පෙර­හර වඩින මඟ කහ­ ව­තු­රෙන් හෝදලා කපුරු පත්තු කරන්නෙ හින්දු බැති­මත්තු | සිළුමිණ

පෙර­හර වඩින මඟ කහ­ ව­තු­රෙන් හෝදලා කපුරු පත්තු කරන්නෙ හින්දු බැති­මත්තු

උඳු­වප් පොහෝ දිනට පෙර දින අලු­යම් කාල­යෙහි දෙව් විම­නක තරම් උත්ස­ව­ශ්‍රී­යෙන් අලං­කෘත වුණු ගල්පො­ත්තා­වෙල රජ­මහා විහා­ර­යෙන් පළ­මුව නික්මෙ­නුයේ නල්ල­ත­න්නිය දක්වා ඇදෙන රථ පෙළ­පා­ළි­යයි. පැය විස්සක් තරම් කාල­යක් රිය පෙර­හ­ර­කද, ඉන් අන­තු­රුව තුන් පැයක පමණ කාල­යක් පාග­ම­නින්ද උඩ­ම­ළු­වට ළඟා­විය යුතු මෙම පෙර­හර නික්මෙ­නුයේ නැකත් වේලා­ව­ක­ටය. මෙවර එම නැකත යෙදී තිබුණේ දෙසැ­ම්බර් 21දා උදේ 5.20 ටය.

එම පෙර­හ­රට නිය­මිත පූජා භාණ්ඩ ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති හිමි­ය­න්ගේද, සෙසු නිල­ධා­රීන්ගේ ද අධී­ක්ෂ­ණ­යෙන් සුවි­ශේෂ රථ­යෙහි තැන්පත් කෙරෙන අතර, කර­ඬුව ඉදිරි අසුනේ වැඩම කරන ස්වාමීන් වහ­න්සේගේ සුර­තෙහි තැන්පත් කෙරේ.

කර­ඬු­වේත්, පූජා භාණ්ඩ­ව­ලත් ආර­ක්ෂා­වට ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති හිමි­යන් විසින් ස්වාමීන් වහන්සේ කිහිප නමක්ද, තේවාව භාර කපු මහ­ත්ව­රුන් දෙදෙ­නෙද නම් කරන අතර ඔවුහු ප්‍රධාන රථ­යට පිටු­ප­සින් වූ වෙනත් රථ­යක පූජා භාණ්ඩ සහ කර­ඬුව ගැන අව­ධා­න­යෙන් යුතුව ගමන් කරති. ප්‍රධාන රථ­යෙහි වැඩම කරන ස්වාමීන් වහ­න්සේට සුළු විවේ­ක­යක් ගැනී­මට අවශ්‍ය වූ විටෙක කර­ඬුව භාර ගැනී­ම­ටද, අත­ර­ම­ඟදී අන­පේ­ක්ෂිත බාධා­වක් මතු වුව හොත් පූජා භාණ්ඩ­ව­ලත්, කර­ඬු­වේත් ආර­ක්ෂාව වෙනු­වෙන් කට­යුතු කිරීම ද එම පිරිසේ වග­කී­මයි.

ඒ ඒ පරි­පා­ලන ප්‍රදේ­ශ­ව­ලදී අදාළ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාගේ අධී­ක්ෂණ නිල­ධා­රි­යෙ­කුද පෙර­හ­රට සම්බන්ධ වන අතර, සම­හර අව­ස්ථා­ව­ලදී කර­ඬුව සහ පූජා­භාණ්ඩ සහිත පෙර­හැර පිළි­ගැ­නී­මට රාජ්‍ය නියෝ­ජි­තයා ලෙස ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාද සම්බන්ධ වේ.

කෙසේ නමුදු පළ­මුව පිට­ත්වන හැටන් මාර්ග­යෙන් “දෙවි හාමු­දු­රු­වන් වැඩ­ම­වන පෙර­හර” රත්න­පුර නග­රය පසු­ක­රන තුරු බැති­ම­තුන්ගේ පුද පෙත් ලබ­න්නට ඉසි­ඹු­වක් නොදී ඉක්මන් ගම­නින් ගමන් කරයි. පෙර­හර බැති­ම­තුන්ගේ පුද­පෙත් ලැබීම් සඳහා ඉස්පා­සු­වක් ලබා­ගන්නේ රත්න­පුර හිදැ­ල්ලන හන්දි­යෙන් පසු­වය.

