ණය ආධාර සාකච්ඡා හෙට ඇරැඹේ | සිළුමිණ

ණය ආධාර සාකච්ඡා හෙට ඇරැඹේ

අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ 2016–2019 විස්තීරණ ණය මුදලේ පස්වැනි වාරිකය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම හෙට (18) ආරම්භ කෙරේ.

ඉකුත් වසරේ ඔක්තෝබර් 26‍ වැනිදා රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් මේ වාරිකය ලබාදීම සම්බන්ධ සාකච්ඡා අත්හිටුවනු ලදි. එම අස්ථාවරත්වය බැහැර කරමින් යළිත් වරක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමත්, ඉන් පසු නව ඇමැති මණ්ඩලයක් වැඩ භාර ගැනීමත් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදල නැවත සාකච්ඡාවලට එළැඹුණේය. මේ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් වසරේ දෙසැම්බර් ඇමෙරිකාවට ගොස් අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ප්‍රමුඛ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කළේ ය. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණ ණය මුදල පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ගත් තීරණය මත හෙට සිට මේ සාකච්ඡා පැවැත්වෙයි.

Comments