උදයංගලාගේ ගම්පහ ගිණුම ගැන රහස් විමර්ශන | සිළුමිණ

උදයංගලාගේ ගම්පහ ගිණුම ගැන රහස් විමර්ශන

රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගගේ ඥාතියකුගේ (මස්සිනා) ගම්පහ ප්‍රධාන බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබන බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ සිදුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී හෙළි වූ පරිදි එම ගිණුමට මිග් ගනුදෙනුවට අදාළ විදේශීය සමාගම් කීපයකින්ම ඩොලර් මිලියන ගණනක මුදලක් ලැබී ඇති බවද හෙළි වේ. එම මුදල් නැවතත් විදේශයකට ප්‍රේෂණය වී තිබෙන බවත් මේ අයථා ගනුදෙනුවට අදාළ විදේශීය රාජ්‍යයන් 15ක්ද පරීක්ෂණයක් අරඹා ඇති බවත් අනාවරණය වේ.

මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වූ සමාගම් මඟින් හිටපු රුසියානු තානාපතිවරයා සහ ඔහුගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් රැසකටම විශාල මුදල් ප්‍රමාණයක් අයථා ලෙස ලැබී ඇති බවත් ඊට අදාළ මූල්‍ය විමර්ශනයේදී කරුණු හෙළි වෙමින් තිබෙන බවකි. ඒ අනුව උදයංග ඇතුළු ඥාතින් විශාල මූල්‍ය වංචාවක් මෙයින් සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ගවලින් හෙළි වේ.

 

Comments