තුරුණු දිරියෙන් තරුණ ව්‍යවසායකයන්ට කෝටි 23ක් | සිළුමිණ

තුරුණු දිරියෙන් තරුණ ව්‍යවසායකයන්ට කෝටි 23ක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ 'තුරුණු දිරිය' ණය යෝජනා ක්‍රමය මඟින් මේ මස මුල් සති‌ෙය් රුපියල් කෝටි 23කට අධික මුදලක් තරුණ ව්‍යවසායකයන් 547 දෙනකු අතරේ බෙදා දීමට සමත් වී තිබේ.

පසුගිය 14 වැනිදා මේ ණය යෝජනා ක්‍රමය පිළිබඳ ලංකා බැංකුව මඟින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා මඟින් එම තොරතුරු අනාවරණය විය. මේ ණය ව්‍යාපෘතිය මඟින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇත. සියලු දිස්ත්‍රික්ක හා පළාත් ඉතා ක්‍රියාකාරි ලෙස මේ ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර, රත්නපුර දිස්ත්‍රික්කය සහ සබරගමුව පළාත පිළිවෙළින් ව්‍යවසායක ණය 86 සහ 106 බැගින් නිකුත් කරමින් දිස්ත්‍රික්ක සහ පළාත් අතුරින් පෙරමුණ ගෙන තිබේ.

බස්නාහිර පළාත ව්‍යවසායක ණය 91ක් සහ දකුණු පළාත 74ක්ද නිකුත් කරමින් අනෙකුත් පළාත් අතර පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයන්හි රැඳී සිටියි.

 

Comments