AIA රක්ෂණ සමාගම සිවු වැනි වරටත් මිලියන් ඩොලර් වටමේසයේ මුල්තැනට | සිළුමිණ

AIA රක්ෂණ සමාගම සිවු වැනි වරටත් මිලියන් ඩොලර් වටමේසයේ මුල්තැනට

AIA රක්ෂණ සමාගම අඛණ්ඩව 4 වන වසරටත් මිලියන් ඩොලර් වටමේසයට (MDRT)සුදුසුකම්ලත් වැඩිම රක්ෂණ වෘතිකයින් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවට පත්වීම මහත් අභිමානයෙන් සමරයි. ජීවිත රක්ෂණ අංශයෙන් සුදුසුකම් ලැබූවන් 100ක් සහ බෑන්ක් ඇෂුවරන්ස් අංශයෙන් සුදුසුකම් ලැබූවන් 30ක් ද සමගින් 2017 වසර සඳහා MDRTසඳහා සුදුසුකම් ලැබූවන් මුළු පිරිස 130කි.මෙම ජයග්‍රහණය මගින් AIA රක්ෂණ සමාගම සතු දැනුමෙන් සහ පුහුණුවෙන් පිරි ගුණාත්මක බවින් ඉහළ රක්ෂණ උපදෙෂකත්වය පිළිබඳව මනාව පිලිබිබු වේ.

මිලියන් ඩොලර් වටමේසයේ සාමාජිකත්වය ජීවිත රක්ෂණ සහ මූල්‍යසේවා ව්‍යාපාරය තුළ විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ. එහි සාමාජිකයින්,වෘත්තීය දැනුම සහ කැපී පෙනෙන සේවාලාභී සත්කාරය යන සුවිශේෂී ගුණාංගයන් ගෙන් පිරිපුන් පිරිසකි. මෙම ජයග්‍රහණය මගින් අපගේ උපදේශකයින්ගේ වෘත්තීයභාවය සහ සේවාලාභීන් වෙනුවෙන් දක්වන ඉමහත් කැපවීම තවදුරටත් පිලිබිබු වෙනවා.

AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් බැනර්ජී පවසා සිටියේ “අපගේ ව්‍යාපාරය සියලු දෙනාගේ ජීවිත වලට සහ ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සපයමින් වඩාත් හොඳ සෞඛ්‍යාවරණයක් ලබාදෙන අතරම සුවපහසු විශ්‍රාමයක් අත්පත් කරදීමටත් සහාය වනවා යනුවෙනි.

Comments