විසිකරන දේවලින් ජගත් තලයේ නිමැවුම් මවන ජගත් | සිළුමිණ

විසිකරන දේවලින් ජගත් තලයේ නිමැවුම් මවන ජගත්

මිනි­සාට ජීවි­තය වර­දින්නේ කවදා කොතැ­න­දි­දැයි කිව නොහැ­කිය. යමෙ­කුට ජීවි­තය වැර­දු­ණොත් වැර­දු­ණා­මය. යමෙක් නම් වැර­දුණ ජීවි­තය කෙසේ හෝ ගොඩ­නගා ගන්නේය. මේ එවන් මිනි­සෙ­කුගේ කතා­වකි.

ඔහු ජගත් කොඩි­තු­ව­ක්කුය. කලක් ඔහු වෘත්තිය මාධ්‍යවේ­දි­යෙකි. ඔහුගේ මාධ්‍ය දිවිය ඇර­ඹෙන්නේ විදු­සර පුව­ත්ප­තිනි.

“අනුර සිරි­ව­ර්ධන තමයි මගේ පුව­ත්පත් කලාවේ මුල්ම ගුරු­ව­රයා. ඔහු එව­කට විදු­සර කතු­ව­රයා. විදු­ස­රේදි මම හැම දෙයක්ම කළා. ඡායාරූප ශිල්පි­යෙක් විදි­හට චිත්‍ර ශිල්පි­යෙක් විදි­හට ලේඛ­ක­යෙක් හැටි­යට වැඩ­කළා. ඒ වෙන­කොට මම පරි­ග­ණක ශිල්පය ඉගෙන ගෙන තිබුණා. ඒ දැනු­මත් යෙදෙව්වේ විදු­සර වෙනු­වෙන්. විද්‍යා ලිපි ආදි­යත් ලිව්වා. පර්යේ­ෂණ මට්ට­මෙන් වගේම රට වටේ ඇවි­දලා විවිධ ලිපි ලිව්වා. කුරු­ල්ලන් ගැන, පරි­ස­රය ගැන විශේෂ ඇල්මක් තිබුණ නිසා මට බොහෝ පර්යේ­ෂ­ණ­ව­ලට සහ­භාගි වීමට පුළු­වන් වුණා. ධම්මිත්‍ර සම­ර­සිංහ කියන්නේ මගෙ මිත්‍ර­යෙක්. මට කෙසේ හෝ ගොළු­බෙලි පර්යේ­ෂ­ණ­යට සහ­භාගි වීම­ටත් අව­ස්ථාව ලැබුණා. පසු කාලි­නව මට වත්මන සඟ­රා­ව­ටත් ඉන්ප­සුව දිව­යින ඉරිදා සංග්‍ර­හය පුව­ත්ප­තට පුරා­විද්‍යා හා පරි­සර ලේඛ­ක­යකු ලෙස සම්බන්ධ වි කට­යුතු කිරී­මට ලැබුණා.”

කතාව කිය­මින් යන අතර ඔහු මොහො­ත­කට නිහඬ විය. ඒ ඔහුගේ ජීවි­තයේ කඩා වැටී­මයි. ආද­රය බිද වැටී­මත් සමඟ ඔහු වෙන­මම ජීවි­ත­ය­කට හුරු වන්නේය. ඒ පුරුද්දේ අව­සන් ප්‍රථි­ප­ලය වන්නේ කලක් ඔහු මාන­සික ප්‍රති­කාර ලබා­ගැ­නී­මට යාමත් සම­ඟය. පේරා­දෙ­ණිය රෝහලේ ප්‍රති­කාර ලබන අතර තුර එහි වෛද්‍ය­වරු ජගත්ගේ හැකි­යා­වන් හඳු­නා­ග­න්නාහ.

