මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් 2019 සඳහා වන අයවැය යෝජනා මාර්තු මස 5 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අයවැය විවාදයේ කාලසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (26) අමාත්‍යමණ්ඩල රැස්වීමට ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව අයවැය දෙවන වර කියැවීමේ විවාදය මාර්තු 6 වැනි දින සිට 12 දා දක්වා ද, කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 දා සිට අප්‍රේල් 05 දා දක්වා ද පැවැත්වීමට නියමිතය. අය වැය තුන්වන වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම අප්‍රේල් 05 දා සිදු කෙරෙනු ඇත.