සම­න්දෙවි අනු­හ­සින් රැකුණු සිරිපා හිමේ මහි­මය | සිළුමිණ

සම­න්දෙවි අනු­හ­සින් රැකුණු සිරිපා හිමේ මහි­මය

මිනිස් ඇස නොගැ­සුණු තෙත් කලා­පික අව­සන් අලි රැළේ වාස­භූ­මිය

සිංහ­ලයේ අව­සන් රජු රට හෙබවූ අව­සන් වසර කීපය තුළ මධ්‍ය කඳු­ක­ර­යේත් සබ­ර­ග­මු­වේත් වන වදුළු හරහා ඇවිද ගිය ජෝන් ඩේවි පසු කළෙක ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩු­කා­ර­යෙකු වූ රොබට් බ්‍රවු­න්රිග් ගේ පෞද්ග­ලික වෛද්‍ය­ව­ර­යාද විය. ඔහු 1819 දී සිය ලේඛ­ණ­යක දක්වා ඇත්තේ ඝන වනා­න්ත­ර­යෙන් වැසී තිබූ මෙරට කඳු­කර බිමේ වූ දිය දහ­රා­වන් ඇද­හැ­ලෙන හඬ වන­ගත පටු මං වලදී දුරට ඇසුණ ද කිසිදු අව­ස්ථා­වක පහ­සු­වෙන් දැක­ග­න්නට නොලැ­බුණු බවය.

ඒ අනුව සිරි­ලක සිව්වැ­නි­යට උසින් යුතු කඳු­මු­දුන වන ශ්‍රීපාද කන්ද සහිත ශ්‍රීපාද අභ­ය­භූ­මියේ අතීත ස්වභා­වය ගැන යම් අද­හ­සක් සිත්හි මවා ගන්නට අපට පිළි­වන. වතු වගා­වත් සමඟ හෙළි පෙහෙළි වී ගිය කඳු­ක­රයේ බොහෝ බිම් අතර නොඉ­ඳුල්ව ආරක්ෂා වන්නට සිරිපා වන ගොමු­වට හැකි­යාව ලැබිණි.

අද සට­හ­නෙන් සිරිපා අඩ­වියේ ජෛව විද්‍යා­ත්මක සහ භූගෝ­ලීය වැද­ග­ත්කම ගැන විම­ස­නුයේ සිරි­පා­දය කේන්ද්‍ර කොට­ගෙන නිර්මා­ණය වූ සාමා­ජීය සහ සංස්කෘ­තික වැද­ග­ත්කම් සඳහා එහි භූගෝ­ලීය පිහි­ටී­මද, ජෛව විද්‍යා­ත්මක වටි­නා­කම්ද දායක වී ඇති නිසාය.

අපේ රටේ භූ විෂ­ම­තා­වය පිළි­බඳ තොර­තුරු ඇතු­ළත්ව එල්සි කේ. කුක් නමැති ඉංග්‍රීසි ජාතික භූ විද්‍යා­ඥ­ව­රිය අතී­තයේ දී රචනා කළ ‘ලංකා භූගෝල විද්‍යාව‘ ග්‍රන්ථ­යට අනුව පිදු­රු­ත­ලා­ගල සහ සම­නල කන්ද වසා­ගත් සදා­හ­රිත කඳු­කර තෙත් ගන වනා­න්ත­ර­ව­ලින් මෙරට මුළු මධ්‍ය කඳු­ක­ර­යම වැසී තිබූ බව පවසා ඇති අතර කෝපි, සිංකෝනා හා තේ වැනි වගා­වන් සඳහා මේ ඝන වනා­න්තර එළි- පෙහෙළි කළ ඉංග්‍රී­සිහු එම සශ්‍රීක පරි­සර පද්ධ­තිය වාණිජ අර­මුණු සඳහා යොදා­ගෙන තිබු­ණහ. සම­හර ජන­ප්‍ර­වාද අනුව සම­නොළ අඩ­වියේ පහළ ප්‍රදේශ ජනා­වාස වී ඇත්තේ සුද්දන්ගේ වතු වගා­වත්, රාජ­කාරි ක්‍රම­යත් ප්‍රති­ක්ෂේප කළ අත­ලො­ස්සක් සිංහල රට­වැ­සි­යන් නිසාය.

