සා/පෙළ ජාතික හැඳුනුම්පත් මාර්තු 31 ට පෙර ඉල්ලන්න | සිළුමිණ

සා/පෙළ ජාතික හැඳුනුම්පත් මාර්තු 31 ට පෙර ඉල්ලන්න

මෙවර අපොස සා/පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර මාර්තු 31 වැනි දිනට ප්‍රථම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය යුතු බව එහි කොමසාරිස් ජෙනරාල් වියානා ගුණතිලක මහතා පවසයි.

‍එහිදී ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගත යුත්තේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තම්න්තුවේ ලියාපදිංචි වූ ඡායාරූපාගාරවලින් පමණක් බවත්, අදාළ ඡායාරූප ඔන්ලයින් ක්‍රමයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබෙන්නට සැලැස්විය යුතු අතර, එම ඡායාරූප ලබාගත් ස්ථානයෙන් නිකුත් කරනු ලබන මුද්‍රිත රිසිට් පත විදුහල්පතිවරයාගෙන් සහතික කර ඉල්ලුම් පත්‍රය සමඟ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට එවිය යුතු බවත් ඒ මහතා කියා සිටී.

Comments