තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

ෆර්නි රෝෂණීගෙන් වේදිකාවට මුල්තැන

ෆර්නි කියන්නේ අපේ රටේ සිටින හඬ කැවීම් පැත්තෙන් ඉදිරියෙන්ම සිටින දක්ෂ ශිල්පිනියක්. අපිට ආරංචි වුණා ෆර්නි ලංකාව අතහැර ඉතාලියට ගියා කියලා. ඇත්තටම ෆර්නි ලංකාවෙන් ගියේ ලංකාව එපා වෙලා නම් නෙමෙයි. ඇය ඉතාලියට ගිහින් තියෙන්නේඅලුත් වේදිකා නාට්‍යයක් අරන්. හැබැයි ඒ ගමන සුන්දර මතකයන් පිරුණු ගමනක් වුණු බව ඇගේ කතා බහින්ම අපිට දැනුණා. ඒ ගමනේදී සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබිලා. කොහොම හරි ඒ නිර්මාණයටත් දායක වී එහි වැඩ කටයුතු අවසන් කරලා තමයි ඇය ආපසු ලංකාවට ඇවිත් තියෙන්නේ. ෆර්නි වේදිකාවට වඩා ප්‍රේක්ෂකයන්ට ගොඩක් සමීප හඬ කැවීම් පැත්තෙන් සහ දැන්වීම් කලාව තුළින්. අපිට කිව්ව විදියට නම් ෆර්නි ඉදිරියේදී හඬ කැවීම්වලට වඩා වේදිකාවට මුල් තැන දෙන්න සුදානමින් ඉන්නවලු.


ළඟඳීම මුතු තරංගාගේ අලුත්ම වෙනසක්

මුතු තරංගා ගේ අලුත්ම වෙනසක් ළඟදීම බලාගන්න පුළුවන් වෙයි කියලා අපිට දැන ගන්න ලැබුණා. හැබැයි රංගනය පැත්තෙන් නෙමෙයි කියලා තමයි ආරංචිය. මුතු ගේ මේ වෙනස ගැන පොඩ්ඩක් අපි සොයා බැලුවා.

මුතු රංගනයෙන් ඈත් වෙන්න හදනවද?

අම්මෝ නෑ...

එහෙනම් මොකද්ද මේ ළඟදීම වෙන්න යන්නේ?

මුතූ ඒකට දිගු පිළිතුරක් දුන්නා. ඈ කියූ විදියට එයාගේ අලුත්ම ගීතය ළඟදීම එළිදක්වන්න ඇය සූදානම් වනවා. දැන් යන රැල්ලත් එක්ක එයාට ආසාවක් ඇතිවෙලා අලුත් නිර්මාණයක් කරන්න. මේ ගීතය ගයන්නේ මුතූට ලැබුණු ආරාධනවක් අනුව කියලා තමයි ඇය කියන්නේ. කොහොමහරි මේ දවස්වල ගීතය පටිගත කරලා අවසන් කරලා එහි රූප රචනාව නිර්මාණය කරමින් තමයි ඇය ඉන්නේ. කලින් ගීතයට වඩා පොඩි වෙනසක් එක්ක මෙ පාර ගීතය කරමින් අලුත්ම වෙනසක් කරන බවත් ඇය කියනවා. සජිත් ජී. චතුරංග රචනා කර ඇති මේ ගීතයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ චන්දන වල්පොළ.