ඉංග්‍රීසි රජය විසින් සම­නල අඩ­විය 1940 ඔක්‌තෝ­බර් මස 25 වැනිදා අභ­ය­භූ­මි­ය­ක්‌ ­ලෙස ප්‍රකා­ශ­යට පත්කළ අතර එම අව­ස්ථා­වේදී ඊට අයත්ව තිබූ බිම් ප්‍රමා­ණය හෙක්‌ට­යාර් 22379 (අක්‌කර 55948) කි. පසු­කා­ලී­නව එම අභ­ය­භූ­මි­යෙහි වැද­ග­ත්කම හේතු­වෙන් සම­නල අඩ­විය අභ­ය­භූ­මි­යෙන් තෝරා­ගත් හෙක්‌ට­යාර් 12979 (අක්‌කර 32448) ක්‌ වර්ෂ 2007 දී සංර­ක්‍ෂිත අව­ශ්‍ය­තාව සලකා දැඩි ස්‌වභාව රක්‍ෂි­ත­ය­ක්‌ ­බ­වට ප්‍රකා­ශ­යට පත් කර තිබේ. ඒ අනුව පූජ­නීය ස්ථාන­යක් ලෙස දෙස් විදෙස් වන්ද­නා­ක­රු­වන්ගේ වන්ද­නා­මා­න­යට පත්වන සිරිපා කඳු මුදුන හා ශ්‍රීපාද පද්මය පිහිටි මළුව (උස මීටර් 2243/අඩි 7360)ද, ශ්‍රී පාද (සම­නල කන්ද) කන්දේ බැති­ම­තුන්ට වෙන්වූ මාර්ග පද්ධ­ති­යද යනාදී පොදු ස්ථාන­යන් අයත් වන්නේ සම­නල අඩ­විය අභ­ය­භූ­මි­යට ය. කිසිදු අයු­ර­කින් මිනිස් ක්‍රියා­කා­ර­කම් වලින් තොර ප්‍රදේශ දැඩි රක්ෂි­ත­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර තිබේ. අතී­තයේ සිට අද දක්වාම මෙරට නිසි විද්‍යා­ත්මක ගවේ­ශ­න­ය­කට පාත්‍ර නොවූ වන­බි­මක් වේ නම් ඒ සිරිපා අභය භූමි­යයි.

සම­නළ අඩ­විය ස්‌වභාව රක්‍ෂි­තය සඳහා පැහැ­දි­ලිව සඳ­හන් කළ හැකි මායිම් නොමැත. බොහො­ම­ය­ක්‌ ­ප්‍ර­දේ­ශ­ව­ලදී පෞද්ග­ලික අංශයේ හා රජයේ වැවිලි ලෙස පව­තින වතු මායිම් මගින් ස්‌වභාව රක්‍ෂි­තය හා අභය භූමිය වෙන්වේ. නැගෙ­න­හිර මායිම පැහැ­දි­ලි­වම මධ්‍යම කඳු­ක­රයේ පිදු­රු­ත­ලා­ගල කඳු පන්තියේ හෝට­න්තැන්න ජාතික උද්‍යා­නය දක්‌වා සම්බ­න්ධවේ. අනෙ­කුත් සිය­ලුම මායිම්, එනම් උතුරු, බට­හිර හා දකුණු මායිම් අව­සන් වන නිශ්චිත සීමා­වන් හඳු­නා­ගත නොහැක. සම­හර මායිම් වෙත කිසිදු දින­යෙක රජයේ මැනු­ම්ක­රු­වෙකු හෝ වෙනත් වග­කි­ව­යුතු නිල­ධා­රි­යෙකු පිවිස නැත.

ඒ මායිම් ආශ්‍රිත ජනයා විසින්ම “ඔත­නින් එහාට ඉතින් හිමේ තමා” යනු­වෙන් සිරිපා අඩ­වියේ සීමාව හද­ව­තෙහි සළ­කුණු කර­ගෙන සිටින අතර සමන් දෙවි­යන් කෙරෙහි ඇති භක්තිය සහ බිය නිසාම සිය වතු මායිම කිසිදු විටෙක හිමේට අයත් සීමාව ඉක්මවා රැගෙන යන්නේ නම් නැත.