“දෙවැ­නි­යට පිටත් වෙන පළා­බ­ද්දල පාරෙන් දෙවි හාමු­දු­රු­වන් වැඩ­ම­වන පෙර­හර පැල්ම­ඩුල්ලේ ඉඳන් රත්න­පුර සමන් දේවා­ලෙට යන­කම් කොටසේ බැති­ම­තුන් වෙනු­වෙන් වෙන් වෙලා තියෙන නිසා හැටන් පෙර­හැර රත්න­පුර පහු­වෙ­න­කම් ඉක්ම­නින් ගිහින් එතැන ඉඳන් පෙර­හ­රක් ලෙස යනවා…” ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධී­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහතා ඒ ගැන පැහැ­දිලි කළේ එලෙ­සිනි.

හැටන් පාරේ පෙර­හැර කුරු­විට නග­ර­යට ආසන්න වන විට රත්න­පුර කොළඹ පාර එකම හිස් ගොඩකි. පාර දෙපස විවිධ සැර­සි­ලිය. පිළි­ගැ­නීම් පුව­රුය. හමු­වන ප්‍රධාන මංස­න්ධි­ව­ලද, කුඩා මංස­න්ධි­ව­ලද, කර්මාන්ත ශාලා, වෙ‍ළෙඳ ව්‍යාපාර, විහා­ර­ස්ථාන සහ කෝවිල් ඇති ස්ථාන­වල ජනයා එක් රැස් වී සිටින්නේ පෙර­හැර එන්නට දෙපැ­ය­ක­ට­වත් කලින් සිටය.

සබ­ර­ග­මුවේ සෑම වැසි­යෙක්ම “සමන් දෙවි­යන්ගේ” ඔද තෙද තදින්ම විශ්වාස කරති. මහ සමන් දෙවි­යන්ගේ ආරා­ධ­න­යෙන් බුදුන් වහන්සේ සමන්ත කූට­යෙහි සිරි­ප­තුල පිහි­ටු­වීම “සමන් දෙවි­ය­න්ටත්” එහි වැසි­යන් වූ තම­න්ටත් සිදු­කළ ගෞර­ව­යක් සේ ඔවුහු සළ­කති. එනිසා බුදු­ර­දුන්ගේ පාද­ස්ප­ර්ශ­යෙන් පාරි­භෝ­ගික ධාතු­වක් බවට පත්වූ සම­නොළ ගිර සමග තවත් එක් පූජ­නීය ස්ථාන­ය­කට එහා ගිය ආත්මීය බැඳී­මක් ඔවු­නට තිබේ. එබැ­වින් දෙවි හාමු­දු­රු­වන් වැඩ­ම­වන පෙර­හැර දා අනෙ­කුත් සාමාන්‍ය දෛනික කට­යුතු අත­පසු වීම ගැන ඔවු­නගේ පසු­තැ­වි­ල්ලක් නැත.

දෙවි හාමු­දු­රු­වන් වැඩ­ම­වන පෙර­හර වෙනු­වෙන් දන්සල් පැවැ­ත්වී­මද මෙම ප්‍රදේ­ශ­වල බැති­ම­තු­නගේ සිරි­තය. එහි පිළි­ගැ­න්වීම් සිදු­වන්නේ පෙර­හරේ පැමි­ණෙන පිරිස අර­මුණු කොට­ගෙන පම­ණක් නොවේ. පෙර­හර දකි­න්නට, එයට පුද­පෙත් දක්ව­න්නට පැමි­ණෙන බැති­ම­තු­න­ටද දන්සල් විවෘ­තය. බිස්කට්, බනිස්, වතු­ර­බෝ­තල්, සිසිල් බීම, තැම්බූ කඩල, රොටී, මඤ්ඤොක්කා වැනි ආහාර එම දන්ස­ල්ව­ලින් බෙදා දෙනු අපට දක්නට ලැබිණි.

පෙර­හ­රින් රැගෙන එන පූජා භාණ්ඩ පුද­න්නට කුඩා සමන් මල් කිහි­ප­යක සිට, කඩු­පුල් මල් දක්වා විවිධ මල් වර්ගද, පොල්තෙල් හඳු­න්කූරු ආදි­යද රැගෙන එන බැති­ම­තුන් ඒවා විශේෂ රථ­යට පූජා කරති. ඊට අම­ත­රව සමන් දෙවි­යන් වෙනු­වෙන් පල­තුරු පූජා වට්ටිද සකසා රථ­යට පූජා කොට ආශි­ර්වාද ලබා­ගනී. මැණික් කර්මා­න්තයේ යෙදෙන ව්‍යාපා­රි­ක­යන් සහ පතල් සේව­ක­යන් බොහෝ­විට පල­තුරු පූජා වට්ටි සක­සන්නේ මැණික් ගැරුම් වට්ටි­ව­ලය. එය තමන්ගේ කර්මාන්ත කෙරෙහි සමන් දෙවි­යන්ගේ ආශි­ර්වා­දය ලැබෙ­න්නට හේතු­වක් වන බව ඔවුහු විශ්වාස කරති.