2019 වසර නිරෝෂන්ට හොඳයිලු

නිරෝෂන් ඉලේපෙරුම ලබන මාසේ අනුරාධපුරේ යනවා කියලා දැන ගන්න ලැබුණා. කාලෙකට පස්සේ නිරෝෂන් ගොඩක් කාර්යබහුල වෙලා. ඒ ඔහුගේ පළමුවැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන්. අලුත් ටෙලි නිර්මාණය වන 'කර්ම' හි මුලික අදියරේ රූපගත කිරීම් අවසන් වී තිබෙන නිසා ළඟදීම විකාශනය වීමට නියමිතයි ලු. දෙවැනි අදියරේ රූපගත කිරීම් සිදු කරන්නයි අනුරාධපුරේ යනවා කියන්නේ. නිරෝෂන් ට මේ අවුරුද්ද වාසනාව ගෙනෙන අවුරුද්දක් වේවි. ඒකට තවත් හේතුවක් තියෙනවා. පළමු සිනමා නිර්මාණ අධ්‍යක්ෂණයටත් ඔන්න අත තියලා. මේ දිනවල ඔහු එහි තිර රචනය සකස් කරන්නත් කාලය යොදවනවා. ඉදිරියේදී නිරෝෂන් රංගනයට වඩා අධ්‍යක්ෂණයට මුල් තැන දෙන බවක් තමයි අපට හිතෙන්නේ. කොහොම වුණත් රසඳුන අපි හදවතින්ම සුබ පැතුම් එක් කරනවා නිරෝෂන්ගේ අලුත් වැඩ කටයුතුවලට.


පියුමි ශ්‍රීනායක මේ දවස්වල දුකෙන්

ටෙලි නිර්මණ ඔස්සේ මෑත කාලිනව ජනප්‍රිය තරුවක් තමයි පියුමි ශ්‍රීනායක. පියුමි මේ දිනවල වැඩිපුරම කාලය ගතකරන්නේ දුකෙන් බව අපට දැනගන්නට ලැබුණා. කාලයක් පියුමි රූප රචනා නිසා කලකිරීමෙන් හිටියා. හැබැයි මේ පාර ඇය දුකෙන් ඉන්නේ එහෙම දෙයකට නෙමෙයිලු. පියුමි ගේ ආදරණිය සුරතලා 'kitty' හදිසියේ අසනීප වෙලා. ඒ නිසා ෂූටින් යනවට වඩා වැඩිපුරම සත්තව රෝහල්වල කාලය ගත කරන්න සිදු වෙලා. කොහොම වුණත් මේ පාර අලුත් අවුරුද්දට අම්මයි , තාත්තයි ළඟ ඉන්නවත් බැරි වුණාලු. kitty ගේ අසනීපෙ නිසා හැමදෙයක්ම පියුමි කැප කර කරලා. පුංචි සතෙක් ගේ ජිවිතයක් වෙනුවෙන් පියුමි දුර ගමනක් පවා ගියේ නැති බව තමයි දැනගන්නට ලැබුණේ.


චන්නගෙන් අපේ රුවැත්තියකට වාසනාව

චන්න පෙරේරා රංගනයට වඩා අධ්‍යක්ෂණයට මුල් තැන දීපු දක්ෂ කලාකරුවෙක්. ඔහුගේ බොහෝ සිනමා නිර්මාණ තුළ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් හඳුන්වා දුන්නා. එහෙත් මේ පාර සිනමා නිර්මාණයේ එහෙම හඳුන්වාදීමක් සිදු වෙන්නේ නැහැ කියලා ආරංචියි. ඒකට හේතුව විදියට ඔහු කිව්වේ ' මේ පාර ලංකාවේ කෙනකුට අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා' ඔහු තීරණය කිරීම.කොහොම වුණත් ජනප්‍රිය තරු කිහිපයක්ම මේ සිනමා නිර්මාණය තුළ දකින්න ලැබෙනවලු. වෙනස්ම තේමාවක් රැගත් සිනමා නිර්මාණය ලංකාවේ කවුරුත් නොදැකපු ලස්සනම , සුන්දරම ස්ථානවල රූපගත කිරීම් සිදු කරන බවයි අපිට කිව්වේ. ඒ දේවල් බලාගන්න නම් සිනමා නිර්මාණය. ප්‍රේක්ෂකයින් අතරට එනකම් ඉන්න වෙනවා. පුංචි ළමයි වෙනුවෙනුත් ඔන්න 'එකයි දෙකයි තුනයි' කියල ළමා සිනමා නිර්මාණයක් තව මාස කිහිපයකින් එන්න තියෙනවලු. නුදුරේදීම චන්න පෙරේරාගේ අලුත් සිනමා නිර්මාණ දෙකක්ම ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන් වේවි.

 

Comments