සිරිපා කඳු මුදුන පිහිටි සම­නොළ කන්ද මධ්‍යම කඳු­ක­රයේ සබ­ර­ගමු කඳු පංතියේ පිහිටා ඇත. සිරිපා දැඩි රක්ෂි­තය සබ­ර­ග­මුව හා මධ්‍යම පළාත් දෙකට ගැනෙන අතර පිළි­වෙ­ළින් කෑගල්ල, රත්න­පුර හා නුව­ර­එ­ළිය දිස්‌ත්‍රි­ක්‌ක­ව­ලට රක්‍ෂි­තය අයත් වේ. රත්න­පුර, කුරු­විට, දැර­ණි­ය­ගල, නුව­ර­එ­ළිය, මස්‌කෙ­ළිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්‌ඨාස රක්‍ෂි­තය අය­ත්වන බල ප්‍රදේශ වේ. නුව­ර­එ­ළිය දිස්‌ත්‍රි­ක්‌ක­යට හෙක්‌ට­යාර් 4897 (අක්‌කර 12243) ක්‌ද, රත්න­පුර දිස්‌ත්‍රි­ක්‌ක­යට හෙක්‌ට­යාර් 17483 (අක්‌කර 43707) ක්‌ද රක්‍ෂි­ත­යෙන් අය­ත්වන අතර කෑගල්ල දිස්‌ත්‍රි­ක්‌ ­මා­යිම් යම් දුරක් ඉක්ම­ව­මින් රක්‍ෂි­තය විහිද ඇති බව 1:50000 සිති­යම් පරී­ක්ෂා­වෙන් හඳු­නා­ගත හැකිය.

සම­නල අඩ­විය පටි­ය­ක්‌ ­මෙන් බට­හිර නැගෙ­න­හිර දිශා­නු­ග­තව විහිද යයි. දිගින් කිලෝ­මී­ටර 45 ක්‌ වන මෙම බිම් තීරුවේ සාමාන්‍ය පළල කිලෝ­මී­ටර් 18 කි. පළල අඩුම ස්‌ථානය කිලෝ­මී­ටර් දෙක­ක්‌ ­වන පටු බිම්ක­ඩකි. ගව­ර­විල සිට මාරා­තැන්න අතර මේ පටු බිම් තීරුව පැතිර ඇත. සම­නල අඩ­විය මීටර් 457 සිට මීටර් 2243 දක්‌වා උස පරා­ස­යක විහිදේ. ශ්‍රීපා­දය යනු සිරිපා අඩ­වියේ කඳු ශිඛර ගණ­නා­ව­කින් ප්‍රධා­නම කන්දය. එම අඩ­වියේ ශ්‍රීපා­දය වටා පරි­වාර කඳු ලෙස බෑන සම­නොළ (මීටර් 2010), දෝතු­රු­ගල (මීටර් 1726), උඩ ලක්ෂ­පාන ( මීටර් 1567) , රත්කන්ද, දෙත­න­ගල, ධර්ම­රා­ජ­ගල, පර­වි­ය­න්ගල, කෝදු­රු­ගල වැනි කඳු ශිඛර පවතී.

කඳු­කර වනා­න්තර ගණ­යට ගැනෙන වන­ග­හ­න­ය­කින් පෝෂිත සම­නල අඩ­විය අති­ශය සංවේදී ජල­පෝ­ෂිත ඉහළ ජලා­ධාර ප්‍රදේ­ශ­ය­ක්‌ වේ. මෙම වන­ගො­මු­වෙන් කළු, වලවේ, කැලණි යන ගංගා ත්‍රිත්ව­යම සෘජු­වම උපත ලබන අතර එම ගංගා හා සම්බ­න්ධ­වන කුඩා දිය කඳුරු 295ක් සම­නොළ අඩ­වියේ උල්පත් වලින් ජීවය ලබයි.

