ගාලු මුවදොර මරණය නොවිසිඳුණු අබිරහසක් | සිළුමිණ

ගාලු මුවදොර මරණය නොවිසිඳුණු අබිරහසක්

කොළඹ සුන්දරත්වය විදහාපාන ගෝල්ෆේස් පිටියට මුහුණලා පිහිටි ගෝල්ෆේස් කෝට් ටූ ගොඩනැඟිල්ල කොළඹ තිබෙන පැරැණි ගොඩනැඟිලිවලින් එකකි. එම ගොඩනැඟිල්ලේ පිහිටි නිවාස කිහිපයක ම වෙසෙන්ෙන් විදේශීය ජාතිකයන් ය.

පසුගිය 19 වැනිදා (සෙනසුරාදා) දහවල් 11.30ට පමණ පොලිස් 119 හදිසි ඇමැතුම් ඒකකයට ඇමතුමක් ලැබුණේ එ් මහල් නිවාසයේ සිවුවැනි මහලේ නිවෙසක කාමරයක පුද්ගලයකු පිලිස්සී මියගොස් ඇති බවයි.

ඒ අනුව ක්ෂණිකව ම ක්‍රියාත්මක වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. බී. පී. සිල්වාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂිකා ශිරෝමාලා ඇතුළු කණ්ඩායමක් අදාළ නිවෙස බලා ගියේ ඉදිරි පරීක්ෂණ වෙනුවෙනි.

පොලිස් කණ්ඩායම නිවෙසට යන විට ඒ පුද්ගලයා පිලිස්සී මියගොස් තිබිණි. පිලිස්සුණු සිරුරේ කකුල් දෙක ඉණ බඳින පටියකින් බැඳ තිබුණු අතර එ් පටිය ඔහුගේ ම ඉණ බැඳි පටිය ද යන්න තව ම නිශ්චිත ව ම තහවුරු වී නැත. ඇඳෙහි තිබූ මෙට්ට දෙකට ගින්නෙන් එතරම් හානියක් වී නො තිබිණි. ඒ අනුව ගින්න දැඩි ෙලස ව්‍යාප්ත වූ ගින්නක් නොවන බවට එය දකින ඕනෑම කෙනකුට හැඟෙන බව පොලිසිය සඳහන් කර සිටියේ ය.

මරණය පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණයට නිශ්චිත හේතුවක් සඳහන් නොකොට විවෘත තීන්දුවක් දී තිබුණේ මරණය පිළිබඳ ව පුළුල් පරීක්ෂණයකට ඉඩ හසර විවර කරමිනි.

එලෙස මරණයට පත්ව සිටියේ අතුරුගිරිය, අරංගල පදිංචිකරුවකු වන 48 හැවිරිදි දෙදරු පියකු වූ සේනක ශ්‍රීලාල් ජයසිංහ නමැත්තා ය. ඔහු කලක් ගුවන් හමුදාවේ ද සේවය කොට ඉවත් වූ අයෙකි.

2003 වසරේ සිට ම ශ්‍රීලාල් එ් නිවෙසේ සේවය කොට තිබිණි. නිවෙස ලක්ෂ දෙකහමාරක මාසික කුලියට ගෙන වාසය කළේ විදෙස් ජාතික යුවළකි. එහි හිමිකරු වූයේ 62 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුගේ බිරිය 38 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවකි. බ්‍රිතාන්‍ය ජාතික නිවෙස් හිමියා වසර 19ක පමණ කාලයක් එ් නිවෙසේ වාසය කරමින් මෙරට බොහෝ ව්‍යාපාරවල ආයෝජනය කළ කෝටිපතියෙකි.

ඔවුන් දෙපළ මරණයට පත්වූ ශ්‍රීලාල්ට ද දක්වා තිබුණේ අසීමිත ආදරයකි. ඒ ශ්‍රීලාල්ගේ තිබූ නිහතමානී ගතිගුණ හේතුවෙනි. ඒ නිසාම සෑම වර්ෂයක ම පාහේ සිය ස්වාමියා වූ බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් ශ්‍රීලාල්ගේ පවුලේ අය ව විදේශ සංචාරවලට ද යවා තිබුණේ ඔහු වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරමිනි. ඒ බව තහවුරු කරමින් ශ්‍රීලාල්ගේ බිරිය ද කියා තිබුණේ මේ මරණයට එ් යුවළ පිළිබඳ කිසිම ලෙසකින් සැකයක් නොමැති බවත් ඔවුන් අප පවුලට ඉතාම ළෙන්ගතු ව සැලකු බවත් ය.

පවුල් දිවිය ද ඉතා ම සාර්ථක ව ගත කළ ශ්‍රීලාල්ගේ මරණය ගැන සැවොම කම්පා වන්නේ ඔහු සැම දෙනා වෙනුවෙන් ම දැක්වූ සෙනෙහස නිසාය.

