කුරුලු එක­මු­තු­කම | සිළුමිණ

කුරුලු එක­මු­තු­කම

එදා නිවාඩු දව­සක්. නංගියි මායි මිදුලේ සෙල්ලම් කර­මින් සිටියා. තාත්තා පත්තරේ බල­මින් සිටියා. අම්මා උදේ කෑමට කිරි­බත් හද­නවා මම දැක්කා. අපේ මිදුලේ මල් ගස් අතර ටිකක් ලොකු සඳුන් ගසක් ති‍බෙනවා. ඒ ගහේ නිත­රම වාගේ කුරුල්ලන් ගොඩක් ඉන්නවා. දෙම­ළිචචන්, පොල්කිචචන්, කොණ්ඩ කුරුල්ලන්, මයිනන් නිත­රම ඉන්නවා. මෙන්න එක පාර­ටම ලේන් ජෝඩු­වයි, කොණ්ඩ කුරුලු ජෝඩු­වයි මහ හයි­යෙන් කෑග­සන්න පටන් ගත්තා.

‍මායි නංගියි ගහ දිහා බැලුවා. දිග කහ­පාට සර්ප­යකු ගහට ඇදෙ­නවා. නංගී බය­ටම කෑග­හ­ගෙන තාත්තාගේ ඔඩො­ක්කු­වට පැන්නා.

“මොකද චූටි මේ ඉන්නේ ගැර­ඬි­යෙක්නේ. බය වෙන්න එපා” තාත්තා කිව්වා.

“අනේ තාත්තේ ලේන් පැටව්, කොණ්ඩ කුරුලු පැටව් කන්න වෙන්න ඇති යන්නේ. බේරා­ග­න්නකෝ මමත් තාත්තාට කිව්වා.

“මම භූමි­තෙල් ටිකක් අර­ගෙන එන්නම්” කියලා තාත්තා නංගීත් එක්ක ගේ ඇතු­ළට ගියා‍.

වත්තේ හිටපු කුරුල්ලන් සේරම ගහ වටේම පියඹ පියඹා කෑග­හන්න පටන් ගත්තා. මයින ජෝඩුව වේග­යෙන් ම පිය­ඹා­ගෙන ඇවිත් ගැර­ඬි­යාගේ ඇඟ දෙපැ­ත්ත­ටම කොටන්න ගත්තා. ගැර­ඬියා බොහොම ඉක්ම­නට ගහෙන් බැහැලා ගියා. බලන්න කුරු­ල්ලන්ගේ එක­මු­තු­කම හරිම අගෙයි නේද?

ජේ.පී. ධනු­ෂිකා චමෝදි,
9 ශ්‍රේණිය,
ගැමුණු මහා විද්‍යා­ලය,
නෙටොල්පි­ටිය.

අදහස්