මෝහිනී ඇල්ල, ලක්ෂ­පාන, යකා ඇඬූ ඇල්ල, මාප­නාන ඇල්ල, මරේ ඇල්ල, ගාට්මෝර් ඇල්ල, දීයන් ඇල්ල, අලු­පොළ ඇල්ල ආදී දිය ඇලි සිරිපා අඩ­වියේ විවිධ ස්ථාන­ය­න්ගෙන් පහ­ළට කඩා හැළේ.

යාබද රත්න­පු­රයේ වාර්ෂික වර්ෂා­ප­ත­නය මිලි­මි­ටර 3750ක්ද, නුව­ර­එ­ළියේ සාමාන්‍ය වාර්ෂික වර්ෂා­ප­ත­නය මිලි­මී­ටර් 1900ක්ද වන විට සම­නල අඩ­වියේ සාමාන්‍ය වාර්ෂික වර්ෂා­ප­ත­නය මිලි­මී­ටර් 5000 කි. වසරේ මාස හය­ක්‌ ­පුරා ඉතා හොඳ වර්ෂා­ප­ත­න­ය­ක්‌ ­මෙහි පව­තීන අතර වැඩිම වර්ෂාව ලැබෙන්නේ නිරි­ත­දිග මෝසම පව­තින මැයි - ජුනි - ජුලි මාස­ව­ලදී ය. දෙසැ­ම්බර් - ජන­වාරි - පෙබ­ර­වාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝස­මේදී ලැබෙන වර්ෂා­ප­ත­නය ඉතා අඩුය. නිරි­ත­දිග මෝසම් සම­යේදී ඝණ, තද මිහි­දුම් පත­න­යක්‌ද අධික සීත දේශ­ගු­ණ­යක්‌ද සම­නල අඩ­වි­යෙන් හා ශ්‍රීපාද මළු­වෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි­ග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සම­යේදී අංශක - 5-10 දක්‌වා උෂ්ණ­ත්වය පහළ බසී. ශ්‍රීපාද වන්දනා වාරය උඳු­වප් පොහො­යෙන් ආර­ම්භව වෙස­ක්‌ ­පො­හොය දක්‌වා විහිද යන්නට බලපා ඇති ප්‍රධා­නම හේතුව මේ කාල­ගුණ රටාවේ ස්වභා­ව­යයි.

සිරිපා වන වියනේ දඹ, කීන, මඩොල්, වෙරළු, දවුල් කුරුඳු, දොරණ, රත්දුන්, රත්මි­හිරි, කිතුල් වැනි ශාක ප්‍රජා­ව­ක්‌ ­ද­ක්‌නට ලැබෙන අතර, යටි­රෝ­ප­ණයේ නෙලු, බෝවි­ටියා, මහ­ර­ත්මල්, කොක්‌මොට, ගිනි­හොට, බේරු, ලියන්, කටු­කි­තුල්, රණ­බට, රන්දෝ­තළු. වැනි මීටර් 15 ක්‌ ත­රමේ උසට වැඩෙන ශාක ප්‍රජා­ව­කින් සම­න්වි­තය. සම­නළ අඩ­වියේ මීටර් 1650කට වැඩි උසින් වූ ප්‍රදේශ “සම­නළ වන බිම්” නමින් හැඳි­න්වෙන අතර එහි පව­තින ශාක බොහො­ම­යක් සම­නොළ අඩ­වි­ය­ටම සීමා වී තිබේ.

