබට පත්තර ලෝකෙ තිබූ තැන...

අටේ පන්තියේ ඉඳන් මිහිර, සතුට, සුර­තුර, සරසි පත්ත­ර­වල මගේ කාටුන් චිත්‍ර, ලිපි හරි­හ­රි­යට පළ­වුණා. තරග දිනලා නමක් හැදුණා. ඉතින්, අස­ල්වැසි එච්.ඩී. ප්‍රේම­රත්න මහ­ත්ත­යාට මං ගැන පැහැ­දී­මක් තිබුණා. ඒ පැහැ­දීම නිසාම ඔහුගේ වැඩ­ව­ලට මාව සම්බන්ධ කර­ගත්තා. ඒක තමයි මගේ කලා ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය.

එත­කොට මොකක්ද ඔබේ පළමු රස්සාව...

ආය­ත­න­ය­කට කියලා මුලින් ම වැඩ කළේ 1979 ෆිනික්ස් ආය­ත­න­යට. ඒ, නිර්මාණ ශිල්පි­යෙක් විදි­යට. ඒ වෙන‍කො­ටත් නිද­හස් ශිල්පි­යෙක් විදි­යට මං පත්තර ගණ­නා­වක ප්‍රචා­රක නිර්මාණ කරන කෙනෙක්. ඊළ­ඟට සෙනිත් ඇඩ්ව­ර්ට­යි­සින් ආය­ත­නෙය් සහය කලා අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් විදි­යට වැඩ­ක­රන මං අන්ති­මට අනුන් යටතේ වැඩ කරන්නේ මිෂන් ඇඩ්ව­ර්ට­යි­සින් ආය­ත­නයේ. ඉන් පස්සේ මං මගේ ම ආය­ත­නක් පටන් ගන්නවා.

අද ඉන්න අතුල මහ­ව­ලගේ ගොඩ­නැ‍‍ඟෙන්න බලපෑ, ප්‍රබල ම සාධ­කය කුමක්ද...

සරල හේතු දෙකයි. එක, ඉස්කෝ­ලෙ­වත් ගිහින් නැති පුංචි එකෙක් විදි­යට වයස හත­රේදි ‘හඳ­මාමා චිත්‍ර පිටු­වට’ චිත්‍ර­යක් යවලා, මං දිනලා මගේ නම රේඩියෝ එකෙන් කියපු මොහොතෙ මට දැනුණු සතුට. මට දැන් වයස 61ක්. අවු­රුදු හත­රෙදි දැනුණු ඒ සතුට සහ හැඟීම අදත් මට මත­කයි. ඒ තමයි මගේ ජීවි­ත­යට ලැබුණු පළමු සහ ප්‍රබල ම උත්තේ­ජ­නය. දෙක, අටේ පන්ති­යේදි ‘සතුට’ පත්ත­රේට චිත්‍ර කතා කාටුන් එකක් යවලා, මං ලංකා­වෙන් ම පළ­මු­වෙ­නියා වුණා. දෙවැ­නියා වුණේ අවු­රුදු හත­ළිස් ගණ­නක කෙනෙක්. මේ තමයි මගේ හද­ව­තට යළි ප්‍රබල උත්තේ­ජ­න­යක් ලද අව­ස්ථාව. වෙනස තමයි, මං එදා ගත්තු ඒ ගැම්ම නැති නොක­ර­ගෙන එක පිම්මට මේ ගමන ආපු එක. ඒක තව තවත් වැඩි­වුණේ ගෙද­රින් කලා­වට ආපු බාධක නිසා.

නිර්මා­ණ­ක­රු­වෙ­කුට කව­දා­වත් හොඳ බොස් කෙනෙක් වෙන්න බැහැ. එක­ඟද මේ කතා­වට...

නැහැ. මං බොහොම සෞන්ද­ර්ය­වා­දි­යෙක්. මානු­ෂීය හැඟු­ම්ව­ලට මුල් තැන දෙන නිර්මා­ණ­ක­රු­වෙක්. හැබැයි ආය­තන ව්‍යුහ­යේදි, ව්‍යාපා­ර­යේදි මං බොහොම තද පරි­පා­ල­ක­යෙක්. මෘදු වෙලා, සංවේදි වෙලා නිර්මාණ කෙරු­වට, බිස්න­ස්ව­ලදි එහෙම වෙන්න බැහැ.

ජ්‍යෙතිෂ්‍ය ඔබේ ජීවි­තයේ අංග­යක්ද...