“මම ප්‍රති­කාර ලැබුවේ පේරා­දෙ­ණිය රෝහලේ. වෛද්‍ය රනිල් අබේ­සිංහ යටතෙ වගේම වෛද්‍ය ගුණ­ව­ර්ධන යට­තේත් ප්‍රථි­කාර ලැබුවා. මාස ගණ­නා­ව­කට පස්සේ වෛද්‍ය­වරු මට කිව්වා ජගත් දැන් ඔබට සාමාන්‍ය ජීවි­ත­යක් ගත­ක­රන්න පුළු­වන් කියලා. ඉන්ප­සුව ඔක්තෝ­බර් මාස­යට යෙදෙන මාන­සික සෞඛ්‍ය දිනය වෙනු­වෙන් මාව අංගොඩ රෝහ­ලට මාරු­කර එව්වා. මාව එව්වේ මාන­සික සෞඛ්‍ය ඒකකයේ වැඩ කරන්න. එහිදි මට වෘත්තිය චිකි­ත්ස­ක­යින් වන උත්පලා, රාජිකා ප්‍රිය­ද­ර්ශනි, අශෝක සංජීව හමු­වෙ­නවා. මගේ හැකි­යා­වන් හඳු­නා­ගත්ත අශෝක මහතා මට වෘත්තිය චිකි­ත්සක අංශයේ කට­යුතු කිරී­මට අව­ස්ථාව ලබලා දෙනවා. එහිදී මම රෝගීන්ට අත්කම් නිර්මාණ ආදිය කියලා දුන්නා. කෙසේ හෝ මෙහි පැවැ­ත්වුණ ප්‍රද­ර්ශ­න­ව­ලදි මගේ නිර්මාණ ඇග­යී­මට ලක්ෙව­කවා. නර­ඹ­න්නට පැමිණි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නියෝ­ජි­ත­යි­න් මගේ චිත්‍ර මිලට ගන්නවා. මෙහි සේව­යට එංග­ල­න්ත­යෙන් පැමිණි ස්වෙච්ඡා සේවි­කා­වක් මට චිත්‍ර ශිල්පය ගැන වැඩි­දු­ර­ටත් හැදෑ­රී­මට අව­ස්ථාව ලබා­දෙ­නවා. මගේ චිත්‍ර බොහෝ විට නිර්මා­ණය වුණේ මාන­සික රෝග­යක් සැදෙන්නේ කොහොම ද කියලා. මේ චිත්‍ර හැම­ගේම අව­ධා­න­යට ලක්වුණා. ඉන්දි­යා­වෙන් ආව නියෝ­ජි­ත­වරු මගේ සිතු­වම් අගය කළා. දෙද­හස් දාහත වසරේ පැවැති උත්ස­ව­ය­කදී මම ඇදපු චිත්‍ර­යක් තමයි සෞඛ්‍ය අමා­ත්‍ය­ව­ර­යාට පිළි­ගැ­න්නුවේ.”

ජගත් තම හැකි­යා­වන්වලට නැව­තීමේ තිත තබා නැත. චිත්‍ර ඇඳීමට පෙනීම යහ­පත් නොවීම නිසා ඔහු ඉවත දමන ද්‍රව්‍ය වලින් විවිධ කලා නිර්මාණ කිරී­මට අත්හදා බැලීම් කෙරු­වේය. ඔහුගේ අත්හදා බැලීම් සියල්ල සාර්ථක වී ඇත. ඉවත දමන ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප ආදිය මෙන්ම පත්තර, කාඩ් බෝඩ්, විවිධ සෙල්ලම් බඩු නිර්මා­ණය කිරි­මට ඔහු දැන් දක්ෂය. ඔහුගේ නිර්මාණවලට දැන් හොද වෙළෙඳ පලක් ද ඇත.

“ අද වෙන­කොට යෝගට් කෝප්ප, පත්තර, කාඩ්බෝඩ් ආදිය මිනි­ස්සුන්ට මහත් කර­ද­යක්. මේවා දාන්න තැනක් නැහැ. නමුත් මම මේ කරන දෙයින් එයට යම් විස­ඳු­මක් ලැබෙ­නවා. මම මේ දේවල් ඉගෙන ගත්තේ අත්හදා බැලී­මෙ­න්මයි. මම ඒ ලබා ගත්ත දැනුම ඕනෑම කෙනෙ­කුට දෙන්නට සුදානම්. අද මම උතුරු ප්‍රදේශයේ වඩු­ක්කු­ඩෙයි, කිරංචි ආදි පාසල්වල ස්වෙච්ඡා­වෙන් මේ දැනුම දරු­වන්ට ලබා දෙනවා. මීට අම­ත­රව මම චිත්‍ර වැඩ­මුළු තිය­නවා. අද මට මං ගැන අභි­මා­න­යක් තියෙ­නවා. පුංචි කාලේ ඉද­ලාම මම කලේ චිත්‍ර අදින එක. ­ස­ම­හරු මට කිව්වේ මට පිස්සු කියලා. පිස්සු කියලා හඳුන්වපු අය තමයි මේ ලෝකෙ වෙනස් කළේ. දැන් කවුරු හරි මට පිස්සා කිය­නවා නම් මං ආසයි. කාල­යක් මං ඒ වච­න­ය­ටත් බය වුණා.

මට මගේ ජිවිතේ සුන්දර මිනිස්සු හමු වුණේ මාන­සික රෝහ­ලට ආවට පස්සේ. ජීවිතේ දැන් මට මහා සැන­සි­ල්ලක් දැනෙ­නවා. මං දන්න ශිල්පය තවත් කෙනෙ­කුට ලබා දීමෙන් මං ලබන්නේ සතු­ටක්.”ජගත් පව­ස­න්නේය.

අතී­තයේ දිනෙක ඔහුට ජීවි­තයේ අනා­ග­තය ගැන අර­මු­ණක් තිබිණි. නමුදු ඒ අර­මුණු බිඳ වැටෙන්නේ ඔහුගේ මුළු ජිවි­ත­යම කඩා වැටී­මෙනි. ඔහු කෙමෙන් නැඟි­ටි­න්නේය. ජීවි­තය යළි ගොඩ­නගා ගන්නේය. දැන් තමන් ගොඩ­නගා ගත් ලෝක­යේදී ලද ශිල්පය දරු­වන්ට බෙදා දෙමින් ඔහු තෘප්ති­යක් ලබ­න්නේය.

Comments