රැඳවියන්ට පහර දුන් නිලධාරීන්ට නීති පියවර | Page 2 | සිළුමිණ

රැඳවියන්ට පහර දුන් නිලධාරීන්ට නීති පියවර

අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසකට එහි නිලධාරීන් විසින් අමානුෂිකව පහර දී හිංසනයට පත් කිරීමේ සිද්ධියේ වරදකරුවන්ට විරුද්ධව මේ සතියේ නීති පියවර ගන්නා බව අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ප්‍රථම ත්‍රිපුද්ගල කමිටු වාර්තාව‍ හෙට (21) අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය වෙත ලබාදීමට නියමිතය. ඉකුත් නොවැම්බර් 21,22 දෙදින අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසකට සිදු වූ බව කියන හිංසන සිද්ධියේ වීඩියෝ දර්ශන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අතට පත්ව, එය මාධ්‍යයට මුදාහරිනු ලැබීමෙන් මේ සිද්ධිය අනාවරණය විය.

 

Comments