ආපසු ලැබෙන පූජා වට්ටියේ වූ කැවිලි සහ පල­තුරු පෙර­හැර දැක­ග­න්නට පැමිණි බැති­ම­තුන් අතර බෙදා­දීම සිදුවේ. එම­ගින් තමන් කෙරෙහි වූ ඇස්වහ කට­වහ දෝෂ නිවා­ර­ණය වන­බව ඔවුන්ගේ විශ්වා­ස­යයි. පූජා රථයේ ගොඩ­ගැ­සෙන මල් අත­රින් රූරා බිමට වැටෙන මලක් පවා අහු­ලා­ගෙන ගෞර­ව­යෙන් තබා­ග­න්නට බැති­ම­ති­යන් කට­යුතු කරනු අපට දැක­ග­න්නට ලැබිණි.

එහෙත් මෑතක සිට රත්න­පු­රත්- කුරු­වි­ටත් අත­ර­තුර සිටින සම­හර බැති­ම­තුන් මෙම පෙර­හ­රට දායක නොවී රත්න­පුර දක්වා ගොස් පසුව පැමි­ණෙන පළා­බ­ද්දල පෙර­හැ­රට පුද පූජා දක්ව­න්නට උනන්දු වී ඇති බව අපට කීවේ කුරු­විට පදිංචි ව්‍යාපා­රි­ක­යෙකු වන ප්‍රදීප් මල්ල­වා­රච්චි මහ­තාය.

“කලින් ගියේ හැටන් පාරේ පෙර­හර විත­රයි… ඒත් දැන් අවු­රුදු කිහි­ප­යක ඉඳලා පෙර­හර දෙක තුන­කින් පූජා භාණ්ඩ උඩ­ම­ළු­වට ගෙනි­ය­න­වානේ…. එතැ­නදි සඳුන් දැව­යෙන් කරපු පිළි­මය හැටන් පාරේ පෙර­හැරේ ගෙනි­යන්නේ නෑ කියලා රාව­යක් මිනිස්සු අතර ගියා…. ඒක විශ්වාස කරපු සම­හරු රත්න­පු­රේට ගිහින් පළා­බ­ද්දල පෙර­හැ­රට පූජා තියෙ­නවා….”

අප මේ ගැන විම­සුවේ පළා­බ­ද්දල පෙර­හැරේ සංවි­ධාන කට­යු­තු­ව­ලට සහය සහ මග­පෙ­න්වීම් ලබා­දෙන තිලක් මහ­තා­ගෙනි.

“පෙර­හර වැඩි වුණා කියල හැටන් පාරේ පෙර­හැරේ සුවි­ශේ­ෂ­ත්වය අඩු කළේ නෑ… පුරාණ සමන් දෙවි පිළිම ඒ විදි­ය­ටම හැටන් පාරේ පෙර­හරේ ගෙනි­ය­නවා… අලු­තෙන් පටන් ගත් පළා­බ­ද්දල පෙර­හ­ර­ටත් පැරණි සමන් දෙවි පිළිම අර­ගෙන යනවා… අතී­ත­යේදී රාජ රාජ මහා­මා­ත්‍යා­දීන් පූජා කරපු සමන් දෙවි පිළිම ගණ­නා­වක් උඩ­ම­ළුවේ තැන්පත් වෙනවා… ඊට අම­ත­රව තවත් පූජා භාණ්ඩ රාශි­යක්…. නැක­තට කළින් මේ සියළු පෙර­හැ­ර­වල් උඩ­ම­ළු­වට ළඟා­වෙන්නේ ඒ පූජා භාණ්ඩ සිය­ල්ලම එකසේ වැද­ගත් නිසා… පළා­බ­ද්දල පාරේ පෙර­හර කළින් ගියා කියලා, හැටන් පෙර­හැර එන­කම් වන්දනා වාරේ නිල වශ­යෙන් පටන් ගන්නේ නෑ... හැටන් පාරේ පෙර­හරේ වැද­ගත් පූජා භාණ්ඩ සහ පිළිම නෑ කියන කතාව නම් බොරු­වක්…”

