අජිත් ගුණවර්ධනගෙන් Fintrex ෆයිනෑන්ස් වෙත ආයෝජනයක් | සිළුමිණ

අජිත් ගුණවර්ධනගෙන් Fintrex ෆයිනෑන්ස් වෙත ආයෝජනයක්

මෙරට කීර්තිමත් ව්‍යවසායකු වන අජිත් ගුණවර්ධන මහතා සිය පෞද්ගලික, ව්‍යවසාය ප්‍රාග්ධන සමාගමක් වන බ්ලූස්ටෝන් කැපිටල් සමාගම තවදුරටත් විහිදුවමින්, මෙල්ස්ටාර් රීගල් ෆයිනෑන්ස් සමාගම Fintrex ෆයිනෑන්ස් නමින් හිමිකරගෙන ඇත. ඒ බ්ලුස්ටෝන් 1 කැපිටල් හි අනුබද්ධ ආයතනයක් ලෙසයි. Financial Entrepreneurs සහ Experts යන වදන් එක් කර Fintrex යන නාමය සැකසී ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වෙතින් නික්මී යාමෙන් අනතුරුව අජිත් ගුණවර්ධණ මහතා 2018 වසරේ අගෝස්තු මාසයේදී නව මුහුණුවරකින් යුක්තව මෙම ව්‍යාපාරය සදහා මුලපුරා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන අජිත් ගුණවර්ධන මහතා වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ව්‍යවසායක අවස්ථා බහුලයි. එමෙන්ම මෙහි දක්ෂ තරුණ ව්‍යවසායකයින් රැසක් බිහිවෙමින් පවතිනවා. ඔවුන්ගේ අලෙවි කාණ්ඩයන් වෙතින් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකියි. මූල්‍ය සහය කියන්නේ තවත් අයෙකුට ප්‍රයෝජන ගත හැකි දෙයක්. Fintrex ෆයිනෑන්ස් වෙතින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකියන්ට තම ඉලක්ක අත්පත් කර ගනිමින් ආර්ථිකය නංවාලීම සහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ඇති බවට මම විශ්වාස කරනවා. ව්‍යවසායකින් ලෙස අප සතුව දැනුම, විශේෂඥතාව සහ මූල්‍ය සහය ලබාදීමේ ඇති හැකියාව තුළින් නව ව්‍යාපාර සාර්ථකත්වය කරා රුගෙන යාමට උර දිය හැකියි.

අදහස්