උඩ­වැ­ඩියා විශේෂ රැසක්‌, බේදුරු, මහා­රා­වණා රැවුල, ලයි­කන, මාකැ­න්ටියා, කුඩා­හැ­ඩයා, මහ­හැ­ඩයා වැනි ශාක විශාල ගස්වල කඳන් මත “අපි­ශාක” ලෙස හමුවේ. දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළාව මත හරිත ඇල්ගී, නීල­හ­රිත ඇල්ගී, පොග­නේ­ටම්, මාකැ­න්ටියා වැනි විල්ලුද ශාක, දිලීර (හතු) බහුල ලෙස දැක­ගත හැකිය. මග­ගි­රි­දඹ ප්‍රදේ­ශ­යේදී හොඳින් අව් රශ්මිය ලැබෙන ස්‌ථාන­වල මහ­සු­දනා, කුඩා සුදනා, නගා­මැරූ අල, වැනි වටිනා දුලබ ඖෂධ ශාක වැඩේ. මහ­බෝ­ටියා, පූ බෝටියා, මහ­නුග, කලා­නුග, ඉරු­රාජ, සඳ­රාජ වැනි දුර්ලභ ඖෂධ ශාක රැස­ක්‌ ­ර­ක්‍ෂි­තය තුළින් වාර්තා­වන අතර වනා­න්ත­ර­යට අලං­කා­ර­ය­ක්‌ ­එ­ක්‌ක­රන මහ­ර­ත්මල් නොහොත් අසෝ­ක­මල් ශ්‍රී ලංකා­වේදී ප්‍රථ­ම­යෙන්ම වාර්තා­කර ඇත්තේද ශ්‍රීපාද මාර්ගය අස­බ­ඩ­දීය. ඒ ලෝක ප්‍රකට දේශ ගවේ­ෂ­ක­යකු වූ ග්‍රීක ජාතික ඉබන් බතුතා විසින් 1343 දීය. ශ්‍රී ලංකා­වෙන් වඳව ගිය බවට විශ්වාස කළ මැන්ඩෝර ශාක විශේ­ෂ­යක්‌ද 1981 දී සම­නල අඩ­වි­යෙන් යළිත් වාර්තා වී තිබේ.

සම­නළ අඩ­වි­යෙන් වාර්තා­වන විශා­ල­තම ක්‍ෂීර­පා­යින් විශේ­ෂය අලි­යාය. තෙත් කලා­පයේ දිවි­ගෙ­වන අව­සන් අලි ගහ­න­යට අයත් එක්‌ ­කො­ට­ස­ක්‌ ­සිං­හ­රාජ වනා­න්ත­රය අවට දිවි­ගෙ­වන අතර ඉතිරි කොටස දැක­ගත හැක්‌කේ සම­නල අඩ­වි­යෙනි. දහ­ය­කට අඩු පිරි­ස­ක­ගෙන් යුතු අලි රැළ­ක්‌ ­මෙහි දිවි­ගෙ­වන බව විශ්වාස කෙරේ. රත්න­පුර, කුරු­විට හා මාලි­බොඩ මාර්ග­ව­ලට සම්බ­න්ධ­වන සුදු­වැල්ල - හැර­මි­ටි­ප­හන - මැද­ඉන්න - බේරු මණ්‌ඩිය ප්‍රදේ­ශ­වල මොවුන් දිවි­ගෙ­වන බවට සාධක ලෙස වසුරු සහ පා සට­හන් දැක ගැනී­මට ලැබු­ණද සිරිපා අඩ­විය තුළ දී අලි­යෙකු දුටු වන්ද­නා­ක­රු­වෙකු හෝ ප්‍රදේ­ශ­වා­සි­යෙකු නොමැත.

කොටියා, හඳු­න්දි­වියා, වල් බළලා, කොළ දිවියා, ඌරා, වැලි­මුවා, මුග­ටියා, හම්බාවා, රිලවා, වල­ස්‌ ­ව­ඳුරා, ගෝනා, දඬු­ලේනා වැනි ක්‍ෂීර­පා­යින් විශේෂ රක්‍ෂි­තයේ දිවි ගෙවති. උභ­ය­ජී­වීන් හා උර­ග­යින් පිළි­බඳ පැහැ­දිලි වාර්තා නැතත් තෙත් කඳු­කර කලා­පීය සුවි­ශේෂ වූ උභ­ය­ජීවී හා උරග විවි­ධ­ත්ව­ය­ක්‌ ­ස­ම­නල අඩ­වි­යේදී නිරි­ක්‍ෂ­ණය කළ හැකිය. උභය ජීවී විශේෂ 21 ක්‌ හා උරග විශේෂ 38 පමණ මෙහි වාර්තාවේ. මල්ක­ර­වලා, ලේමැ­ඩිල්ලා, දල­ව­මැ­ඩිල්ලා, රළු­අං­ක­ටුස්‌සා, කඟ­මුව අංක­ටුස්‌සා, පලා කටුස්‌සා, ගරා­ක­ටුස්‌සා, කර­මල් බෝදි­ලිමා, ගැරඬි සික­නලා උර­ගුන් අතර ප්‍රමු­ඛය. සම­නල විශේෂ රැස­ක්‌ ­මෙම වන­ගො­මුවේ ගැව­සෙන අතර සම­නල අඩ­වි­යට ඒ නම ලැබී­මට මෙම සම­නල ඝන­ත්ව­යද හේතුවී තිබේ.