දෙවි හාමු­දු­රු­වන් වඩ­ම්ම­වන රිය පෙර­හර නැවැ­තුම් පොළ­වල් ගණ­නා­වක නව­ත්ව­මින් පුද පූජා සඳහා ඉඩ දෙමින් ගමන් කර­නුයේ බොහෝ සෙමිනි. රත්න­පු­රයේ සිට කිලෝ­මී­ටර දොළ­හක් ගෙවා කුරු­වි­ටට එන්නට දෙපැ­යක් ගත කළ පෙර­හර එතැන් සිට කිලෝ­මී­ටර් පහ­ළො­වක් දුරින් පිහිටි ඇහැ­ළි­ය­ගො­ඩට ආවේ දහ­වල් දොළ­හ­ටය. අවි­ස්සා­වේ­ල්ලට පෙර­හර ළඟා­වන විට වේලාව සවස තුනත් පසුවී තිබිණි.

අවි­ස්සා­වේ­ල්ලෙන් පසුව ද්‍රවිඩ හින්දු බැති­ම­තුන්ද සිය විශ්වා­ස­යන් පෙර­දැරි කර­ගෙන සමන් දෙවි පෙර­හර පිළි­ගත්හ. කහ දිය­ර­යෙන් පාර සෝදා හැරීම, පාර දෙපස කපුරු දැල්වීම, පොල් ගැසීම, දන්සල් දීම සේම පූජා වට්ටි ලබා­දී­මද ඔවුන් විසින් සිදු­කෙ­රිණි.

මෙවැනි පුද සත්කාර මැද හැටන් පාරේ පෙර­හැර සිය ගමන නල්ල­ත­න්නිය බෞද්ධ මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණෙන විට මධ්‍යම රාත්‍රි­යද පසුවේ. මෙවර එය නල්ල­ත­න්නි­යට පැමි­ණියේ පොහෝ දින අලු­යම දෙක පසුවූ විටය.

පැල්ම­ඩු­ල්ලෙන් දෙව­නුව පිටවූ පළා­බ­ද්දල පෙර­හැර ඉහත පරි­දිම පුද පූජා ලබ­මින් රත්න­පුර මහ සමන් දේවා­ල­යට ලඟාවේ. එය මෙවර ගල්පො­ත්තා­වෙ­ලින් පිට­වූයේ අලු­යම 6.20ට පම­ණය. දහ­වල් දොළ­හට පමණ සමන් දේවා­ල­යට ළඟාවූ පෙර­හැර සුවි­ශේෂ පෙර­හැ­ර­කින් පිළි­ගෙන, කර­ඬුව සහ පූජා භාණ්ඩ මහ දේවා­ලය තුළට රැගෙන යාම සිදුවේ. ඉන් අන­තු­රුව යළිත් සුබ මොහො­තින් කර­ඬුව පෙර­හැර රථයේ තැන්පත් කිරී­මට පෙර බැති­ම­තු­නට වන්ද­නාව සඳහා අව­ස්ථාව ලබාදේ.

නිය­මිත වේලා­වට දේවා­ල­යෙන් පිටත්වී මල්වල හන්දි­යට පෙර­හැ­රින් පැමිණ එතැන් සිට සිරිපා රජ මාවත දිගේ පළා­බ­ද්දල දක්වා පුද පෙත් ලබ­මින් එන එම රිය පෙර­හැර රාත්‍රී නවය පමණ වන විට සිරි­පා­ගම පසු­කොට පළා­බ­ද්දල විහා­ර­යට ළඟාවේ. එහි පුද පූජා පැවැ­ත්වී­මෙන් පසුව පාග­ම­නින් මළුව කරා පූජා භාණ්ඩ වැඩ­ම­වීම සිදුවේ.

ගල්පො­ත්තා­වෙ­ලින් අව­සා­න­යට පිටත් වන්නේ බලං­ගොඩ පාරෙන් යන පෙර­හ­රයි. පැල්ම­ඩුල්ල, බළං­ගොඩ බොල්තුඹේ, බග­ව­න්ත­ලාව හරහා නල්ල­ත­න්නි­යට එන එම පෙර­හරේ සුවි­ශේ­ෂ­ත්වය වන්නේ එය බොල්තුඹේ මහ සමන් දේවා­ල­යට පිවිස, එහි රැස්වූ බැති­ම­තු­නගේ පූජා­වට ලක්ව ගමන් කිරී­මයි. ජනා­කීර්ණ නොවූ ගැමි වතු ප්‍රදේශ හරහා පැමි­ණෙන මෙම පෙර­හ­රට පුද පූජා තබන බහු­ත­රය හින්දු භක්ති­ක­යෝය.

