අල්විස් - අලස් අනුස්මරණ ශූරතාව | සිළුමිණ

අල්විස් - අලස් අනුස්මරණ ශූරතාව

ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ටතම අධ්‍යාපනඥයන් දෙදෙනෙකුවන නෙවිල්ද අල්විස් සහා රැල්ෆ් අලස් යන මහත්වරුන් අනුස්මරණය කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පාපන්දු තරගාවලියක් මෙම මස 26 වැනිදා රත්මලාන ගේට්වේ විද්‍යාලයීය නව පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු සම්පාදනය කර ඇත.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ 20න් පහළ පිරිමි පාපන්දු කණ්ඩායම හා ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 20න් පහළ පිරිමි කණ්ඩායම අතර නෙවිල් ද අල්විස් සහ රැල්ෆ් අලස් අභියෝගත කුසලානය වෙනුවෙන් මෙම තරගය පැවැත්වීමට නියමිතය. පළමු වරට 26වැනි දා සවස 6.00ටය අභිනවයෙන් රත්මලාන ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉදිකරන ලද නව පාපන්දු පිටියේදී විදුලි ආලෝකය මැද පැවැත් වීමට නියමිතය මෙම තරගය දෙවිදුහල් අතර වාර්ෂිකය සංවිධානය කිරිමට ද විද්‍යාල දෙකේම සංවිධායකයන් කටයුතු සංවිධානය කර ඇත.

26වැනිදා දිනය පුරාවට පැවැත්වෙන මෙම වැඩසටහනේදි ප්‍රධාන තරගයට සමගාමීව සුහඳ පාපන්දු තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ලෙස ගල්කිස්න සාන්ත තෝමස් විද්‍යාලයේ 14න් පහළ බාලක පාපන්දු කණ්ඩායම හා ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලයේ 14න් පහළ බාලක කණ්ඩායම අතර තරගයකින් ආරම්භ වෙයි. දෙවන තරගය ලෙස කොළඹ විශාඛා විද්‍යාලයේ 20න් පහළ බාලිකා කණ්ඩායම හා ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 20න් පහළ බාලිකා කණ්ඩායම අතර සුහද තරගයක්ද සමන් විත වෙයි.

වයස අවුරුදු 14න් පහළ තරගය සහ වයස අවුරුදු 20න් පහළ බාලිකා සුහද තරගය මිනිත්තු 20 අර්ධ දෙකක් බැගින් වන පරිදි මිනිත්තු 40ක සම්පූර්ණ කාලයක් සඳහා ක්‍රීඩා කරනු ලබන අතර නෙවිල් ද අල්විස් සහ රැල්ෆ් අලස් අභියෝගතා කුසලානය වෙනුවෙන් පවත්වන වයස අවුරුදු 20න් පහළ තරගය මිනිත්තු 35 අර්ධ දෙකක් බැගින් වන පරිදි මිනිත්තු 70ක කාලයක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. එම සැම තරගයක දීම එක් කණ්ඩායමකට ක්‍රියාත්මක කළ හැකි උපරිම ක්‍රීඩකයින් ආදේශ කිරීම් ගණන 5ක් වන අතර සියලුම තරග ජාත්‍යන්තරව පිළිගත් පාපන්දු නීති රීති යටතේ පවැත්විමට සංවිධායකයන් කටයුතු සම්පාදනය කර ඇත‍.

දක්ෂතම ක්‍රීඩකයා, හොඳම ගෝල රකින්නා සඳහා පමණක් නොව තනි තනිව දක්වන දක්ෂතාවයන් අගයමින් පදක්කම් හා සහතික පත් ප්‍රධානය කිරිමට සංවිධායකයන් කටයුතු සම්පාදනය කර ඇති අතර ප්‍රධාන තරගයේ ජයග්‍රහකයන් උදෙසා නෙවිල් ද අල්විස් සහ රැල්ෆ් අලස් අභියෝගතා ශූරතාව ප්‍රධානය කිරීමට නියමිතය.

ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පසුගිය දා පැවැති වයස අවුරුදු 20න් පහළ අන්තර් ජාත්‍යන්තර පාසල් පාපන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනිමට සමත් වු අතර අනෙක් පසින් සාන්ත තෝමස් විද්‍යාලය පසුගිය වසර අවසානයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවැත්වු වාර්ෂික පාපන්දු තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

Comments