සම­නල අඩ­වි­යෙන් වාර්තා­වන සුවි­ශේ­ෂීම සත්ව කොට්‌ඨා­සය කුරු­ල්ලන්ය. වාර්තා­වල සඳ­හන් පරිදි සම­නල අඩ­වි­යෙන් පක්‍ෂින් විශේෂ 160 ක්‌ ප­මණ වාර්තාවේ. වන­බද කුරු­ල්ලන්ගේ වැද­ගත් විවි­ධ­ත්ව­ය­ක්‌ ­මෙහි පෙන්නු­ම්ක­රන අතර ශ්‍රී ලංකා­වට ඒක­දේ­ශීය වූ කුරු­ල්ලන්, නේවා­සික කුරු­ල්ලන් හා පර්ය­ට­නික කුරු­ල්ලන්ද ඒ අතර වේ. පර්යේ­ෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකා­වට ආවේ­ණික කුරු­ල්ලන් අත­රින් අරං­ගයා හැර අන් සිය­ලුම විශේෂ සම­නල අඩ­වි­යෙන් වාර්තාවේ. පීත­කන් කොණ්‌ඩයා, සිතැ­සියා, ගිරා­ම­ලිත්තා, අළු­ගි­රවා ඒ අත­රින් සුළ­භව දැක­ගත හැකි කුරු­ල්ලන්ය.

සම­නල අඩ­වි­යෙන් හමු­වන මත්ස්‍ය විශේෂ 17 කි. ඒ අත­රින් ඒක­දේ­ශි­ක­යින් වූ ලේ තිත්තයා, බුල­ත්හ­පයා, හල්මල් දණ්‌ඩියා, මල්පු­ළුට්‌ටා, දෙපු­ල්ලියා යන තර්ජ­න­යට ලක්‌වූ විශේ­ෂද සුල­බව හමුවේ.

පූඩාවා හෙවත් කූඩැල්ලා සිරිපා අඩ­වි­යේදී හමු­වන, වන්ද­නා­ක­රු­වන් අප­හ­සු­තා­ව­යට පත් කරන කුඩා පර­පෝ­ෂි­ත­යෙකි. සිරිපා අඩ­වියේ කූඩලු ගුලි ගැන ජන­ප්‍ර­වාද ගණ­නා­වක් පව­තින අතර සිරිපා අලින් සේම කූඩලු ගුලි ද කිසිදා කිසි­වෙ­කුට හමු වී නැත.

අතී­තය කෙත­රම් සුන්දර වුවද සිරිපා අඩ­වියේ අනා­ග­තය අවි­නි­ශ්චි­තය. ලෝක සංර­ක්‍ෂණ සංග­මය (IUCN) කළ සමී­ක්‍ෂ­ණ­ව­ලට අනුව ශ‍්‍රීපාද අඩි­වියේ සිදු­වන පරි­සර දූෂ­ණය නිසා ඉතා දුර්ලභ ශාක සහ සත්ව විශේෂ ගණ­නා­වක්ම වඳවී යාමේ තර්ජ­න­යට මුහුණ පා සිටිති. ලංකා­වට ආවේ­ණික පක්ෂි විශේෂ 14 ක්ද ඒ අතර සිටින බව (IUCN) වාර්තා­වල දැක්වේ.

සම­නොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්ත­ර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟ­වුණු චම­ත්කා­ර­යන් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

(මෙම ගවේ­ශ­නය සඳහා අව­සර ඉඩ­හ­සර ලබා­දුන් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති පූජ්‍ය බෙංග­මුවේ ධම්ම­දින්න නාහිමි පාණන්ට සහ සියළු පහ­සු­කම් සපයා දුන් ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධි­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහ­තාට)

Comments