මම නොදන්න දේ ඕනෑ­ත­රම් මේ ලෝකයේ ඇති. ඒ නිසා ඒවා නැහැ කියලා මං කියන්නෑ. හැබැයි, මම ඒවා විශ්වාස කරන්නෑ, ඒවාට අනු­ග­ත­වෙලා ජීවත් වෙන්නෙත් නැහැ.

මෙතෙක් ඔබ කරපු කියපු දෑ වලින් මතක තියා­ගෙන සතුටු වෙන නිර්මාණ කිහි­ප­යක් කියන්න...

වය­සක උද­වි­යට රෝගීන්ට දීපු නෙස්ට­මෝ­ල්ට්ව­ලට, බලය ජවය ශක්තිය වචන එකතු කළේ මං. ‘දින­පතා පාන­යක්’ බවට පත් කරන්න දායක වුණේ මං. රාවය, අකුරු ටික මගේ. ජන­ශක්ති ලාංඡ­නය මගේ. මහ­ජන බැංකුවේ දැන් තිබෙන රතු කහ කොළ වර්ණ පෙරැ­ළිය කළේ මං. කොටස් වශ­යෙන් යන වෙළෙඳ දැන්වීම් කලා­වක් අපේ රටට හඳුන්වා දුන්නෙ මං.

ඔබේ දරුවො කලා­වෙද... ව්‍යාපා­ර­ව­ලද...

මට ඉන්නෙ දූලා දෙන්නෙක්. ලොකු දූ චමේලි. ප්‍රංශ­යට වෙලා මාක­ටින් පිළි­බඳ මාස්ටර්ස් උපා­ධිය කර­නවා. දෙවැ­නියා, මතීෂා මෙල්බ­න්වල ෆිල්ම් මේකින් සහ ඇඩ්ව­ර්ට­යි­සින් ඉගෙන ගන්නවා. මේ උපා­ධි­යට කලින් එයා සිංග­ප්පූ­රුවෙ අවු­රුදු තුනක් ඉගෙන ගෙන අවු­රුදු තුනක් එහෙම රස්සා­ව­කුත් කළා. මායි වයි­ෆුයි තමයි මෙහෙට වෙලා බිස්නස් කරන්නේ.

දරුවො ඔබේ බිස්න­ස්ව­ලට එන්නෙ නැද්ද...

ඒ ගැන මං හිතන්නෙ නැහැ. මේ මං කැමැති දේ. එයාලා කැමැති දේ එයාලා කරයි. මගේ ලොකු දූට වයස තිහයි. විවාහ වෙලා. ඒ වුණාට අද­ටත් දූලා දෙන්නගෙ හොඳ ම යාළුවා මං.

ඔබේ දිහා බලලා කවුරු හරි ඉගෙන ගන්න­වට කැමැති දේ කුමක්ද...

හදා­රන්න. හැබැයි ෆෝන් එකෙන් ලැප්ටොප් එකෙන් නෙවෙයි; මනුස්ස ඇසු­රින්. සමා­ජය ඇසු­රින්. වට­පිට බලන්න. මිනිස්සු අධ්‍ය­ය­නය කරන්න. සීයා, ආච්චිත් එක්ක වැඩි­පුර කතා කරන්න. ඒ අය දන්න දේ එයා­ලත් එක්ක ම වැළ­ලෙන්න කලින් ඔබ නිධා­න­යක් සේ එළි­යට ගන්න. අම්මා තාත්තා එක්ක කතා කරන්න. ‘හැම­දේම දන්නවා’ කියන පුහු මත­යෙන් ඉවත් වෙන්න. මුකුත් දන්නෙ නැහැ කියලා හිත­න­කොට ඉගෙන ගන්න ලේසියි.

ජීවිතේ පාට කරන්න කැමැති මොන පාටින්ද...

මම හැඟීම් සහ සංකල්ප අලෙවි කර­න්නෙක්. ඒ සඳහා මට මේ ලෝකෙ හැම පාටක් ම ඕනෙ. මං තුළ, කලර් ග්‍රැෆර්, අයි­කොනො ග්‍රැෆර්, පේන්ටර්, මියු­සි­ෂන්. ඔය වගේ මහා ගොඩක් නිර්මා­ණ­ක­රුවො ඉන්නවා. මං කොටු­වෙච්චි නිර්මා­ණ­ක­රු­වෙක් නෙවෙයි. ඒ නිසා ජීවිතේ පාට කරන්න මට දීප්ති­මත් වර්ණ ඕනේ. අඳුරු වර්ණත් ඕනේ.

අදහස්