මරණය අනතුරකින් ද, සියදිවි නසාගැනීමකින් ද, එසේත් නැතිනම් මිනීමැරුමකින් ද යන්න නිශ්චිතවම ‍තවම තහවුරු නොවී අබිරහසක්ව පවතින හෙයින් එහි ඉදිරි පරීක්ෂණ මේ වන විට බාර දී තිබෙනුයේ නොවිසඳුණු අපරාධ විසඳීමේලා සුවිසල් මෙහෙයක් කරන කොළඹ අපරාධ කොට්ඨාසයටයි. ඒ අනුව මේ වන විට එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ උප පොලිස් පරීක්ෂක දුනුසිංහ ඇතුළු කණ්ඩායමක් සූක්ෂ්ම පරීක්ෂණයක් සිදු කරමින් සිටී.

සාමාන්‍යයෙන් නිවෙසේ රාජකාරියට උදේ 8.30ට පමණ පැමිණෙන ශ්‍රීලාල් එදින උදේ 6.45ට පමණ පැමිණ තිබූ ආකාරය නිවාස සංකීර්ණයේ සී.සී.ටීවී දසුන්වලින් අනාවරණය වේ. ඔහු එදින කලින් රාජකාරියට පැමිණ තිබුණේ එ් නිවෙසේ පැවැත්වීමට නියමිතව තිබූ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් මාළු රැගෙන ඒම සඳහා යෑමට බව ද කියැවේ. එසේම එම සී.සී.ටීවී දසුන්වලින් ශ්‍රීලාල් විසූ නිවෙසට කිසිම කෙනකු එ් කාල පරාසය අැතුළතදී ඇතුළු වූ බවට සටහන් වී නැත.

කෙසේ හෝ නිවෙසට පැමිණි ශ්‍රීලාල් මියගොස් සිටි මොහොතේ විදෙස් යුවළ ද එම නිවෙසේ හිඳ තිබේ. ඔවුන් දෙපළ සාමාන්‍යයෙන් රාත්‍රිය ගත කරනුයේ තුන්වැනි මහලේ වුවත් දහවල් කාලයේ සිවුවැනි මහලේ සිටින බවට ද වාර්තා වේ.

මරණය පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙද්දී මේ නිවෙස හා බැඳුණු තවත් පොලිස් පැමිණිල්ලක් ද පසුගිය මස 5 වැනිදා කොල්ලුපිටිය පොලිසියට ලැබී තිබිණි. ඒ මේ විදෙස් යුවළ යටතේම රියැදුරකු ලෙස සේවය කළ සිරිවර්ධන නමැත්තාගේ අතුරුදන් වීම පිළිබඳවයි. ඔහුගේ බිරිය වූ මොරටුවේ වෙසෙන තැනැත්තියක විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ තම ස්වාමියා වූ සිරිවර්ධන පසුගිය 5 වැනිදා අදාළ නිවෙසේ රාජකාරියට යන බව පවසමින් නිවෙසින් පිටව ගියත් ඔහු නැවතත් මොරටුවේ තම නිවෙසට පැමිණ නැති බවයි.

එ් අතුරුදන් වීම ද මේ වන විට උභතෝකෝටිකයකි. එ් අතුරුදන් වීමත් මේ මරණයත් අතර කුමක් හෝ සබඳතාවක් තිබේ ද යන්න ගැන පවතින සැකය ගැන ද පොලිසිය අවධානය යොමු කරමින් සිටී. එ් අතුරුදන් වූ සිරිවර්ධනගේ හුටපටයක් ගැන ශ්‍රීලාල් මරණයට පත්වීමට දිනකට පෙර ඔහුගේ බිරියට යමක් පවසා තිබූ බවට ද ශ්‍රීලාල්ගේ බිරිය පොලිසියට කියා තිබිණි. ඒ ගැන ද පොලිසිය විමසිල්ලෙන් පසු වේ. ඒ අනුව මේ මරණය තවමත් නොවිසඳුණු අබිරහසක් ලෙස පැවැතියත් තිබෙන සාක්ෂි මත නුදුරේදී ම මරණයට නිශ්චිත හේතුව අනාවරණය කරගැනීමට හැකිවෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

මේ මරණය ඝාතනයක් නම් එය නිවෙස පිළිබඳ ව ද මනා දැනුම්වත් ව සිටි අයෙක් විසින් සූක්ෂ්ම ව සිදුකොට පලා යන්නට අැතැයි සිතිය හැකිය. එහෙත් ෙම් ඝාතනය කරන්නේ කුමකටද යන්න තිර ලෙස ම අනාවරණය කරගත හැක්කේ ඝාතකයන් කොටුකර ගැනීමෙන් ම පමණී. එසේම මෙය සියදිවි හානිකර ගැනීමෙන් සිදු වූවක් ද යන්නත් බැහැර කළ නොහැකි බව පරීක්ෂණ නිලධාරීන්ගේ මතයයි.

කෙ‍ෙස් වුවත් අපරාධයක් කර සැඟවී යෑමට ෙනාහැකි නිසා ඒය ෙකදිනක ෙහා් අනාවරණය වනු අැත.

Comments