මෙම පෙර­හැර මෙවර ගල්පො­ත්තා­වෙ­ලින් පිට­වූයේ උදේ 7.30ට පම­ණය. එය නල්ල­ත­න්නි­යට ළඟා­වූයේ පසුදා අලු­යම පහට පම­ණය.

මෙසේ රිය පෙර­හර වෙන් වෙන්ව ගම­නා­න්ත­යට ළඟාවූ පසු ව එහි වූ පූජා භාණ්ඩ පාග­මන් පෙර­හ­රෙන් ගමන් කිරීම සිදු වේ. ඒ සඳහා ලක්ෂ­පාන යුද හමුදා කඳ­වු­රෙන්ද, කුරු­විට යුධ හමුදා කඳ­වු­රෙන්ද භට පිරිස් ලබාදේ. පේවී සුදු ඇඳු­මෙන් සැර­සෙන ඔවුහු ජව­යෙන් යුතුව, මාරු­වෙන් මාරු­වට දෝලා­වන් කර තබා ගනි­මින් වේග­වත් ගම­න­කින් උඩ මළුව වෙත ළඟා­වන්නේ නිය­මිත නැකැත් වේලා­වට පෙර සියලු පූජා භාණ්ඩ උඩ­ම­ළුවේ සුවි­ශේෂී කුටි­වල තැන්පත් කළ යුතු නිසාය.

මෙම පෙර­හැර සඳහා හේවිසි කරුවෝ දෙදෙ­නෙ­කුද සහ­භාගී වෙති. ඊට අම­ත­රව එක් එක් පෙර­හැ­රෙහි කර­ඬුව මහ පූජා භාණ්ඩ භාරව යන භික්ෂූන් වහ­න්සේලා සහ තේවා භාර­ක­රු­වෝද දෝලාව පිටු­ප­සින් ගමන් කරති. නිය­මිත රිද්ම­ය­කට භේරී වාද­නය කර­මින් යන මේ පෙර­හර උඩ­ම­ළු­වට ළඟාවූ පසු සාමාන්‍ය බැති­ම­තුන් සඳහා උඩ­ම­ළුව වැසී­යන්නේ සිරිපා වාරය ආරම්භ කිරී­මට අදාළ වතා­වත් ඇර­ඹිය යුතු නිසාය.

මෙම පාග­මන් පෙර­හැර එන මඟ දෙපස සුවඳ දුම් පූජා­වන්, කපුරු පුජා­වන්, කහ දියර ඉසිම් සිදු කරන්නේ සිරිපා පාරේ වෙළ­දාම් කර­න්නන් සහ විහා­රා­රා­ම­වල වැඩ වසන ස්වාමීන් වහ­න්සේ­ලාය.

පළ­මුව මළුව පිරි­සුදු වතු­රෙන් සෝදා හැර, කහ දියෙන්ද සෝදා, අදාළ තේවා භාර­ක­රු­වන් සහ ස්වාමීන් වහ­න්සේලා පම­ණක් නිය­මිත ඇතුල් කුටි­ව­ලට පිවිස පූජා භාණ්ඩ තැන්පත් කිරීම් සිදු­ක­රයි. එම කට­යුතු අව­සන් වූ පසුව ඇසෙන සිරිපා කඳු මුදුනේ වූ ඝණ්ටා­රයේ නාදය සමඟ සිරිපා වාරය උදාවේ. ඉන්ප­සුව වසා දැමූ දොරටු විවෘත වී බැති­ම­තුන් මළු­වට පිවි­සිම ඇර­ඹෙන අතර එතැන් සිට වෙසක් පොහොය දක්වා සිරිපා වාර­යේදී, සිරිපා මළුව බැති­ම­තු­නගේ අඛණ්ඩ වන්ද­යට පාත්‍ර වේ.

සම­නොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්ත­ර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟ­වුණු චම­ත්කා­ර­යන් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

(මෙම ගවේ­ෂ­ණය සඳහා අව­සර ඉඩ­හ­සර ලබා­දුන් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති පූජ්‍ය බෙංග­මුවේ ධම්ම­දින්න නාහි­මි­පා­ණන්ට සහ සියලු පහ­සු­කම් සපයා දුන් ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධි­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහ­තාට විශේෂ ස්තුතිය පිරි­නැමේ)

“එදා මෙදා තුළ සිරිපා පුද­බිමේ භාර­කා­ර­ත්ව­යට පත් ස්වාමීන් වහ­න්සෙ­ලාගේ වග­තුග - ලබන සතියේ…..”

Comments